• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුද මේ ප්‍රේමදාස? මොනවද කළේ රටට? පෝස්ටරයක් නෙවෙයි කියවිල්ලක්! Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
කවුද මේ ප්‍රේමදාස? මොනවද කළේ රටට? පෝස්ටරයක් නෙවෙයි කියවිල්ලක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රණසිංහ ප්‍රේමදාස මහතාගේ වසර පහළොවක (1978 – 1993) පමණ ජාතික මෙහෙවර නිමවී, දශක හතරක් ගෙවීගියද, අදද මෙරට බහුතර ජනතාව අද ප්‍රේමදාස හිටියා නම් රට තුළ මෙවන් තත්ත්වයක් ඇති නොවන බව පවසයි. දශක එකහමාරක ප්‍රේමදාස මෙහෙවර, දශක හතරක නිමාවේදීත් ජනතා මතකයේ මෙලෙසින් රැඳීමට සැබෑ හේතුව කුමක්ද? (Sri Lanka Latest News)

මෙරට බහුතර ජනතාව සැබෑ ලෙසින්ම අද මෙන් එදාත් දුප්පත් විය. ඔවුන් සමාජ තීරකයින් බව නිවැරැදිව තේරුම්ගත් ප්‍රේමදාස මහතා, වෙනත් දේශපාලන නායකයින් මෙන් මෙම ජනතා දුප්පත්කම සිය දේශපාලනික වාසිය සඳහා දායක කරගැනීම වෙනුවට, ජනතාව හිමිකරගත් මෙම දුගී බව මුලින් උගුලා දැමීම සඳහා තමන් ක්‍රියාත්මක කළ සියලු සංවර්ධන කාර්යයන් දායක කරගනු ලැබීය.

1978 වසරින් ඔහු ඇරඹී උදාගම් ව්‍යාපාරය තුළින් අපේක්ෂා කල නිවහනක හිමිකම ලබාදීම තුළින් ගම නගරය හා වතුකරයේ ජනතාවගේ දුගීභාවය නැති කිරීමේ ප්‍රයත්නය සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස, ඔහු ඒ අත්දැකීම් සමගින් නිවාස ලක්ෂය, නිවාස දසලක්ෂය නිවාස පහොළොස් ලක්ෂය වැනි ජාතික නිවාස වැඩසටහන් මෙරට පළමු වරට සාර්ථකව ක්‍රියාත්මක කළ අතර, රාජ්‍ය සංවර්ධන වැඩසටහනක් සඳහා ජනතා සහභාගීත්වයක් හිමිවීම හේතුවෙන් එකී වැඩසටහන් වඩාත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළහ.

මෙවන්වූ ජනසහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහනක් ලොව සෙසු රටවලද ආදර්ශයක් වූ හෙයින් ‘1987 ජාත්‍යන්තර නිවාස වසර’ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කොට සිය ශ්‍රී ලාංකික අත්දැකීම ලොවට විදහා දැක්වීය.

මෙරට බහුතර දුප්පතුන්ට බෙහෙවින් සමීපවූ ප්‍රේමදාස මහතා ජනතාවගේ සැබෑ දුප්පත්කම ඔවුනගේ දායකත්වයෙන් ඉවත් කිරීමේ සාර්ථක ප්‍රයත්නයක නිරතවූ අතර, නැති බැරි ජනතාව ඇති හැකි ජන කොටසක් බවට පත්කිරලීමේ ‘ජනසවිය’ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
එදා අද කාලපරිච්ඡේදය තුළදී මෙරට දුප්පත්කම දුරුකිරීම උදෙසා විවිධ වැඩසටහන් දියත් කළද, දෙස් විදෙස් විද්වතුන් හැම පිළිගැනීම වූයේ ජනසවිය වැඩසටහන සැබෑ ලෙසින් දුප්පත්කම දුරුකිරීම සඳහා දායකවූ වඩාත් සාර්ථක වැඩසටහන බවයි.

ජනතා දුප්පත්කම මෙන්ම රටේ දුප්පත්කම දුරුකිරීම මෙරට සංවර්ධනය අත්‍යාවශ්‍ය බව වඩාත් නිවැරැදිව තේරුම් ගත් ප්‍රේමදාස මහතා, ගමේ තරුණ ශ්‍රම දායකත්වයෙන් කොළඹ නගර තදාසන්නයේ ස්ථාපිතවූ ඇඟලුම් කම්හල් වෙනුවට, ඒ සඳහා ශ්‍රමදායකත්වය ලබාදුන් තරුණ ශ්‍රමිකයන් ජීවත්වූ ග්‍රාමීය හා උප නාගරික ප්‍රදේශ තුළ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් මෙරට ආර්ථිකයේ කැපීපෙනෙන සංවර්ධනයක් විය.
ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පෙන්නුම් කරන ආකාරයකට ඇඟලුම් කම්හල් වැඩසටහනේ ආ‍රම්භක 1988 වසරේ 21.1%ක්ව පැවති විදෙස් විනිමය ආදායම් ප්‍රතිශතය, මෙම ඇඟලුම් කම්හල් 200 වැඩසටහනත් සමගින්, 1993 වසරේදී 26.6%ක වාර්තාගත වර්ධනයකට හිමිකම් කීය. මෙය මෙරට ඉතිහාසයේ විනිමය ආදායමේ වඩාත් වර්ධනීය අවස්ථාවක් ලෙසින් ආර්ථික විද්වතුන් පෙන්වා දේ.

ප්‍රේමදාස මහතා සැබෑ ලෙසින්ම එදා අද මෙන්ම හෙට දිනය පිළිබඳ මැනවින් දුටු තුන්කල් දක්නා නායකයා ලෙසින් අයෙකු හඳුන්වා දේ. ජනතාවගේ සංවර්ධන අවශ්‍යතාවන් ඉටුකිරීම උදෙසා එදා පැවති යල්පිනූ ආයතනික ව්‍යුහය නොගැළපෙන බව හොඳින් දුටු ප්‍රේමදාස මහතා, සිය රජයේ වේගවත් ජනතා මෙහෙවර උදෙසා නව ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීමට පසුබට නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙසින් 1979 වසරේ, මෙරට දීපව්‍යාප්ත නිවාස සංවර්ධන වැඩසටහන දියත් කිරීම උදෙසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, 1978 වසරේ නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම, දකුණු ආසියාවේ මුල්වරට මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කිරීම සිදුවිය.

කොළඹ නගරය ඇසුරේ තම දිවිපෙවෙත ගෙවූ ප්‍රේමදාස මහතා, සිය අසල්වැසි කොළඹ නාගරික ජනතා ජන්මභූමියේ යහපත උදෙසා නිරතුරුව කටයුතු කළේය. නිවාස හා දේපළ නීති සීමාවන්ට අනුකූලව අවම පහසුකම් යටතේ කොළඹ නගරයේ පැල්පත් හා තාවකාලික නිවාසවල ජීවත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට, සීමිත බිම් කොටසක අයිතිය සමගින් නිවසක හිමිකම ලබාදීමට ඔහු විසින් කටයුතු කළ අතර,මෙම ක්‍රියාදාමය හේතුවෙන් කොළඹ හා අවට නාගරික ප්‍රදේශ තුළ පැවැති දහස් සංඛ්‍යාත පැල්පත් හා තාවකාලික නිවාස වෙනුවට ජනතා සහභාගීත්වයෙන් නිර්මාණයවූ, අඩු පහසුකම් ජනාවාස සැලසුම්සහගත ලෙසින් කොළඹ නගරයේ නිර්මාණය විය.

ග්‍රාමීය නිවාස ගැටලුව විසදීම සඳහා දිවයින පුරා උදාගම් නිර්මාණය කිරීමට සමගාමීව ප්‍රේමදාස මහතා විසින් කොළඹ නගරය හා ඒ අවට මැදි ආදායම් නාගරික ප්‍රජාව උදෙසා මාලිගාවත්ත, මැනිං ටවුන්, එඩ්මන්ටන් වැනි මහල් නිවාස ක්‍රම ඉදිකරන ලදී.

කඩිනම් සංවර්ධනය හේතුවෙන් සිදුවූ නාගරීකරණය හේතුකොට කොළඹ නගරය ඒ තදාසන්නයේ සිදුවූ අධික ජන ඝනත්වය අවම කිරීම උදෙසා, සීදූව වැනි ප්‍රදේශ ආශ්‍රිතව රද්දොළුගම නිවාස ක්‍රමය මෙන්ම කොළඹ නගරයෙන් බැහැරව දිස්ත්‍රික්කය ඇසුරේ ජයවඩනගම, රුක්මල්ගම, මද්දුමගෙ වත්ත, මෙන්ම මහනුවර නගර ඇසුරේ හන්තාන නිවාස ක්‍රම ඉදිවූයේද, එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

රණසිංහ ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙසින් සිය ජනතාව උදෙසා ලොව නවතම සංවර්ධන සැලසුම් වඩාත් කාර්යක්ෂමව දායක කරගත් අයෙකි. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති උපදෙසින් කොළඹ පැවති පරිපාලන නගරය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර වෙත රැගෙන ගිය අවස්ථාවේදී සියලු රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ වෙත ආදර්ශයක් දෙමින් සිය අමාත්‍යාංශය වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ඉතා කඩිනමින් සිය ආයතන අධීක්ෂණයෙන් ඉදිකිරීම් නිමකර බත්තරමුල්ල සෙත්සිරිපාය වෙත රැගෙන යන ලදී.

තම දායකත්වයෙන් සිදුකරන සංවර්ධන කාර්යයන්හිදී හැකිතාක් දුරට අවම වියදමකින් සහ උපරිම ජනතා සහභාගීත්වයෙන් එකී කාර්යයන් ඉටුකිරීම ප්‍රේමදාස මහතාගේ නිරතුරු අපේක්ෂාව විය.

ආදර්ශ ගම්මාන වැඩසටහනේ ආරම්භක අවස්ථාවේදී එකී ගම්මාන ආශ්‍රිත මාර්ග පද්ධති සැකසීමේදී, බොරළු භාවිතයෙන් එකී මාර්ග අඩු වියදමකින් ග්‍රාමීය ජනතා සහභාගීත්වයෙන් සිදුකිරීමට හැකිවිය. එකී වැඩසටහන යටතේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව කි.මී.5000ක බොරළු මාර්ග ඉදිවිය.

එමෙන්ම එම ගම්මාන සියල්ලේ ප්‍රතිලාභී ජනතාව සඳහා බීමට පවිත්‍ර ජලය සැපයීම සඳහා නළ ළිං ව්‍යාපෘතියක් මුල්වරට මෙරට ක්‍රියාත්මකවූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් මේ සඳහා අනුග්‍රහ ලබාගැනීමට එදා ප්‍රේමදාස මහතා සමත් විය.

ගම නගරය හා වතුකරයේ මෙලෙසින් නිවාස ඉදිකිරීමේදී, පාරම්පරික ඉදිකිරීම් කාර්යයන්ට වැඩි අවධානයක් යොමුකර ගනිමින්, එහි ජීවත්වන ශිල්පීය හැකියාවෙන් සපිරි තරුණ තරුණියන් සහභාගීත්වය ඒ සඳහා ලබාගැනිණි. ‘ශිල්ප සවිය’ නමින් හැඳින්වූ මෙම වැඩසටහන යටතේ ලොව පිළිගත් තාක්ෂණ පුහුණුවක් මෙම මේසන් හා වඩුකාර්මික ශිල්පීන් සඳහා ලබාදුන් අතර, මෙම ඉදිකිරීම් ශිල්පීය පුහුණුව සඳහා ලෝක බැංකුවේ අනුග්‍රහය ලබාගැනීමට එදා ප්‍රේමදාස මහතා සමත් විය.

සියලු සංවර්ධන කාර්යයන් සඳහා රාජ්‍ය අරමුදල් දායක කරගැනීමේ සම්ප්‍රදාය බැහැර කරමින් කටයුතු කළ ප්‍රේමදාස මහතා, දුගී දුප්පතුන් සඳහා ක්‍රියාත්මක නිවාස මුල්කොටගත් සංවර්ධන කටයුත්තක් සඳහා හදිසි මූල්‍ය ආයෝජනයක් සිදුකිරීමේදී, පුද්ගල හා පෞද්ගලික අංශයේ පරිත්‍යාග දායකත්වයෙන් සෙවණ අරමුදල ස්ථාපිත කරන ලදී.

අසරණ පවුල් දහස් ගණනක් සඳහා නිවාස ඉදිකිරීම වෙනුවෙන් දායකවූ මෙම අරමුදල, කන්තලේ වැව් බැම්ම බිඳීගිය අවස්ථාවේදී, අසරණ පවුල් දහසක පමණ පිරිසකට පිහිටවීමට මෙන්ම, ටවර් හෝල් රඟහල සහ එල්ෆිනිස්ටන් රංග ශාලාව පිළිසකර කිරීමටද මූල්‍ය අනුග්‍රහය ලබාදෙනු ලැබීය.

එමෙන්ම අසරණ පාසල් දරුවන් රැකබලා ගනිමින්, ඔවුන් සඳහා කැපකරු දායකත්වය ලබාදීමේ සත් ක්‍රියාවක්, ප්‍රේමදාස මහතා ආරම්භ කළ අතර, පසු කලෙක දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ මෙම වැඩසටහන හේතුවෙන්, අසරණ දරුවන් 1500කට කැපකරු දායකත්වය ලබාදීමට මෙම ජාතික මෙහෙවර සමත් විය.

දහස් සංඛ්‍යාත දරුවන් නිරාහාරව නිසි පාසල් ඇඳුමක් නොමැතිව පාසල වෙත පැමිණීම දුටු ප්‍රේමදාස මහතා, සිය අනුග්‍රාහක වැඩසටහනේ, ආරම්භක පියවර ලෙසින්, තමන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ අවස්ථාවේදී, කොළඹ නගරයේ පාසල් දරුවන් සඳහා නොමිලේ දිවා ආහාරය සහ පාසල් නිල ඇඳුම් ලබාදීම සිදුකළ අතර, ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දිවයිනේ සියලු පාසල් සඳහා නොමිලේ දිවා ආහාරය සහ නිල ඇඳුම් ප්‍රදානය කිරීම සිදුකරන ලදී.
රාජ්‍ය පරිපාලනය විමධ්‍යගත කිරීම තුළින් වඩාත් හොඳ මහජන සේවාවක් ඉටුකළ හැකි බව දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මහතා, එතෙක් පැවැති උපදිසාපති ක්‍රමය වෙනුවට ප්‍රාදේශීය ලේකම් තනතුර ස්ථාපිත කරමින්, එතෙක් දිසාපතිවරුන් සතුවූ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් වෙත පැවරීය. එමෙන්ම එතෙක් පැවැති ග්‍රාම සේවක තනතුර වඩාත් ජන ආකර්ෂණයක් හිමිකරගත් ග්‍රාම නිලධාරී ලෙසින් නමින් නම්කොට වැඩි වගකීම් හා පහසුකම් ඔවුන් වෙත පවරනු ලැබුවේ ප්‍රේමදාස මහතාගේ අදහසක් පෙරදැරිවය.

රාජ්‍ය සේවක සහ මහජන නියෝජිත ජනතා මෙහෙවර වඩාත් නිවැරැදිව ඉටුවන්නේද යන්න පිළිබඳ ජනතාවට වගවීමේ වැඩසටහනක් අවශ්‍යයෙන්ම ක්‍රියාත්මක විය යුතු යැයි දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මහතා, එම කාර්යයේ සමාරම්භය උදාගම් ජංගම සේවාව ලෙසින්, 1984 දෙසැම්බර් මස 08 දින ආරම්භ කළ අතර, මෙම වැඩසටහනේ සාර්ථකවය හේතුවෙන් පසු කලෙක සෙසු රාජ්‍ය ආයතන අමාත්‍යාංශ හා ජනාධිපති කාර්යාලය විසින්ද නිරතුරුව ජංගම කාර්යාල සේවාව දියත් කරන ලදී.

ඉපැරැණි ආගමික මධ්‍යස්ථාන පිළිසකර කොට, ජනතා වැඳුම් පිදුම් ලැබීමට සුදුසු අයුරින් එවා නැවත ස්ථාපිත කිරීම තුළින්, සියලු ආගම් ලබ්ධිකයන්ට වන්දනා කිරීම සඳහා අවස්ථාව සලසා දීම ප්‍රේමදාස මහතාගේ අදහසක් විය. මෙම කාර්යය අවශ්‍යයෙන්ම සිදුකළ යුතු කාර්යයක් ලෙසින් දැඩිව විශ්වාස කළ ඔහු, මහනුවර දළදා සමිඳුන්ට රන් වියනක් නිර්මාණය කිරීම, මාලිගාවිල බුදු පිළිමය පිළිසකර කිරීම, මිරිසවැටි සෑය පිළිසකර කිරීම, හලාවත මුන්නේශ්වරම් දේවාලය සහ තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර සෙවණ අරමුදල දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සිදුකරනු ලැබීය.

මෙරට ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඉමහත් සේවාවක් ඉටුකළ ප්‍රේමදාස මහතා, ආසියාවේ ප්‍රථම දිවා-රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකළ අතර, සුගතදාස ක්‍රීඩාංගනය ගෘහස්ථ ක්‍රීඩාංගණයක් සමගින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙසින් පිළිසකරන ලදී.

ප්‍රේමදාස මහතාගේ විදෙස් ප්‍රතිපත්තිය මෙරට සිටි බොහෝ පාලකයින්ට වඩා වෙනස් මගක් ගත්, ඔහුටම ආවේණිකවූ ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් හිතකරවූ ප්‍රතිපත්තියක් විය.

අසල්වැසි ඉන්දියාව සමගින් බෙහෙවින් සමීපව කටයුතු කළ ප්‍රේමදාස මහතා, බුදු උපත ලද බුද්ධගයාවේ ජනතාව සඳහා බුද්ධගයාගම නමින් ආදර්ශ ගම්මානයක් සිය අධීක්ෂණය යටතේ ඉදිකොට, එය තමන්ගේ සහභාගීත්වයෙන් නිවාසලාභී ජනතා අයිතියට පත්කරන ලදී. එසේවුවද, උතුරු – නැගෙනහිර යුද ගැටුම් පැවැති අවස්ථාවේදී, මෙරටට ඉන්දියානු හමුදාව පැමිණීමට සිය විරෝධය පෑ ප්‍රේමදාස මහතා තමන් ජනාධිපති ධුරයට පත්වී නොබෝ දිනකින්, ඉන්දියානු රාජ්‍ය එකඟත්වය සමගින් එම හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට හැකි විය.

ප්‍රේමදාස මහතා ජනපති ධුර කාලපරිච්ඡේදයේදී සාර්ක් සමුළුව මෙරට පවත්වා දකුණු ආසියානු කලාපීය රටවල පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාව වෙත ලබාගැනීමට සමත් විය.

දශක එකහමාරක ප්‍රේමදාස ජනතා මෙහෙවරේ මා සිත්ගත් මතකය මෙලෙසින් සටහන් කළෙමි. මෙහි සටහන් නොවූ ප්‍රේමදාස ජනතා මෙහෙවරේ, කතිකාවට බඳුන් කළ යුතු තවත් බොහෝ කරුණු වේ. නමුත් මෙම අදහස් දැක්වීමේදී අප සිතුවිල්ල වූයේ, වසර දහයක් තුළ කැබිනට් අමාත්‍යවරයකු සහ වත්මන් පාලන ක්‍රමය තුළ කිසිදු නිශ්චිත බලයක් නොමැති අග්‍රාමාත්‍ය ධුරය දරමින් ප්‍රේමදාස මහතා ඉටුකළ ජනතා මෙහෙවරත්, විධායක බලතල සහිත ජනාධිපති ධුරය දරමින් ඔහු සිදුකළ ජනතා මෙහෙවර පිළිබඳ කිසියම් සඳහනක් කිරීමයි.

මේ සියල්ල තුළින් ජනතා අපේක්ෂාව වනුයේ නැවත ප්‍රේමදාස ජනතා මෙහෙවරක් සමාජගත වීමයි.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

මිහින්තලේ නායක හාමුදුරුවෝ මේ කියන්නේ මොකක්ද? රටට වෙන්න යන මහා අනතුරක් ගැනද? VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්ට ගහන්න ගිය නයි දෙරණට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්! සජිත් දෙරණට එනවා කිව්වෙ නෑ! පූර්ව ප්‍රචාරක දැන්වීම් නවත්වන්න කියලා ලිඛිතවත් දැන්නුවා! එහෙම තියෙද්දිත් දෙරණ සංවිධානාත්මකව සජිත් ගැන බොරු කිව්වා! යවපු ලියුමත් මාධ්‍යට පෙන්වමින් තිස්ස මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.