• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එනකොට එනවා… යනකොට යනවා… ආයේ එනවා… ආයේ යනවා…පැන්ඩෝරා පේපර්ස්වලත් ඉන්නවා… කවුද මේ පාස්කරලිංගම් නොහොත් පාස්කි…

June 13, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
රනිල් එනකොට එනවා… යනකොට යනවා… ආයේ එනවා… ආයේ යනවා…පැන්ඩෝරා පේපර්ස්වලත් ඉන්නවා… කවුද මේ පාස්කරලිංගම් නොහොත් පාස්කි…
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදියා – ඔබ පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජයේ ප්‍රධාන භූමිකාවක් සිදුකළ නිලධාරියෙක්. එහෙත් එම රජය බලයෙන් ඉවත්වූ පසුව ඔබ දකින්නට සිටියේ නැහැ. ඔබ වහාම විදෙස්ගත වුණා නේද..? ඔබ දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ බොහෝ දීර්ඝ කාලයකට පසුවයි. ඔබ ඒ වේලාවේ ඉක්මනින්ම ස්වයංව පිටුවහල් වීමට අදහස් කළේ ඇයි..?

රාජ්‍ය නිලධාරියා – ඔව්, මම මේ නැවැත ශ්‍රී ලංකාවට ආවේ වසර 08කට පසුවයි. මම ඒ වේලාවේ ස්වයංව තීරණය කළා රටින් බැහැරව යා යුතුයි කියලා. මම මගේ පුද්ගලික ආරක්‍ෂාව ගැනත් හිතුවා. කෙසේ හෝ මගේ විදේශගත වීම ගැන මට ස්ථිර, නිශ්චිත හේතුවක් කියන්නත් බැහැ.

මාධ්‍යවේදියා – එහෙත් ඔබ එජාප රජය බලයෙන් පහවූ සැණින්ම ශ්‍රී ලංකාවෙන් වහා පිටවී ගියා. මෙහිදී යම් මතයක් ඇතිවුණා ඔබට විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ තිබෙන, යම් චෝදනාවන් සහ පරීක්‍ෂණ මඟහැරීමට එසේ සිදුකළා කියලා?

රාජ්‍ය නිලධාරියා – නීතිය ඉදිරියේ තිබෙන කටයුතු ගැන මම කතා කරන්න කැමැති නැහැ. කෙසේ හෝ මට එරෙහිව සමහර පාර්ශ්ව ගෙන එන ලද චෝදනාවලට මම වැරැදිකරු නොවන බවට මහාධිකරණය තීරණය කළා. මෙම නීතිමය තත්ත්වයන් තවදුරටත් කතා කිරීමට මම කැමැති නැහැ.

මාධ්‍යවේදියා – ඔබ මේ හෝටලය තුළ නැවැතී සිටින්නේ සහ පෙනී සිටින්නේ වෙනත් නමකින්. නැවැත ශ්‍රී ලංකාවට පැමිණ මෙසේ නිහඬ ක්‍රමයකට ඉන්නේ ඇයි..? මේ හෝටලයේ සිටිනවාට ඒ බිල්පත් ආදිය ගෙවන්නේ කවුද..? රජයෙන්ද මේ හෝටල් බිල් ගෙවන්නේ..?

රාජ්‍ය නිලධාරියා – නැහැ… නැහැ.., මේ හෝටල් බිල් ගෙවන්නේ මගේ මුදලින්. අවුරුදු 08කට පසුව ශ්‍රී ලංකාවට ආවාම එක පාරට නවාතැනක් සොයා ගැනීම අපහසුයි. මගේ පවුලේ බොහෝ සාමාජිකයන් ඉන්නේ එංගලන්තයේ. මම ශ්‍රී ලංකාවේ ස්ථානයක් සකසා ගන්නකම් මේ හෝටලයේ තමයි තාවකාලිකව නවාතැන් ගන්නේ. මේ හෝටල් බිල් සියල්ල ගෙවන්නේ මගේ මුදලින්, එයට රජයේ සම්බන්ධයක් නැහැ.

මාධ්‍යවේදියා – ඔබ මෙවර ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ මෙම එජාප රජයේ ප්‍රධාන, ස්ථිර තනතුරක කටයුතු කිරීම සඳහාද..?

රාජ්‍ය නිලධාරියා – නැහැ.., මෙවර එවැනි ස්ථිර තනතුරක කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් නැහැ. මම දැන් විශ්‍රාම ගොස් සිටින සේවකයෙක්. මගේ බලාපොරොත්තුව යම් උපදේශක තනතුරක කටයුතු කිරීම පමණයි. මම අතීතයේදී බොහෝ රේඛීය තනතුරු දැරුවා. දැන් මට එවැනි තනතුරු අවශ්‍ය නැහැ. රජයේ නිලධාරීතන්ත්‍රයේ විවිධ නීතිරීතිවලට බැඳී නොසිට, විවිධ කාරණා සම්බන්ධයෙන් මගේම අදහස් ප්‍රකාශ කිරීමේ උපදේශක භූමිකාවක් සිදුකිරීම මට බොහෝ නම්‍යශීලී බවක් ලබාදෙනවා. මගේ කැමැත්ත එයයි.

මාධ්‍යවේදියා – පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ ඔබ ‘රතු පටි’ කපා තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සමත්වූ එක්තරා ආකාරයක ‘සුපිරි නිලධාරියෙක්’ ලෙසයි සැලකුණේ. එසේම අතීතයේදී සිටම ඔබ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග අතිශය ප්‍රබල සම්බන්ධයක් ගොඩනඟා ගත්තා. පරිපාලනයට මෙවැනි සම්බන්ධතා අවශ්‍ය වෙනවද..?

රාජ්‍ය නිලධාරියා – සෑම විටම අවශ්‍ය වන්නේ නිසි පද්ධතියක් පමණයි. පුද්ගලික සබඳතා සහ විධිවිධාන තාවකාලිකයි.

මාධ්‍යවේදියා – ඔබ පසුගිය රජය සමයේදී බලය අනිසි ලෙස භාවිත කළා කියලා චෝදනා ලැබුවා. එසේම ඔබ ‘මහා රාජා’ වැනි යම් ව්‍යාපාරික කණ්ඩායම් සමගත් ඉතා සමීපව සබඳතා පැවැත්වූ බවටත් යම් ප්‍රශ්නයන් ඇති වුණා. ඔබ මෙවැනි තත්ත්වයක් ගැන පැහැදිලි කරන්නේ කෙසේද..?
රාජ්‍ය නිලධාරියා – ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න මම කැමැති නැත්තේ, කිසිම විශේෂ කණ්ඩායමක් එක්ක එහෙම සම්බන්ධයක් තිබුණේ නැති නිසයි.

කුමක්ද මේ ආන්දෝලනාත්මක සාකච්ඡාව..?

මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නවලට බඳුන්වන මෙම සුවිශේෂී පුද්ගලයා කවුද..? ඔහු නමින් රාමලිංගම් පාස්කරලිංගම්ය. කෙටි වදනකින් නම් ඔහුගේ නම හඳුන්වන්නේ ආර්. පාස්කරලිංගම් ලෙසිනි. ඒ අයුරින් නම ඇසූ විට ඔබට දැනෙන්නේ එම නම සවනට ඉතා හුරුපුරුදු ආකාරයකි. ඒ කතාව හරිය. එම නාමය අප සමාජයේ බොහෝ දෙනෙකුට හුරුපුරුදුය. ආර්. පාස්කරලිංගම් යනු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි ඉතාම ප්‍රකට සිවිල් පරිපාලකයෙකි. එවකට ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමයේ සිට මෙම නාමය බොහෝ නිරන්තරයෙන්ම අසන්නට ලැබුණේය. එනම් එම පාලන සමයේදී ඔහු රජයේ ඉතාමත් ඉහළ පරිපාලන තනතුරු කිහිපයක්ම දැරූ අතර, ආර්. ප්‍රේමදාස මහතාගේ සමීපයෙන්ම සිට කටයුතු කළේය. මෙම සමීපතාවය කෙතරම් ප්‍රබල වූයේද යත් එකල ආර්. පාස්කරලිංගම් හැඳින්වූයේ ‘ප්‍රේමදාසගේ දකුණු අත’ (Premadasa’s Right Hand) ලෙසිනි. ඔහු එවකට වසර 04ක් පුරා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරීය.

මෙම සුවිශේෂී මිනිසාගේ තොරතුරු තවත් සොයා බලන්නට පෙර අප නැවැත ඉහත ලියා තැබූ මාධ්‍ය සාකච්ඡාවේ වගතුග සොයා බලමු. මෙහි අපූරු කතාව නම් මෙම සාකච්ඡාව සිදුවන්නේ මෙයට හරියටම වසර 20කට ඉහතදීය. එනම් 2001 වසරේ දෙසැම්බර් මාසයේදීය. එකල ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියකු විසින් ආර්. පාස්කරලිංගම් මහතා සමග මෙම සාකච්ඡාව සිදුකරනු ලබයි. එකල 2001 වසරේදී නැවැත වරක් එක්සත් ජාතික පක්‍ෂය බලයට පැමිණීමෙන් පසුව නැවැත ශ්‍රී ලංකාවට පැමිණි ආර්. පාස්කරලිංගම් සති කිහිපයක් යනතුරු කොළඹ ගලධාරි හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත. ඔහු මෙලෙස වසර 08කට පසුව ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ, එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ බලයට පැමිණි ‘නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් මතය. එහෙත් කෙසේ හෝ ගලධාරි හෝටලයේ සිටි සමයේදී ආර්. පාස්කරලිංගම් පෙනී සිට ඇත්තේ වෙනත් නාමයකින් යැයි ඉහත ඉංග්‍රීසි පුවත්පත ප්‍රකාශ කර ඇත. එසේම ඔහු කිසිදු මාධ්‍යයකට සාකච්ඡාවක් ලබාදී නැති අතර, එහෙත් බොහෝ දැඩි වෑයමක් දරා ඉහත ඉංග්‍රීසි පුවත්පත එම සාකච්ඡාව ලබාගෙන ඇත.

කෙසේ හෝ දැන් එසේ නම් වසර 20කට පසුව අපට අසන්නට ලැබෙන අලුත්ම ආර්. පාස්කරලිංගම් වගතුග කුමක්ද..?

එය නම් දැන් නැවැතත් මෙම සිවිල් පරිපාලකයා ශ්‍රී ලංකාවට පැමිණීමේ පුවතයි. එනම් පසුගියදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ ආරාධනාවක් මත නැවැත පාස්කරලිංගම් දිවයිනට පැමිණ ඇත්තේ, නව අගමැතිවරයාගේ ප්‍රධාන උප දේශකයකු ලෙස කටයුතු කිරීමටය. ඉහත පැවැසූ අයුරින් ඔහු 2001 සිට 2004 දක්වාද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ රජය යටතේ කටයුතු කළ අතර, ඉන්පසුව ඔහු නැවැත විදේශ ගතවිය. කෙසේ හෝ එතැනින් පසුව නැවැත පාස්කරලිංගම් පසුගිය යහපාලන රජය යටතේද ශ්‍රී ලංකාවට පැමිණ රජයේ ඉහළ සිවිල් පරිපාලන තනතුරු දරන්නට ගත්තේය. මේ ආකාරයට පවතින රජයන් වෙනස් වන විටදීද කිහිප වතාවක්ම ඔහු ශ්‍රී ලංකාවේ නොසිට වහාම විදේශගත වූයේය. ඉහත ඉංග්‍රීසි මාධ්‍ය සාකච්ඡාව සිදුවන 2001 වසරේදී පාස්කරලිංගම්ගේ වයස අවුරුදු 72ක් වූ අතර, මෙවර 2022දී පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණෙන විටදී ඔහුගේ වයස අවුරුදු 92ක් විය.

‘ප්‍රේමදාසගේ දකුණු අත’ යැයි විරුදාවලිය ලත් ආර්. පාස්කරලිංගම් යනු දමිළ ජාතිකයෙකි. ඔහු ආදි ලංකාව තුළ පැවැති ‘සිලෝන් සිවිල් සේවයේ’ (Ceylon Civil Service) අවසාන කණ්ඩායම්වල නිලධාරියෙකු විය. ඉන්පසු එම සේවය ශ්‍රී ලංකා පරිපාලන සේවය (Sri Lankan Administrative Service) ලෙසට පත්කෙරිණි. එතැන් සිටද එක්සත් ජාතික පක්‍ෂ රජයන් කිහිපයක් යටතේ පාස්කරලිංගම් උසස් තනතුරු දැරුවේය. කෙසේ හෝ ඔහු මෙම තනතුරු දරමින් සිටි සමයන්හිදී විවිධ පාර්ශ්වවල දෝෂදර්ශනයට ලක්වූයේය. බලය අවභාවිත කිරීම මෙන්ම විවිධ දූෂිත ක්‍රියා ආශ්‍රිත කරගෙනද ඔහුට එරෙහිව චෝදනා නැඟිණි. ඒ නිසාම ඔහු විවිධ අවස්ථාවල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවල පෙනී සිටියේය. එසේම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පවා පරීක්‍ෂණයන්ටද ලක්වූයේය. තවද අධිකරණයන් ඉදිරියේ තමන්ට එරෙහි නඩුහබ සඳහාද පෙනී සිටියේය. එසේම අල්ලස් විමර්ශන කොමිසම ඉදිරියේද ඔහුට පෙනී සිටින්නට සිදුවිය. මේ ආකාරයට පාස්කරලිංගම්ගේ ජීවිතය යම් අර්බුදවලින් ගහනය වන්නට විය.

පාස්කරලිංගම්ගේ මෑත කාලයේ විශේෂිත භූමිකාවක් පෙනෙන්නට වූයේ පසුගිය යහපාලන රජය සමයේදීය. එනම් 2015 වසරේදී එම රජය යටතේ නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වන විට, ඔහු නැවැත වරක් එංගලන්තයේ පදිංචිව සිටි ආර්. පාස්කරලිංගම් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත්කර ගත්තේය. එතැනින් පසුව පාස්කරලිංගම් එම රජයේ ප්‍රබල තීන්දු, තීරණ රැසක් ගැනීම උදෙසා තම දායකත්වය සැපැයුවේය. මෙසේ එම රජය යටතේ පාලනය සිදුවන අතරතුර ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක්වුණු මහා කළු පැල්ලමක් ඇති වූයේය. එය නම් ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර වංචාවයි. කෙසේ හෝ එහි බොහෝ තොරතුරු සමාජය දන්නා අතර, මෙහිදී ඒවා ලියා තබන්නට අවශ්‍ය නැත. එසේ වුවද මෙහිදී විශේෂයෙන් යම් වගතුගක් ලියන්නට සිදුවන්නේ, ආර්. පාස්කරලිංගම් නැමැති සිවිල් පරිපාලකයාගේ නමද එම මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව කතා වන්නට වූ හෙයිනි. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන උපදේශකයකු ලෙසින් පාස්කරලිංගම් කටයුතු කළ හෙයින්, 2020 වසරේදී (එවිට රාජපක්‍ෂ නව රජය පත්ව ඇති විට) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආර්. පාස්කරලිංගම්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකළේය. එකල මහාධිකරණයේ නියෝගයකට අනුව මෙම විමර්ශනයන් සිදුකළේය. එසේ එකල මෙලෙස පාස්කරලිංගම්ගේ භූමිකාව යම් ආන්දෝලනයකට පත්වන්නට විය. ආර්. පාස්කරලිංගම්ගේ කතාවේ අතිශයින්ම සුවිශේෂී වගතුග හෙළි වන්නට වූයේ, මෙයට මාස 07කට පෙර එනම් 2021 වසරේ නොවැම්බර් මාසයේදීය. එය නම් ලෝක ප්‍රකට ‘පැන්ඩෝරා පේපර්ස්’ නොහොත් ‘පැන්ඩෝරා පත්‍රිකා’ නැමැති ජාත්‍යන්තර ලේඛනවල ආර්. පාස්කරලිංගම්ගේ නම සඳහන් වී ඇතැයි ප්‍රකාශ වීමය. ‘පැන්ඩෝරා පේපර්ස්’ (Pandora Papers) යනු ජාත්‍යන්තරව සිදුවන මූල්‍ය විමර්ශනයක් ආශ්‍රිතව නිකුත් කරනු ලබන රහසිගත ලේඛනයකි. එහෙත් එය පසුව සමාජගත කෙරෙයි. මේ මගින් ලෝකයේ විවිධ ධනකුවේර පුද්ගලයන් විසින් විවිධ රටවල් තුළ හොර රහසේ තැන්පත් කරනු ලබන මහා ධන සම්භාරයන් ගැන හෙළිදරව් සිදුකරනු ලබයි. මෙම සුවිශේෂී කාර්යභාරය සහ මෙහෙවර ඉටුකරනු ලබන්නේ, ලොව තිබෙන ප්‍රධානතම පෙළේ ගවේශනශීලී මාධ්‍ය සංවිධානයක් විසිනි. එය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ ‘International Consortium of Investigative Journalists – ICIJ’ ලෙසින් වන අතර, එය සිංහල බසින් හැඳින්විය හැක්කේ ‘ජාත්‍යන්තර ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය’ ලෙසිනි. ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල්වල ඇති මාධ්‍ය සංවිධාන 117ක ප්‍රකට ගවේශනාත්මක මාධ්‍යවේදීන් 600කින් මෙම ආයතනය සමන්විත අතර, එය මෙයට වසර 25කට ඉහතදී ඇමෙරිකාවේදී ආරම්භ කරන ලද්දකි. 2021 නොවැම්බර් මාසයේදී මෙලෙස සිදුවූ ආන්දෝලනාත්මක ප්‍රකාශය නම්, ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුගේ නම් පැන්ඩොරා ලේඛනවල සඳහන් වීමය. ඒ අනුව පසුගිය කාලයේ මෙලෙස අප රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූයේ, ශ්‍රී ලංකාවේ සිටි අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්‍ෂ සහ ඇයගේ සැමියා වූ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු වනි තිරුකුමාර් නඩේසන්ගේ නම් එම ලේඛනවලට ඇතුළත් වීමය. එම අවස්ථාවේදීම හෙළිවූ අනෙක් සුවිශේෂීම වගතුග වූයේ, මෙම ලිපියේ ඉහත අපගේ කතා නායකයා වූ රාමලිංගම් පාස්කරලිංගම්ගේ නමත් එම ලේඛනවලට අන්තර්ගත වීමය. මෙම සිදුවීම අතිශය බැරෑරුම් කතාන්දරයක් වූ අතර, එය ශ්‍රී ලංකාව තුළත් වෙනත් රටවල් රැසකත් දැඩි අවධානයට ලක්වන්නට විය. පැන්ඩෝරා ලේඛනවල සඳහන් වන ලෝකයේ සිටින විවිධ ධනකුවේරයන්ගේ නම් සහ අනෙකුත් විස්තර ලොවට හෙළි කරනු ලබන්නේ අතිශය තීව්‍ර, සත්‍ය ගවේෂණයක් හරහාය. ඒ හෙයින් එම තොරතුරුවල කිසිදු අසත්‍යතාවයක් නැති අතර, එම තොරතුරු ලොව පුරා මහත් පිළිගැනීමකටද ලක්වෙයි. එවැනි වටපිටාවක් යටතේ ආර්. පාස්කරලිංගම්ගේ එම සුවිශේෂ වගතුගද නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි එකක්ද නොවේ. මෙලෙස ‘පැන්ඩෝරා පත්‍රිකා’ මගින් හෙළි කරනු ලබන ලෝකයේ බොහෝ ධනකුවේරයන් විසින් හොර රහසේ තැන්පත් කරනු ලබන ධනය, ඔවුන් විසින් එක්රැස් කරගෙන ඇත්තේ ඉතාමත් කූට වංචනික ආකාරයෙන් යැයි විවිධ පාර්ශ්වයන් අවධාරණය කරයි.

ආර්. පාස්කරලිංගම් නැමැති මෙම සුවිශේෂී මිනිසාගේ ජීවිත කතාවේ බොහෝ පරිච්ඡේද මෙලෙස පසුගිය කාලයක් පුරා ගෙවී ගියේය. එසේ නම් දැන් ඔහුගේ අලුත්ම භූමිකාව කුමක්ද..?

එය නම් ඔහු පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා නැවැත අගමැති ධුරයට පත්වූ විට නැවැත වරක් නව අගමැතිවරයාගේ ප්‍රධාන උපදේශකයා ලෙස පත්වීමය. ඒ සඳහා දැනට 92 වැනි වියෙහි පසුවන ඔහු පසුගියදා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. වර්තමානයේ මෙසේ අගමැති කාර්යාලය තුළ ඔහුටම වෙන් කරන ලද කාමරයක් ඇති අතර, ඔහු එහිදී තම රාජකාරි කටයුතු ආරම්භ කර ඇත. ආර්. පාස්කරලිංගම් නොහොත් බොහෝ හිතවත් සමීප පිරිස් විසින් ‘පාස්කි’ ලෙසින් හැඳින්වූ ඔහු දැන් නැවැතත් අපේ දේශපාලන වේදිකාව මතට පිවිස ඇත. ‘පාස්කි’ගේ රංගනය කෙසේ දැයි අපි බලා සිටිමු.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සූර්ය බල ව්‍යාපෘතිය අදානිට දෙන්න ජනපති බලපෑම් කළ බව ගෙදර ගිය විදුලිබල සභාපති මුදල් අමාත්‍යංශ ලේකම්ට යවපු ලියුමෙන් තහවුරු වෙයි! EXCLUSIVE

Next Post

පානදුර සතොස කඩයි! හොරකම් කරලා තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි හාලුයි-පොල්තෙලුයි-කන ‌දේවලුයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...

Read more
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.