13 වන සංශෝධනයට එරෙහිව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් පොන්නම්බලම් මහතා යාපනයේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.
එහිදී පොන්නම්බලම් මහතා පෙන්වා දුන්නේ 13 වන සංශෝධනය දෙමළ ජනතාව විසින් මේ වනවිට ප්‍රතික්ෂේප කර තිබියදී ඇතැම් දෙමළ පක්ෂ ඉන්දියාවට ලිපි යවමින් 13 වන සංශෝධනය බලාත්මක කරන ලෙස ඉල්ලා සිටීම පිළිගත නොහැකි බවකි.
ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනයට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා හැර අනෙකුත් දෙමළ මන්ත්‍රීවරුන් පක්ෂ වීමට සූදානමින් සිටින බවට චෝදනාවක්ද ඒ මහතා විසින් එල්ල කළේය.