• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ සිළුමිණට අනුව දින අටට ලක්ෂ 5 යි! පොලීසියට අනුව දින නවයට ලක්ෂ 10 යි! දළදා වන්දනා කරපු ගණන ගැන ඇත්ත කියන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර වෙස් වළාගෙන මහනුවරට එයිද? ආවොත්? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිරි දළදා වන්දනාවට එක් වූ බැතිමතුන්ගේ සංඛ්‍යා ලේඛන නිකුත් වෙමින් පවතින අතර ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතට අනුව පසුගිය දින අටක කාලයේ දළදා වන්දනාවට එක් වී ඇති බැතිමතුන් ගණන ලක්ෂ පහකි.ඒ අනුව දිනකට හැට දෙදහස් පන්සියයක් දළදා වන්දනාවට එක් වී ඇත.එම ගණනයන් සිදු කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධ ඉංජිනේරු කණ්ඩායමක් වන අතර ඔවුන් උපුටා දක්වමින් ඉදිරිපත් කර ඇති එම සංඛ්‍යා ලේඛන අනුව අවසන් අද දිනයේ උපරිම වශයෙන් හැත්තෑ දහසක් දළදා වන්දනා කළද දින දහය අවසානයේ දළදා වන්දනාවට එක් විය හැකි උපරිම බැතිමතුන් ගණන හය ලක්ෂ හතළිස් දහසක් වනු ඇත. Sri Lanka Latest News

බැතිමතුන්ගේ ගණන් හිලව් සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වෙනම ගණනය කිරීමක් කර ඇත.මහනුවර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සදහන් කරන්නේත් ඊයේ දිනය අවසන් වන විට අවම වශයෙන් ලක්ෂ දහයක බැතිමතුන් පිරිසක් දළදා වන්දනාවට එක් වූ බවයි.ඒ අනුව දින දහය අවසානයේ උපරිම ලක්ෂ එකොළහට ආසන්න බැතිමතුන් පිරිසක් දළදා වන්දනාවට එක් වෙන බවයි පොලිසිය අපේක්ෂා කරන්නේ.

අප මේ පිළිබඳව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතගෙන් විමසීමක් කළ අතර ඔහු සදහන් කළේ මෙම සංඛ්‍යා ලේඛන වල ගැටලුවක් පවතින බව තමන් ද පිළිගන්නා බවයි.ඉංජිනේරු කණ්ඩායම උපරිම තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ ගණනය කිරීම් සිදු කරනු ලැබූවද ඔවුන් ඊට අදාළ තාක්ෂණික උපකරණ සවි කරනු ලැබුවේ දින හතරක් පසුවීමෙන් පසුවය.එම නිසා එම ගණනය කිරීම් වලද ගැටලු පවතී.

දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුකම් ලබාදීමට පියවර ගත යුත්තේ ආණ්ඩුවය.මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හා දියවඩන නිළමේ වරයා සිදු කරනු ලබන්නේ දළදා මාළිගාව සීමාව තුල අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගැනීමයි.මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳව සමාජය මේ තරම් උනන්දුවක් දක්වන්නේ කඩිනමින් විසදිය යුතු ප්‍රශ්න අහස උසට තිබියදී දළදා ප්‍රදර්ශනයක් සිදු කිරීමට කටයුතු කිරීම නිසාය.කාගෙන් කොහෙන් ගියද අති විශාල මුදල් කන්දරාවක් මේ සදහා වියදම් වී ඇත.

කවුරුන් කෙසේ කීවද කොපමණ පිරිසක් බැතිමතුන් දළදා වන්දනාව සදහා මහනුවරට ආවාදැයි අනුමාන වශයෙන් කියන්නට හැකි කිසිවෙකු දැනට නැත.දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එකක් කියද්දී පොලීසිය හා හමුදා අංශ තව එකක් කියන බව පෙනේ.

මීට පෙර පැවැති දළදා ප්‍රදර්ශන වලදී පැමිණෙන සැදැහැවතුන් ගණන නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ශ්‍රී දළදා මාළිගාව විසිනි.ශ්‍රී දළදා වන්දනාව ට පැමිණි බැතිමතුන් ගණන ඊට අදාළ දත්ත ලබා දෙනු ලබන්නේ පොලිසිය විසිනි.ඉන් අනතුරුව දියවඩන නිළමේ වරයාගේ මූලිකත්වයෙන් රැස්වන දළදා ප්‍රදර්ශන කමිටුව පැමිණි බැතිමතුන්ගේ ගණන් හිලව් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරති.ඊට පෙර එම ගණන් හිලව් ප්‍රකාශ කිරීමත් මෙවර ඉංජිනේරු කණ්ඩායමකට එහි වගකීම භාර කිරීමත් මේ වන විට දැඩි කතා බහට ලක්වී ඇත .

වැඩිහිටි බැතිමතුන්ට  හරි හැටි වැසිකිළි පහසුකම් දුන්නා නම් ඔවුන්  පෝලිම්වලම  ශරීර කෘත්‍යන් කරන්නේ නැහැ!

ජනාධිපතිවරයා හා ආණ්ඩුව මැතිවරණයක් කට උඩ තිබියදී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සමාජයේ විවේචනයට ලක් වී ඇති පසුබිමක් තුල ආණ්ඩුව අපේක්ෂා කළ පිරිසකට දළදා වන්දනා කිරීමට ඉඩ ලබාදීමට නොහැකි වීම,බොහෝ බැතිමතුන්ට පෝලිම් වල දින ගණන් රැඳී සිටීමට සිදු වීම පැමිණි බැතිමතුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට නොහැකි වීම වැනි චෝදනා ආණ්ඩුවට එල්ල වන පසුබිමක දින අටටම දළදා වැන්දේ ලක්ෂ පහක් බව කීම ආණ්ඩුවේ මහනුවර බලධාරින් විසින්ම ආණ්ඩුවේ සායම හැරීමක් බව මේ පිළිබඳව අදහස් දැක්වූ පසුගිය දළදා ප්‍රදර්ශන වලට එක් වූ පළපුරුද්ද ඇති වගකිව යුතු පාර්ශ්ව කිහිපයක් අප සමග සදහන් කළහ.

සිරි දළදා වන්දනාව සදහා අවම වශයෙන් බැතිමතුන් ලක්ෂ විස්සක් මහනුවරට පැමිණෙන බව මුලින් ගණන් බලා තිබූ අතර ඔවුන් වෙනුවෙන් පහසුකම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවත් පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ පහසුකම් ලබාදීමට නොහැකි යැයි සදහන් කරමින් වන්දනා කරුවන් මහනුවරට පැමිණීම නවතා දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.පළාත් පාලන ආයතන වල බලය නිළධාරින් අතේ තිබෙන මෙවන් මොහොතක මෙවන් කටයුත්තක් ඔවුන්ගේ සීමාවන් යටතේ කළ හැකි දැයි නිකමටවත් කල්පනා නොකර ගත් බොහෝ තීරණ හේතුවෙන් මහනුවර කැලි කසල ගොඩක් වූ අතර බැතිමතුන් අපහාසයට ලක් වූහ.බොහෝ දෙනෙකුට නොපෙනෙන නමුත් මෙහිදී සිදු වූයේ මෙම කටයුතු භාර රාජ්‍ය නිළධාරින්ගේ නොහැකියාවයි.ජනාධිපති වරයා හා ආණ්ඩුකාරවරයා එන විට “පිළිවෙතින් පෙළ සැදී සිටීමට ” කාලයක් තිස්සේ හුරු වී සිටින මේ නිළධාරින් අතින් ඔවුන්ගේ වගකීම් ඉටු නොවුනු බවට ජනතාව චෝදනා කරති.මහනුවර ඉහළ රාජ්‍ය නිළධාරින් බොහෝ දෙනෙකු පසුගිය දිනවල සිය නිළ රථයෙන් ආණ්ඩුකාර කාර්යාලය වෙත නිතර නිතර ගියේ බැතිමතුන්ට පහසුකම් ලබාදීම ගැන හොයන්න ද එසේ නැතිනම් පාස් පෝලිම් වල සිටි පවුලේ උදවියගේ පහසුකම් සොයන්නට දැයි ජනතාවට සැකය.ඔවුන් අතින් සිදු වූ දුර්වලතා නිසා අසරණ බැතිමතුන්ට මහ මග මළපත හා මුත්‍රා කිරීමට සිදු වූහ.නමුත් අවසානයේ ඔවුන් අනිකුත් සියලු කටයුතු වලදී මෙන් තම වැරදි මහජනයා (මෙහිදී බැතිමතුන්) පිට පැටවීමට කටයුතු කිරීම පිළිබඳව ජනතාව පිළිකුලෙන් යුතුව කතා කරති.

සරත් සමරනායක යෝලන් පෙරේරා 

SendShareShare
Previous Post

සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා රටට දෙන්නෙ මොනවද? Sri Lanka Latest News

Next Post

මැයි මුල අනුර වියට්නාමයට යනවා! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.