හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලයේ වගකිවයුතු තනතුරක් දැරූ පුද්ගලයෙක් ඩුබායි ගොස් පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් මුණ ගැසී ඇති බවට තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇත.Sri Lanka Latest News
අසර්බයිජාන් සිට අල්ලාගෙන ආ බටුවත්තේ චාමර ඒ බව හෙළිකර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එසේ ඔහු මුණ ගැසී ඇති අය අතර බටුවත්තේ චාමරද සිටියි.
මෙරට දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන ටෙලි නාට්‍යක රගපෑ නළුවෙකුගේ පුතෙක් වන චමිල නැමැත්තාද ඩුබායි හීදී ඔහු හමුවී ඇති බව සඳහන්ය.
එම පාතාල අපරාධකරුට කොළඹ නගරයේ රාත්‍රී සමාජ ශාලාවක්ද ඇතැයි සඳහන්ය. එම සමාජ ශාලාව තුළ මෑතකදී ගැටුම් කිහිපයක්ද ඇතිවී තිබුණි.
අදාල පුද්ගලයා ඩුබායි ගොස් පාතාල අපරාධකරුවන් කිහිප ෙදනෙක් මුණ ගැසුනේ කුමන ක්‍රියාවක් සඳහා දැයි විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගයාන් කුමාර වීරසිංහ
- දිනමිණ










