මිනීමරු ලේවැකි ඉතිහාසයක් ඇති රාජපක්ෂ ආණ්ඩුව අද යලිත් ඒ ත්‍රස්තවාදී පන්නයේ සුපුරුදු පිළිවෙතට ඇතුල් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එදා උගන්ඩාවට වතුර දීපු රාජපක්ෂ ආණ්ඩුව, රතුපස්වල වතුර ඉල්ලපු අපේ මිනිස්සුන්ට වෙඩි තිබ්බ ආණ්ඩුව, එදා භූමිතෙල් ඉල්ලපු ධීවරයින්ට වෙඩි තිබ්බ ආණ්ඩුව අද නැවත ඉතිහාසය ලියමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ලලිත්, කූගන් වගේ තරුණයො අතුරුදන් කළේත්, ලසන්තලා මහ දවල් ඝාතනය කළේත් මේ ආණ්ඩුව බවද පැවසීය.
මේ බියගුලු ප්‍රහාරය පිලිබදව විශ්‍රාමලත් විනිසුරුවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හරහා වහාම පරීක්ෂණයක් කළයුතු බවත් අදම පක්ෂ නායක රැස්වීමකට ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්, පොලිස්පති, ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කැඳවිය යුතු බවත් විපක්ෂ නායකතුමා ඇසීය.










