දුෂණය අවම කිරීම සඳහා නව දුෂණ විරෝධි පනතක් ගෙන ආ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. එහෙත් ඊට විපක්ෂයේ සමහරු පක්ෂ අතර සමහරු විපක්ෂ බවයි ඔහු කියන්නේ. ඒ සමඟම ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුද ඊට විරුද්ධ බවයි අමාත්‍යවරයා පවසන්නේ.Sri Lanka Latest News
“පසුගිය මාස කිහිපය තුළ පනත් 30 කට වඩා වැඩි සංඛ්‍යාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සංශෝධනය කළා. අද අධිකරණ ක්ෂේත්‍රය තුළ ව්‍යාජ ඔප්පු සම්බන්ධ නඩු දහස් ගණනක් තිබෙනවා. ඒ සම්බන්ධව පවතින නීති අපි සංශෝධනය කළා. මේ රටේ සිදු වූ අල්ලස් හා දුෂණ වැළැක්වීමේ අරමුණින් යුතුව අල්ලස් හෝ දුෂණ විරෝධි කොමිෂන් සභාව ස්ථාපිත කළා. එම කොමිෂන් සභාව ප්‍රමාණවත් නැහැ කියලා ජනතාව ප්‍රකාශ කළා.
අල්ලස් කොමිෂන් සභාව තිබෙන්නේ මෝරු අල්ලන් නෙමෙයි, හාල්මැස්සන් අල්ලන්න කියලා මතයක් පවතිනවා. ඒ නිසා අපි දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙනාවා. ඒ පනතට සමහරු පක්ෂයි, සමහරු විපක්ෂයි, ආණ්ඩුවේ ඉන්න සමහර අයත් පක්ෂයි, සමහරු විපක්ෂයි, විපක්ෂයේ ඉන්න අය සාමාන්‍යයෙන් දුෂණයට විරුද්ධයි. නමුත් ආණ්ඩු පක්ෂයට ආවහම ඒ විරෝධය නැතිව යනවා.
අපි ආණ්ඩුවේ ඉදන් දුෂණ විරෝධි පනත ගෙනාවා, දේශපාලඥයින් දුෂිතයි, රාජ්‍ය නිලධාරීන් දුෂිතයි කියලා මුළු රටම කථා කරනවා. නමුත් ඒ වෙනුවෙන් කරන්න ඕන විකල්පය කුමක්ද කියලා කිසිම කෙනෙක් කථා කරන්නේ නැහැ. දේශපාලඥයින්ට තනතුරු සදහා එන්න තිබෙන ක්‍රමයම දුෂිතයි. මේ රටේ මැතිවරණ ක්‍රමය දුෂිතයි. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අපි උත්සාහ කරනවා. ඒ සදහා මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත අපි ගෙනාවා. විවාදයට ගන්න කොට සියලු දෙනා පක්ෂව කථා කළා. නමුත් පාර්ලිමේන්තු ඡන්දයේ දී විපක්ෂය විරුද්ධ වුණා.
අපි දුෂණ විරෝධි පනත් කෙටුම්පත දින දෙකක් විවාද කළා. දැන් තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව තිබෙනවා. පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව යම්කිසි මහජන නියෝජිතයෙක් අවංකවම ජනතාවට සේවය කරන්න මන්ත්‍රි ධුරය ලබා ගෙන තිබෙනවා නම් මේ පනතට විරුද්ධ වෙන්න බැහැ. හැමෝම කියනවා ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා. අපි ඒ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරමින් ඉන්නේ.
අපේ රටේ මහාධිකරණවල නඩු 29,700 ක් පවතිනවා. ඉන් 9800 ක් ඒ කියන්නේ සීයයට 33ක් ස්ත්‍රි දුෂණ සහ ළමා අපචාර සම්බන්ධ නඩු. ඒ පිළිබදව අපි ලෝකය ඉදිරියේ ලැජ්ජා විය යුතුයි. අපරාධ සිදු වු විට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපි ඊටත් වඩා සිදු කළ යුතු වන්නේ අපරාධ සිදු වීම වළක්වා ගැනීමයි. දැනට ලංකාවේ අධිකරණවල නඩු 112,700ක් තිබෙනවා. එය අධිකරණ පද්ධතියට ඔරොත්තු දෙන තත්වයක් නොවෙයි.
පසුගිය වසර හය තුළ සමථ මණ්ඩල සදහා යොමු වු නඩුත් අධිකරණවලට යොමු වු වා නම් තවත් නඩු ලක්ෂ තුනක්වත් අධිකරණවල ගොඩ ගැහෙනවා. ඒ නිසා සමථකරණ සංකල්පය තවදුරටත් වැඩි දියුණු කරමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට අපි ක්‍රියා කළ යුතුයි. ඉඩම් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩලවල ආරවුල් විසදීමේ ප්‍රතිශතය සීයයට 70ක මට්ටමක පවතිනවා. රුපියල් ලක්ෂ 20ට අඩු මුල්‍ය හිමිකම් පාන නඩු විභාග කිරීම සදහා සුළු හිමිකම් අධිකරණ ස්ථාපිත කර තිබෙනවා. වාණිජ මහාධිකරණවල නඩු විභාග කිරීම ප්‍රමාද බවට විවේචන පවතින බැවින් තවත් වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීමටත්, වාණිජ මහාධිකරණවල නඩු විභාග කිරීම සදහා දැනට පවතින මුල්‍ය සීමාව රුපියල් මිලියන 20 සිට 30 දක්වා ඉහල දැමීමට පියවර ගන්නවා” යි අධිකරණ අමාත්‍යවරයා කියනවා.










