• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් විශුද්ධිකරණයට හසුවුණු ජැකලින් කොහොමද මේකට ආවේ? ජනාධිපතිට, අගමැතිට ඉහළින් තුම්මුල්ලේ තට්ටු 40ක බිල්ඩිමට අවසර දුන්නේ කවුද? VIDEO I Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මුදල් විශුද්ධිකරණයට හසුවුණු ජැකලින් කොහොමද මේකට ආවේ? ජනාධිපතිට, අගමැතිට ඉහළින් තුම්මුල්ලේ තට්ටු 40ක බිල්ඩිමට අවසර දුන්නේ කවුද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෝම්ලෑන්ඩ් ආයතනය විසින් කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත තට්ටු 40ක දැවැන්ත ගොඩනැගිල්ලකට එරෙහිව අසල්වැසි ජනතාව පාරට බැස පසුගියදා විරෝධතාවක නිරත වුණා. ඔවුන් කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය සාමාන්‍ය ජනතාවට තට්ටු 3කට වඩා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර නොදුන්නද හෝම්ලෑන්ඩ් ආයතනයට තට්ටු 40ක නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අවසර දීම ප්‍රශ්නසහගත බවයි. මෙම කරුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ජිනාත් ප්‍රේමරත්න වීඩියෝවක් මගින් පළකර තිබූ අදහස් දැක්වීම පහත සඳහන් වේ.Sri Lanka Latest News

තුන්මුල්ලේ හෝම් ලෑන්ඩ් ආයතනයෙන් ඉදිකරන්න ගියා තට්ටු හතළිහක ගොඩනැගිල්ලක්. මේක ඉදිකරන්න පටන් ගත්තහම මේ වසර මුල් කාලයේදී තුන්මුල්ල ප්‍රදේශයේ අවට විශේෂයෙන්ම ක්ලාසන් පෙදෙස කියන ප්‍රදේශයේ පුද්ගලයොයි, ටිකල් පෙදෙස කියන ප්‍රදේශයේ පුද්ගලයොයි ඒකට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා, නාගරික සංවර්ධන අධිකාරියට, මේක ඉදිකරන්න බැහැ මේ ප්‍රදේශයේ කියලා. මොකද මේ ප්‍රදේශය හරිත ආවරණ ප්‍රදේශයක්, ඒක වෙනම ආරක්ෂිත කලාපයක් නිසා. උස ගොඩනැගිලි ඉදිකරන්න බැහැ එක සීමාවකින් උඩ.

කොළඹ ආශ්‍රිතව අපි දන්නවා ගස් තියෙන හරිත ප්‍රදේශ ගොඩක් නැහැ. ඒ නිසා මේ විදියේ තැනක ඒ කලාපයට නීතියෙන් දීලා තියෙන සීමාවන් නොසලකා මේක ඉදිකරන්න යනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. මොකද ඒ කලාපයේ නීත්‍යනුකූල තත්ත්වය අනුව, වෙනම කලාපයක් තියෙනවා. ඒ කලාපයේ තට්ටු ප්‍රමාණය, අපි හිතමු මට හරියට ඒකේ තොරතුරක් නැහැ, පහ හෝ හය. එතනින් උඩට ඉදිකරන්න බැහැ. එතකොට අව්ව වැටෙන්නේ නැතුව, ඒ යට තියෙන ඒ පරිසර පද්ධතියට බලපෑමක් ඇති වෙනවා.
දැන් මේකනේ නීතිය. දැන් අලුතින් නීතියක්වත්, එහෙම නෙවෙයි, අර දේවානි වගේ කෙනෙක් ඇවිල්ලා ගහක් ගැන කියනවා නෙවෙයි. නීතිය තමයි තියෙන්නේ. දැන් ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට ඕනෙ වුණේ, මේක නීත්‍යානුකූල නොවන දෙයක්, ඒ නිසා මේ ගැන හොයා බලන්න කියලා, ඒ ප්‍රදේශයේ අය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා තිබ්බා මාර්ග සංවර්ධන අධිකාරියට. ඒ වගේම ජනාධිපතිට සහ අගමැතිටත් පැමිණිලි කරලා තිබුණා. දැන් ඔබට පේනවා ඇති, ජනාධිපති කාර්යාලයෙනුත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාටත් ලිපියක් යවලා තියෙනවා, මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඒ ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කරලා තියෙනවා, මේක වහාම බලන්න කියලා. අගමැති කාර්යාලයෙනුත්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ලියුමක් යවලා තියෙනවා මේක බලන්න මේ ප්‍රදේශයේ ජනතාව කියන්නේ, මේක නීත්‍යානුකූල ගොඩනැගිල්ලක් නෙවෙයි, මේ හෝම්ලෑන්ඩ් ආයතනය මගින් කරන්න යන්නේ. ඒකේ නම සඳහන් කරලත් තියෙනවා, ඒ කියන්නේ ඔය බිල්ඩිමේ නම සඳහන් කරලා තියෙන්නේ, පෙන්ටාරා රෙසිඩන්ස් කියලා.

ඒ වගේම මේ පෙන්ටාරා රෙසිඩන්ස් කියන එකේ, බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදියට ඔවුන් අරගෙන තියෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට සහ ඒක ප්‍රචාරණ කටයුතුවලට ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්ව. ඕගොල්ලොන්ට දැන් පේනවා, රංග ශ්‍රීලාල් ඒ අවස්ථාවේදීත් එක්ස් පණිවුඩයක් මගින් පෙන්නලා දීලා තියෙනවා, මේ ප්‍රශ්නයක් තියෙන මේ ගොඩනැගිල්ලේ ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ඉද්දි, ඒ මොහොතෙදිම දිල්ලි අධිකරණයෙනුත් ඇයව වැරදිකාරියක් වෙලා තිබ්බනේ මුදල් විශුද්ධිකරණය යටතේ. අන්න ඒකෙන් ඇය මේ ඉල්ලලා තිබ්බා මේක මේ අයින් කරන්න කියලා ඇපෑලක්. ඒකත් නිෂ්ප්‍රභ වෙලා තිබ්බා දිල්ලි අධිකරණයෙන්. ඒ එහෙම තියෙද්දිත්, තාමත් ඇයට මේ චෝදනා තියෙනවා. වැරදිකාරියක් නොවුණාට, මේ චෝදනා තියෙද්දිත්, හෝම්ලෑන්ඩ් එකෙන් පෙන්ට්‍රා කියන මේ නිවාස සංකීර්ණයේ ප්‍රචාරණ කටයුතුවලට ඇයව යොදාගෙන තියෙනවා, බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් කෙනෙක් විදිහට.

ඔහොම තියෙද්දි ඒ ප්‍රදේශයේ ජීවත්වෙන පුද්ගලයන් උද්ඝෝෂණයකුත් කරලා තිබ්බා මේ සම්බන්ධව, ලියලත් තිබ්බා ජනාධිපතිට, අගමැතිට, මාර්ග සංවර්ධන අධිකාරියට. ඊට පස්සේ ජනාධිපති කාර්යාලයෙන්, අගමැති කාර්යාලයෙන්, ලිපි ඇවිල්ලා තියෙද්දී මාර්ග සංවර්ධන අධිකාරියට සහ අමාත්‍යාංශයට, මෙතැන දැන් ඕගොල්ලොන්ට පේනවා ඇති මෙතැන රවුම් කරලා තියෙන්නේ, අනුර කරුණාතිලක මේකේ සමාරම්භක උත්සවයට ගිහින් සැප්තැම්බර් මාසේ පස් පිඩිලි කපන්න ගත්තා මේක පටන් ගන්න. මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි. ඇයි තමන්ගේ ආණ්ඩුවේම ලොකු අය මේක ගැන බලන්න, හරියට බලලා කරන්න කියද්දි, ඒවාට පිළිතුරු දෙන්නේ නැතුව, මේ වගේ කලාපයක, හරිත ආරක්ෂිත කලාපයක, මේක කරලා පස් පිඩිලි කපන්න ගියේ කාගේ බලපෑමටද? මොන වුවමනාවකටද කියන ප්‍රශ්නය මතුවෙලා තියෙනවා.
ඊට පස්සේ තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ, මේකත් හේතුවක් තමයි කියලා, මොහුගේ අමාත්‍යාංශය ගලවන්න. හැබැයි කොහොම හරි, මේක සමාජයේ, විශේෂයෙන් සමහර මාධ්‍යවල මේවා ප්‍රචාරය වුණේ නැහැ.

@jinathpremaratne

අනුර කරුණාතිලකගේ අමාත්‍යාංශය ගැලවුන හේතු ?#sajithpremadasa #anurakuma #sjb #npp #srilanka

♬ original sound – Jinath Premaratne
SendShareShare
Previous Post

ධම්මික පෙරේරා හරිස්චන්ද්‍ර එකත් ගනී! Sri Lanka Latest News

Next Post

ඇති යාන්තම් ආණ්ඩුවට ලංකාවේ සැබෑම ගීත කෝකිලාවිය පරක්කු වෙලා හරි මතක් වුණා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.