මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා හේතුවෙන් මෙවර චීනයේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් (වින්ටර් ඔලිම්පික්) තරගාවලිය වර්ජනය කිරීමට ලොව බොහෝ රටවල රාජ්ය නායකයන් තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඊට සහභාගී වන බවට මේ වනවිට තහවුරු කොට ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇතුලු චීනයට හිතවත් රටවල් කිහිපයක රාජ්ය නායකයන් පමණි.
ඒ අනුව පසුගිය කාල වකවානුව පුරාම චීනය සමග සමීප සබධතාවක් පවත්වාගෙන යන ලංකාව එම උළෙලට සහභාගී වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බවක් දැකගන්නට තිබේ.
මෙම උළෙල පෙබරවාරි 04 වැනිදා සිට 20 වැනිදා දක්වා චීනයේ බීජිං නුවර පැවැත්වීමට නියමිතය.
චීන රජය විවේචනය කිරීම හේතුවෙන් ලෝ ප්රකට චීන ටෙනිස් ක්රීඩිකා පෙන්ග් ෂුආයි හදිසියේම අතුරුදන් වීම ඇතුලු මානව හිමිකම් කඩවීමේ සිදුවීම්වලට විරෝධය පළ කරමින් මෙසේ ලෝක නායකයන් චීන ඔලිම්පික් උත්සවය වර්ජනය කිරීමට පියවර නෙ ඇත.