• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

97 අත්තම්මයි 27 කුමුදුමාලියි අපි හැමෝටම කියලා දුන්න උගත්කමේ පාඩම! Sri Lanka Latest News

September 1, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
97 අත්තම්මයි 27 කුමුදුමාලියි අපි හැමෝටම කියලා දුන්න උගත්කමේ පාඩම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උපාධි උත්සවයක් කියලා කියන්නේ අධ්‍යාපනයෙන් ඉහළටම යන්න උත්සාහ දරන කෙනකුගේ ජීවිතයේ හීනයක්. අමතක නොවන දවසක්. උදාවෙන තුරු පෙරුම් පුරාගෙන බලාපොරොත්තු දල්වාගෙන ඉන්න දවසක්. ඒ සුන්දර දවස උදාකර ගත්ත සුවිශේෂ කාන්තාවක් ගැන කතාවක් අපට අහන්න ලැබුණා. අපට ඇය සුවිශේෂ චරිතයක් වෙන්නේ තරුණ විය, මැදිවිය කියන වයස් කාණ්ඩ දෙකම ඉක්මවලා ජීවිතයේ සැඳෑ සමය ගෙවන 97 හැවිරිදි අත්තම්මා කෙනකු වීම නිසයි. (Sri Lanka Latest News)

කැලණිය විශ්වවිද්‍යාලයේ 143 වැනි උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ පසුගිය 21 වැනිදා. එදින බෞද්ධ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත්තේ මම ඉහතින් සඳහන් කළ 97 හැවිරිදි අත්තම්මා විසින්. ඇය නමින් ලීලාවතී ඇසිලින් ධර්මරත්න මහත්මියයි. ඇය සිය උපාධිය ලබාගත්තේ විශ්වවිද්‍යාලයේ කුලපති, කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත ස්වාමින්වහන්සේ අතින්.

ඇසිලින් ධර්මරත්න මහත්මිය 2021 වර්ෂයේදී ගෞරව සම්මානයක් සහිතව පාලි භාෂාව පිළිබඳ විභාගය සමත් වුණා. 2023 වර්ෂයේදී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ඇය ලබාගත්තා. මෙවැනි වයෝවෘද්ධ මාතාවක් මේ තරම් ඉහළට ඉගෙනගන්නවා කියන එක මොන තරම් පුදුමසහගත දෙයක්ද? මේ වයසට එනකොට බොහෝ දෙනෙක් හිතන්නේ තවත් මොකටද මහන්සි වෙලා ඉගෙන ගන්නේ කියලා. වර්තමානයේ වයෝවෘද්ධ මවුපියවරුන්ගේ මතක ශක්තිය දුර්වලයි. ශරීරත් දුර්වලයි. නමුත් ඇසිලින් ධර්මරත්න මහත්මිය ඒ සියලු දුර්වලතා මැඬගෙන ඇය සතු අසීමිත කැපකිරීම වගේම ආත්ම විශ්වාසය තුළ පිහිටලා තම උපාධි සිහිනය සැබෑ කරගත්තා. ඇය ඒ සඳහා වයස බාධාවක් කරගත්තේ නැහැ.

1923 වර්ෂයේ උපන් ධර්මරත්න මහත්මිය 1946 වසරේදී ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ඉන් ඉහළින්ම සමත් වුණා. කලක් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙසද සේවය කළ ඇය පසුව නොතාරිස්වරියක් වීමේ ඉලක්කය හඹාගෙන යනවා. ඒ අනුව 1962 වර්ෂයේදී නොතාරිස්වරුන්ගේ සම්මේලනයේදී එම විභාගය සමත්වූ ප්‍රථම කාන්තාව ලෙස ඇය සම්මානයට පාත්‍ර වුණේ සිය ධෛර්යය සහ ඉගෙනීමට ඇති උනන්දුව රටටම හෙළි කරමින්.
ඇසිලින් ධර්මරත්න මහත්මිය සිය අධ්‍යාපන ගමන් මඟ පිළිබඳ පවසා සිටියේ මෙවැන්නක්.

‘අපේ පවුලේ නොතාරිස්වරයෙක් හිටියා. නෑදෑකමට අපේ මාමා. එයා මට කිව්වා දරුවෝ උඹට ඉගෙන ගන්න පුළුවන්නේ. ඉතින් නොතාරිස්වරියක් වෙන්න කැමැති නැද්ද කියලා. මම ඒ අනුව විභාගයට යනකොට පතාක යෝධයෝ වගේ අය හිටියේ. ලොකු සිංහල උගත්තු. මම එතකොට අවුරුදු 21ක පුංචි කෙල්ල. නමුත් විභාගේ ප්‍රතිඵල ආපුවාම මම ඒ අය අභිභවලා පළමු තැනට ආවා…’

‘මම සියලු දේම උත්සාහයෙන් කරගෙන ගියා. මට හිතුණා කරන්න බැරි දෙයක් නැහැ, ඒකට වයස බාධාවක් නෙවෙයි කියලා. අද මම ඒ උත්සාහය නිසාම තමයි බෞද්ධ ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නේ. ඉදිරියටත් මම තව ඉගෙන ගන්නවා….’

‘මම හිතන්නේ අධ්‍යාපනය කියන්නේ ජීවිතයම තමයි. අපේ ජීවිත කාලය අල්පයි. ඒ කාලය නිකරුණේ ගතකරන්න හොඳ නැහැ….’

ඇය සෑම විටම අන්‍යයන්ට පෙන්වා දුන්නේ ඉගෙනීමට වයස බාධාවක් නොවන බවයි.
ලීලාවතී මහත්මිය විවාහ වී වසර 7ක් ගතවෙද්දී ඇගේ ස්වාමිපුරුෂයා මියයනවා. ඉන් පසු දියණිවරුන් සිවුදෙනෙක් සමග ඇය තනිවෙනවා. නමුත් ඇය කවදාවත් අධෛර්යවත් වුණේ නැහැ. ඇය අනන්ත දුක් විඳිමින්, කැපකිරීම් කරමින් සිය දියණිවරුන් සිවුදෙනාම උපාධිධාරිනියක් බවට පත්කළා. ඇගේ වැඩිමල් දියණිය ධම්මිකා ජයලත් වෛද්‍යවරියක් ලෙසත්, දෙවැනි දියණිය සමුද්‍රා ජයලත් ඉංජිනේරුවරියක් ලෙසත්, තෙවැනි දියණිය ඉන්දුනිලා ජයලත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිධාරිනියක් ලෙසත් සිවුවැනි දියණිය මනෝහාරි ජයලත් නීතිඥවරියක් ලෙසත් මේ වනවිට කටයුතු කරනවා. පසුගිය 21 වැනිදා පැවැති ඇගේ උපාධි ප්‍රදානෝත්සවයට ඇය පැමිණ සිටියේ තම උගත් දියණිවරුන් සිවුදෙනාද කැටුවයි. දියණිවරුන්ද උපාධි ලෝගුවෙන් සැරසී මෙම අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයක් වගේම ඇයට ආඩම්බරයට කරුණක්ද වුණා.

ඇස්ලින් ධර්මරත්න මාතාව 97 හැවිරිදි වියේදී මේ තරම් ඉහළට ඉගෙනගෙන, අධ්‍යාපනයට වයස බාධාවක් නොවන බව ලොවටම හඬගා කියද්දී ඊට සමාන තවත් වටිනා පුවතක් අපට අසන්නට ලැබුණේ පේරාදෙණිය සරසවියෙන්. එක වතාවක් නෙවෙයි අටවතාවක්ම එකම නම උපාධි ප්‍රදානොත්සවයේදී මහචාර්යවරයා විසින් ප්‍රකාශ කරනවා. ‘කුමුදුමාලි W.U……’ ඇය පශු වෛද්‍ය විද්‍යාවේදී යූ. උදේනි කුමුදුමාලියි. හරියටම විනාඩි 3යි තත්පර 26ක් මේ නම කියන්න මහචාර්යවරයාට සිදුවෙනවා. ඇය වසරේ දීප්තිමත්ම සහ දක්ෂතම ශිෂ්‍යාව බවට පත්වෙනවා. මහවැලි ගම කියන ඈත පිටිසර ගමකින් පේරාදෙණිය සරසවියට ඇවිත් රන් පදක්කම් 8ක් සමග පළමු පෙළ සාමාර්ථයක් දිනාගන්නවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ ජයග්‍රහණය පුදුමාකාරයි. සමාජ මාධ්‍යයේ ඇය මේ ජයග්‍රහණය හිමිකරගන්නා වීඩියෝව විශාල වශයෙන් හුවමාරු වුණා.

මේ පදක්කම් 08 වටින්නේ අපේ රටටයි. රටේ අනාගතයටයි. මේ තමයි නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලය. ඇය සාමාන්‍ය පෙළින් උසස් පෙළට ඇවිත් උසස් පෙළ කරලා ගමේ අය විහිළු කරනකොට ගේම් එක අත්හරින්නේ නැතිව පේරාදෙණියට ගියා. ඇය කැම්පස් එකේ තියෙන පොතේ පිටිපස්සේ තිබ්බ ගෝල්ඩ් මෙඩ්ල් පින්තූර ගෙදර බිත්තියේ ගහගෙන හිතුවේ මේ Scholarships ඔක්කොම මම දවසක ගන්නවා කියලයි. එහෙම හිතුව කුමුදුමාලි ඒ සිහිනය වෙනුවෙන් වැඩ කළා. කුමුදුමාලි පේරාදෙණිය සරසවිය පමණක් නෙවෙයි අපේ හිතුත් සොරාගත්තා.

ඇය ලියපු ෆේස්බුක් සටහනක මෙහෙම වදන් පෙළක් දැකගන්න ලැබුණා.
‘ඉතාම දක්ෂ batch එකක අති විශිෂ්ට දක්ෂයා වීම ගැන නිහතමානීව සතුටු වෙමි. විටෙක මේ ජීවිතය හරිම කර්කශයි. විටෙක දයාබරයි. තවත් විටෙක හරිම රළුයි. අපි සතුටු වෙන්නේ අපේ ජීවිතවලට ලැබුණු දේවල්වලට විතරයි. අපි හොයන්නේ එහෙම හිත් විතරමයි. බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ කොහොම ජීවිත ලැබුණත් අපේ ජීවිතවල සතුට සෙවිය හැකි බව. මායිම් ගම්මානයක ඉඳන් ජීවිතය ගැටගහගන්න වෙර දැරුවාට අයින්ස්ටයින් කෙනෙක් වෙන්න හීනයක් තිබ්බා. ඉතින් ඒ හීනය බොරළු එක්ක ගලාගෙන ගියා. වැටෙන වාරවල බොරළුවල හැපි හැපී තනියෙන් නැගිට්ටා. වාර ගණන් ඒ ලෙවල් කළා. ඉගෙන ගන්න සල්ලි ජොබ් කරලා සොයාගත්තා. මිනිස්සු එක එක කතා කිව්වා. අත්හැරියා අවමන් කළා. තවම ඔතනද ඇහුවා. එදා මහවැලිගම ඉස්කෝලෙන් වැඩිම O/L Results තිබ්බේ මට. වසර ගණන් A/L කළ මට පේරාදෙණිය සරසවිය අස්වැසිල්ලක් වුණා…’

‘මම ඇතුළත් වුණේ Vet faculty එකට. හිතුවාටත් වඩා දේවල් මට දුන්නා. Language එකක් දන්නේ නැති මම හිටියේ ගාම්භීරව. කැම්පස් ආව මුල්ම දවසේ ස්ටේජ් එකට නැගලා කතාකරපු අක්කාගේ කතාව අහලා මමත් හිතුවා එහෙම වෙන්න ඕනේ කියලා. මාස 03ක් කරකියා ගන්න බැරිව ගෙවුණා. දුෂ්කර ආර්ථිකය එක පැත්තකින් වද දෙද්දී අයින්ස්ටයින්ගේ මතකය තව පැත්තකින් අඬගසද්දී එහෙට මෙහෙට දෝලනය වෙන මගේ හිත පාලනය කරගන්න මට අමාරු වුණා. අහිංසක හීන ටිකෙන් ටික දරුණු වුණා. හැම අවුරුදුදේම Batch top වෙන්න ඕනේ කියලා හිතාගත්තා. මගේ හීනෙට මම තනියම යනවා කියලා අධිෂ්ඨාන කරගත්තා. නිදි වරපු වාර අනන්තයි. පුස්තකාලය මගේ හොඳම යාළුවා වුණා. ඒ යනකොට දරුණු හිත් රිදීම් එක්ක ප්‍රතික්ෂේප වීම් ගොඩකට මුහුණ දෙන්න වුණා. කැපිලි කෙටිලි අනන්තයි. ඒවා ජීවිතයට ආශීර්වාදයක් කරගත්තා. හැඩිවෙච්ච ජීවිතයට ගෞරවාන්විත Recoganition එකක් මම උපයා ගත්තා. දන්නවාද මට හිතෙන දේ? මේ ලෝකේ අපිට කරන්න බැරි දෙයක් නැහැ. හිත ඇත්නම් පත කුඩාද? සැබෑ කරගන්න ඕනේ හීනයක් එක්ක ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න අපට පුළුවන්. උත්තරීතර අධිෂ්ඨානයක් නොපසුබට උත්සහයක් අවශ්‍යයි. එතකොට ඉරණමත් දෛවයත් වාසනාවත් බයිලාවක් විතරයි. ඔබ කවුරු වුණත් ඔබ ඔබට ආදරය කරන්න. ඔබ රාමුවකට කොටු නොවන්න. ඉලක්කයක් හඹා ජයගන්න. ජීවිතය දිනන්න කැම්පස් යන්නම ඕනේ නැහැ. අපට ලැබුණු දුර්ලභ මනුෂ්‍යත්වය තේරුම්ගන්න. ජීවිතයට අරුතක් දෙන්න. ආපසු හැරිලා බැලුවාම පසුතැවීම් නොවන විදියට ජීවත් වෙන්න…’

ඈ සැබෑවටම අධිෂ්ඨානය කරාම ළඟා වුණා. කුමුදුමාලිගේ නම මහාචාර්යවරයා විසින් අවස්ථා අටකදී කිව්වේ ඇය හිමිකරගෙන තිබූ මෙන්න මේ ජයග්‍රහණ හේතුවෙනුයි.

  1. Veterinary Medicine & Animal Science – Gold medal
  2. St. Fernando memorial prize for Excellence Veterinary Parasitology
  3. Gold medal for Excellence Veterinary Pathology
  4. Sivalingam Mahalingam Gold Medal for Excellence in Veterinary Microbiology
  5. St. Fernando Memorial Gold Medal for Excellence in Veterinary Medicine
  6. Medicine and Animal Science
  7. Arunachalam Chinnaiah Gold Medal for Best Performance in BVSc Degree
  8. V. Ajantha Horadagoda Memorial Gold Medal for Excellence in Biochemistry

බලන්න ඇය දිනාගත් මේ සම්මාන පදක්කම් දිහා. ඇය කොයි තරම් උත්සාහවන්ත දක්ෂ තරුණියක්ද? අනේකවිධ අඩුපාඩු තිබුණත් ඒ සියල්ල තම ධෛර්යය තුළින්ම මඟහැරගෙන තම අරමුණ ජයගන්න තරම් ඇය කොයි තරම් ශක්තිමත් ආත්ම විශ්වාසයක් සහිත කෙනෙක් වෙන්න ඕනෙද? අපිට ඇය ගැන පුදුම නම් කුමුදුමාලිගේ අම්මාට තාත්තාට ඇය ගැන කොයිතරම් සතුටක් ඇතිද?

මේ තරම් දස්කම් දක්වපු උදේනි කුමුදුමාලි දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය හදාරනවා. උපාධිය ලබාගැනීමට ඇය පසුගියදා දිවයිනට පැමිණ, නැවත ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණා.

අපි මුලින් සඳහන් කළ ලිලාවතී ධර්මරත්න මහත්මිය 97 හැවිරිදි වියේ පසුවුණත් ඇය ඇගේ අධ්‍යාපන සිහිනය ජයගත්තා. තමන්ගේ දියණිවරුන් සිවුදෙනාම උපාධිධාරිනියන් බවට පත්කළා. ඒ දියණිවරුන්ට තමන්ගේ අම්මා ගැන කොයි තරම් ආඩම්බරයක් ඇතිද?

අපි ඉහතින් සඳහන් කරපු දිරිය කාන්තාවන් දෙදෙනාම මේ ජයග්‍රහණ අත්පත් කරගත්තේ ආවාට ගියාට ඔහේ බලාගෙන ඉඳලා නම් නෙවෙයි. ඒ වෙනුවෙන් අනන්ත කැපකිරීම් කරලයි. අධිෂ්ඨානය වෙනුවෙන් දැරූ මහන්සියේ ප්‍රතිඵලයක් විදියටයි ඔවුන් දෙදෙනාම ජීවිත ජයගත්තේ. ඒ ජයග්‍රාහී ජීවිත අපි හැමෝගෙම ජීවිතවලට ආදර්ශයක් කරගන්න තරම් වටිනවා. පුංචි පුංචි අඩුපාඩු ගැන හිතමින් පසුගාමී ආකල්පවලින් හිත් පුරවගත්තු පරාජිත චරිතයක් නොවී ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් අධිෂ්ඨානශීලීව ඉදිරියට යන්න ලීලාවතී ධර්මරත්න මාතාවත්, උදේනි කුමුදුමාලිත් ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න කියලා හැම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඉතා ආදරෙන්.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

‘Eco Label : විශිෂ්ට පරිවර්තනීය වෙනසක් සඳහා සම්බන්ධ වන්න’ පිළිබඳ විද්වත් කතිකාව!

Next Post

මේ පාර කවුද දිනන්නේ? 94 ඉඳන් හරියටම ගණන් හදලා කියපු ගණිතයාගේ 2024 ගණන් හැදිල්ල! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.