දෝහා සිට ඊයේ (28) පෙරවරුවේ කටුනායක බලා පැමිණි ගුවන්යානයක් තුළ සැක සහිත පුද්ගලයින් කිහිපදෙනෙකු සිටින බවට ලද තොරතුරක් හේතුවෙන් එම යානය විශේෂ සෝදිසියකට ලක්කර තිබේ.Sri Lanka Latest News
මගීන් 245 දෙනෙකු රැගෙන දෝහා සිට පෙ.ව. 8.27ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි යානයක් සම්බන්ධයෙන් මෙම තොරතුර ලැබී තිබූ බව සඳහන් වේ.
එම යානය තුළ කිසියම් පිපිරීමක් සිදු කරගැනීමට සූදානමින් පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බවට කටුනායක ගුවන්තොටුපොළේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය පණිවුඩයක් ලැබී තිබූ බව සඳහන්.
ඒ අනුව ක්‍රියාත්මක වු ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ඒ පිළිබඳ අදාළ යානයේ නියමුවාගෙන් විමසීමක් සිදුකර ඇති අතර, එහිදී එවැනි අනාරක්ෂිත තත්ත්වයක් යානය තුළ නොමැති බවට නියමුවා සඳහන් කර ඇත.
කෙසේවෙතත් ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු එය ගුවන් ආරක්ෂිත අංගයනය වෙත රැගෙන ගොස්, ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය ඉවත් කර බෝම්බ නිශ්ක්‍රිය අංශය ඇතුළු පාර්ශව විසින් දැඩි පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී ගුවන් යානය තුළ තිබී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය සඳහන් කළේය.
පසුව මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ සාමාන්‍ය ගුවන් අංගයනය වෙත රැගෙන විත් ඇති අතර, යළි එය ප.ව. 1.07ට දෝහා කටාර් බලා පිටත්ව ගොස් ඇත.
ඒ අනුව මෙම සිදුවීම ද පසුගිය 26වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් පවතින බවට ලද තොරතුර මෙන් ව්‍යාජ තොරතුරක් බව පොලීසිය පැවසීය.
අදාළ විද්‍යුත් පණිවුඩ දෙකම විදෙස් රටක සිට මෙරටට එවා ඇති බවට පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.










