පසුපෙළ මන්ත්‍රීවරුන් 8 දෙනකු ඊයේ දිනයේදී විශේෂ ලිපියක් රැගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට පියවර ගෙන ඇත.
උඩරට නියෝජනය කරන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු ඒ සදහා නායකත්වය ගෙන ඇති බව දැනගන්නට ඇත.
මෙම ලිපිය මගින් අගමැතිවරයාට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.
යම් හෙයකින් අගමැතිවරයා ඉල්ලා අස්නොවන්නේ නම් අකැමැත්තෙන් හෝ විශ්වාසභංගයට පක්ෂ වීමට තමන්ට සිදු වනු ඇති බවද එම පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද පැවසේ.










