ගෙවී ගිය වසර 03ක කාලය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විසින් මහජනතාව ලක්ෂ 12කගේ බෝ නොවන රෝග වැලඳීමට ඇති අවදානම පරීක්ෂා කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කරයි. (Sri Lanka Latest News)
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා ලබාදීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් පැවති සාකච්ජාවකදී ඔහු මේ බව කියා සිටියේය.
ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් පිහිටුවා ඇති ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක හා ප්‍රාදේශීය රෝහල්වලදී පසුගිය වසර තුනක් තිස්සේ මහජනතාවගේ බෝ නොවන රෝගවලට ඇති අවදානම පරීක්ෂා කෙරිණි. රුධිර කොලෙස්ටරෝල් මට්ටම, රුධිරගත සීනි මට්ටම, රුධිර පීඩනය, උස සහ බර මැනීමේ කටයුතු මේ අනුව සිදුකර ඇත. ඒ ඒ සෞඛ්‍ය ආයතනවලට තමන් විසින් වගකියන ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් බැගින් වෙන්කර දී තිබේ. මහජනතාව අදාල ආයතනයට පැමිණ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරගැනීම මෙන්ම අවදානම අධික වන අවස්ථාවලදී අවශ්‍ය උපදෙස්, ඖෂධ ලබාදීම මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකිරීමද සිදුකර ඇත. එම ආයතනවල පිහිටුවා ඇති සුව දිවි සායන මගින් මෙම පරීක්ෂාකිරීම් සිදුකර පරිගණකගත දත්ත පද්ධතියකට එම තොරතුරු ඇතුලත් කිරීම සිදුවේ.
මේ අනුව පරීක්ෂාවට ලක්වූ ජනතාව අතරින් බෝ නොවන රෝගවලට අධි අවදානමක් සහිත පුද්ගලයන්ගෙන් 15%ක ප්‍රතිශතයකට පමණක් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීමේ අවශ්‍යතාව මතුව තිබිණි.
රෝගී නොවී සිටීමට අවශ්‍ය ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාගැනීමටත්, යම් සුළු අවදානම් තත්වයක් ඇතිවූ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ගතයුතු ප්‍රතිකාර ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක හා ප්‍රාදේශීය රෝහල්වලදී ලබාදීමේ ක්‍රමවේදයක් මේ වන විටත් ක්‍රියාත්මකය.
අත්‍ායවශ්‍ය අවස්ථාවලදී පමණක් අනෙකුත් රෝහල් වෙත යොමුකිරීම සිදුවේ. මේ ආකාරයෙන් තම තමන් දැනට පදිංචිව සිටින ග්‍රාම නිලධාරී වසම අයත් වන ප්‍රාථමික හෝ ප්‍රාදේශීය රෝහල වෙත ගොස් තමන්ට හිමි පුද්ගලික සෞඛ්‍ය අංකය ලබාගැනීමෙන් තමන්ට අවශ්‍ය වන සෞඛය සේවා ලබාගැනීමට හැකි බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
dasathalankanews










