• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා රටට දෙන්නෙ මොනවද? Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

නිලන්ති කොට්ටහච්චි නෝනා පහුගිය දවසක මරු කතාවක් කිව්වා. එයා කියන්නේ එස්.එම්.එස්. ගහලා ජනතාවට සුබ පතන්න හිටපු ජනාධිපතිතුමා විසින් නාස්ති කරපු රුපියල් මිලියන ගානක සල්ලි මේ ජනාධිපතිතුමා ඉතුරු කළා කියලා. ඒක හොඳ දෙයක්. සුබ පතන්න හෝ වෙන දේකට මිලියන ගානක් නාස්ති කළා නම් පහුගිය රජයක් ඒ සල්ලි ඉතුරු කරන එක හොඳයි. ඒ සල්ලි ඉතුරු කරලා රටට වැදගත් දෙයක් කරනවා නම් ඒක හොඳයි. මම දන්නේ නෑ පහුගිය රජයන් ඒ තරම් විනිවිදභාවයකින් යුක්තව ගුණාත්මකව වැඩ කළාද කියලා. මොකද අපි දන්නවා එස්.එම්.එස්. එකක් යවන්න ගාස්තුවක් අය කළාට, ඒ ගාස්තුව මිසක ඊට පිරිවැයක් දරන්න සිද්ධ වුණාද කියලා. එතකොට ඒගොල්ලෝ අදාළ දුරකතන සමාගම්වලට හරියට ගාස්තු ගෙවලා මේ වැඩේ කළාද කියලා අපි දන්නේ නෑ. එහෙම කළා නම් ඒක ඊටත් වඩා හොඳ දෙයක්. මොකද ලංකාවේ සාමාන්‍යයෙන් එහෙම නෙවෙයිනේ වෙන්නේ. ලංකාවේ බලධාරීන් මොනවා හරි දෙයක් ගන්නේ බලහත්කාරයෙන්, ආධාරයක් දෙන බලාපොරොත්තුවෙන්, උදව්වක් ගන්න බලාපොරාත්තුවෙන්, නිකන් වල් වාසියක් වගේ දෙයක් බලාපොරොත්තුවෙන්නේ. එහෙම නැතුව මේ වැඩේ කළා නම් හොඳයි. හැබැයි දැන් ආණ්ඩුව එහෙම සල්ලි ඉතුරු කරන එක ඊටත් වැඩිය හොඳයි. Sri Lanka Latest News

පහුගිය දවස්වල අපි දැක්කා පිටරටවලට ගිහිල්ලා එන සමහර අය පවා කියනවා මම මෙච්චර සල්ලි ඉතුරු කළා, අච්චර සල්ලි ඉතුරු කළා, ආණ්ඩුව දැන් විවිධ දේවලින් මුදල් ඉතුරු කරනවා, ආණ්ඩුව අවුරුද්දෙන් නම් ලොකු ගානක් ඉතුරු කළා, උත්සවවලින්, වෙන වෙන සංදර්ශනවලින්, වෙන වෙන ෂෝ දාන ඒවායෙන් ආණ්ඩුව ටිකක් මිදිලා ඉන්නවා. ඒගොල්ලෝ තමන්ට හැකියාව තියෙන විදියට ඒ දේවල් කරලා ඒ සල්ලි ටික ඉතුරු කරගන්නවා රටට.

මේ විදියට සල්ලි ඉතුරු කරන එක ආණ්ඩුවක වගකීමක්ද? ඔව්. මුදල් නාස්ති නොකිරීම රටක රාජ්‍යයක වගකීමක්. යුතුකමක්. ඒක ගෞරවනීය තත්ත්වයක්. රටක කුමන හෝ ආකාරයෙන් මුදල් හම්බ කරගන්නේ ඒ රටේ ආදායම් විදියට. අපේ වගේ රටක ආදායම් විදියට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ජනතාවගේ බදු. එහෙම නැත්නම් සංචාරක කර්මාන්තය වගේ දේවලින්. විදෙස් රටවල ඉන්න අයගෙන් ලැබෙන විදේශ විනිමය වගේ දේවලිනුත් අපි මේ ආදායම් තර කරගන්නවා. අපි හොඳටම දන්නවා මේ බදු කියන ප්‍රතිපත්තිය අපි බොහොම තදින් ක්‍රියාත්මක කරනවා. වාහන ගෙන්වන එකත් දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු ගානකට පස්සේ. වාහන වගේ දේවලින් ලොකු බදු මුදලක් අයකරනවා ප්‍රතිශතයක් විදියට ගත්තම. කුමන හෝ ආකාරයකින් අපි රජයේ ආදායම් වර්ධනය කරගන්න උත්සාහ කරනවා. එක පැත්තකින් රජයේ ආදායම වර්ධනය කරගන්නකොට තව පැත්තකින් රජයේ වියදම් අඩු කරගන්නවා නම් ඒක හොඳ දෙයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රටක රජයක වගකීම වෙන්නේ ගෙදරක වගේ ආයතනයක වගේ කන්තෝරුවක වගේ සල්ලි ඉතුරු කරලා, ඒ සල්ලි පොතේ දාලා, ඒ සල්ලි කොහේ හරි අරන් තියලා, මේ අපි ගාව මෙච්චර සල්ලි තියෙනවා කියලා කියන එක නෙවෙයි. මහා භාණ්ඩාගාරය කොච්චර පොහොසත්ද, අපි ළඟ කොච්චර මුදල් සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියන එක අපිට ආඩම්බර වෙන්නවත්, අපිට ඔල්වරසන් නගන්නවත් කාරණයක් වෙන්නේ නෑ. අපිට මේ මුදල්වලින් කරන්න දේවල් තියෙනවා. මොකද ඒකට හේතුව අපි දන්නවා මේ ආණ්ඩුව පහුගිය කාලේ බෝක්කුවක්වත්, පාරක්වත්, වීදි ලාම්පුවක්වත්, මොකක්වත්ම නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ හැදුවේ නෑ. අධිවේගී මාර්ගය පවා නතර වෙලා තියෙන්නේ. අධිවේගී මාර්ගයේ තියෙන ලයිට් එකක්වත් අපිට හදාගන්න බෑ. ඒ නිසා ලයිට් ටික නිවලා තියෙන්නේ. මේ වගේ දේවලින් අපි බලාගෙන ඉන්නවා රටක් විදියට අපිට අවශ්‍ය දේවල් ටික ආණ්ඩුව විසින් කරලා දෙනකල්.
කෙනක් කියන්න පුළුවන් මේ හැම දේම ආණ්ඩුවෙන් කරනකල් ඉන්න එපා, ඔයාලත් මහන්සි වෙලා කරගන්නකෝ කියලා. ඔව්. මහන්සි වෙලා කරගන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට මහන්සිවෙලා කරගන්න බැරි. එවා රජයක් විසින් අපට කරලා දිය යුතුයි. මොකද කොච්ටහච්චි කියන විදියට මේ ඉතිරි කරලා තියෙන්නේ ආණ්ඩුව විසින් හම්බකරපු සල්ලි නෙවෙයි. මේ අය සුද්දන්ට වඩේ විකුණලා හම්බකරපු සල්ලි නෙවෙයි. ලංකාවට එන විදේශිකයන්ට වෙසක් කාඩ් විකුණලා ගත්ත සල්ලි නෙවෙයි. ජේ.වී.පී. එකෙන් පොළක් කරලා හම්බකරපු ගාන නෙවෙයි. ටී ෂර්ට් ගහලා හම්බකරපු ගාන නෙවෙයි. පිටරටවලට ගිහිල්ලා කාගෙන් හරි ඉල්ලගෙන ආපු සල්ලි නෙවෙයි. වත්තේ පොල් කඩලා එකතු කරගත්ත සල්ලි ටික නෙවෙයි. මේ කියන්නේ ජනතා බදු මුදලින් ලැබුණු සල්ලි ටික අපි වියදම් කළේ නෑ කියන එක. එහෙම වියදම් කරලා නැත්නම් ඒක රටක් විදියට ගත්තට පස්සේ ඉතාම හොඳ තත්ත්වයක්. ඒක ගැන කිසි ගැටලුවක් අපිට නෑ. හැබැයි රටක ආණ්ඩුවකට තියෙනවා සංවර්ධන කාර්යභාරයක්. මේ සංවර්ධන කාර්යභාරය නිසියාකාරව සිද්ධ නොවුණොත් යම්කිසි අවස්ථාවකදී එහෙම සංවර්ධන කාර්යභාරය සඳහා වියදම් කරන්නේ කවුද එතකොට?

අපි දන්නවා ඉදිරියේදී ප්‍රාදේශීය ඡන්දයක් එනවා. ප්‍රාදේශීය සභාව කියලා කියන්නේ රට කරවන්න හදන ආයතනයක් නෙවෙයි. ප්‍රාදේශීය සභාවේ කාර්යය වෙන්නේ ගමේ, නගරයේ ලයිට් ටික දාන එක, පාරවල් හදන එක, සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කරන එක, කසළ ප්‍රතිචක්‍රීකරණය කරන එක, පාරේ කුණු ටික එකතු කරන්න ට්‍රැක්ටරයක් ගන්න එක වගේ දේවල්. ඒ ටික නොකර සල්ලි ඉතුරු කරලා අපි ගාව සල්ලි තියෙනවා කිව්වම කුණු ටික අපිට අරන් ගිහිල්ලා දාන්න තැනක් නැතුව යනවා. පාරේ වීදි ලාම්පුව අපිට හදන්න බෑ. ඒකට ක්‍රමවේදයකුත් නෑ. අපි ඒක දන්නෙත් නෑ. ඒක කරන්නත් බෑ. ගෙදරට යන පාර කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියාම ඒ පාරට කොන්ක්‍රීට් දාගන්න එක ගමේ මිනිස්සුන්ට කරන්න බෑ. ඔවුන්ට ඒකට දැනුම නෑ, හැකියාව නෑ, යන්ත්‍රෝපකරණ නෑ. මේ සියල්ලම නෑ. ඒ නිසා ආණ්ඩුවක වගකීමක් වෙනවා කුමන හෝ අවස්ථාවකදී රටේ අවශ්‍යතාවට ගැළපෙන විදියට රටේ අවශ්‍ය දේවල් ටික නිර්මාණය කරගන්න එක.

මෙන්න මේ කාර්යභාරය රටක් විදියට ඉටු නොවෙනවා නම් සල්ලි ඉතුරු වුණා කියලා අත්පුඩි ගහන්න අපිට බෑ. මුදල් නාස්ති නොකිරීම හොඳ දෙයක්. නිකරුණේ මුදල් නාස්ති නොකිරීම ඊටත් වඩා හොඳ දෙයක්. හැබැයි ආණ්ඩුවක් වුණාම පොඩි හැඩයක්, පොඩි රටාවක්, පොඩි කලාවකුත් තියෙන්න ඕනේ. උත්සවයක් වුණාම ඒ උත්සවයේ අභිමානනීය බවක් තියෙන්න ඕනේ. මොකද අපි දන්නවා ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ තරම් ලස්සනට උත්සව කරපු වෙනත් පක්ෂයක් නෑ. ජනතාවගේ මුදල් පරිහරණය කිරීමේ හැකියාව හොඳටම තියෙන කණ්ඩායමක් තමයි අද ආණ්ඩුව කරන්නේ. ඒගොල්ලෝ ලැබෙන සල්ලි ටික ඉතුරු කරන්නත් දැනගෙන හිටියා. ඒ සල්ලිවලින් ජීවත් වෙන්නත් දැනගෙන හිටියා. ඒ සල්ලිවලින් දේශපාලනය කරන්නත් දැනගෙන හිටියා. ඒගොල්ලෝ හැම වෙලාවෙම කළේ එක එක සල්ලි නාස්ති කරන එක නෙවෙයි. ඒගොල්ලන්ගේ සල්ලි නාස්ති කරන්නෙත් නැතුව, තමන්ට ලැබෙන ප්‍රතිපාදන ටික පරිස්සම් කරගෙන, ඇඳුම් පැලඳුම් ආයිත්තම් ටිකත් පිළිවෙළට ස්මාර්ට් විදියට ඇඳලා වෙන විදියේ දේශපාලයක් තමයි ඒගොල්ලෝ කළේ. ඒ නිසා පෝස්ටර් එකක් ගහන එක ගැන පවා ඒගොල්ලෝ හොඳට දන්නවා. රටක් විදියට ජාතික ප්‍රතිපත්තියකට වැඩකරන එක මේ ආණ්ඩුවට උගන්වන්න අවශ්‍ය නෑ.

එතකොට නිලන්ති කොට්ටහච්චිලා කියන විදියට සල්ලි ඉතුරු කරනවා නම් ඒ සල්ලිවලින් රටේ දේවල් කළ යුතුයි. කරන්න දේවල් ලැයිස්තුවක්ම ඉතුරු වෙලා තියෙන බව අපි දන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේද අපිට වඩා හොඳට මේ ආණ්ඩුවේ ඉන්න අය දන්න බවත් අපි දන්නවා. ඒ කියන්නේ අලුතෙන් පාර්ලිමේන්තුවට ආපු 130ක් 140ක් නෙවෙයි. එතැන ඉන්නවා වැඩ කරන්න පුළුවන් 10ක් 15ක්. ඒ 10 – 15 ඇති අවශ්‍ය නම් මේ පිළිවෙළ නිර්මාණය කරන්න. ඒ නිසා අපි ආණ්ඩුවෙන් බලකරලා ඉල්ලන්නේ සල්ලි ඉතුරු වුණා කිය කියා ඉන්නේ නැතුව, ඒ සල්ලිවලින් දැන් අපි වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එහෙම නැතුව වැඩ නොකර සල්ලි ඉතුරු වෙලා, ඒක අපේ පොතේ තියෙනවා, අතේ තියෙනවා, බැංකුවේ තියෙනවා, ගිණුමේ තියෙනවා, භාණ්ඩාගාරයේ තියෙනවා කියලා හයියෙන් කිව්වට වැඩක් නෑ. ඒවායින් කරන දේවල්, ඒවයින් කෙරෙන දේවල් අවශ්‍යයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමෙන් රනිල්ට කළ අවසන් දැනුම් දීම මෙන්න! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ සිළුමිණට අනුව දින අටට ලක්ෂ 5 යි! පොලීසියට අනුව දින නවයට ලක්ෂ 10 යි! දළදා වන්දනා කරපු ගණන ගැන ඇත්ත කියන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.