• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් කැලණි පාලමේ කෝටි 28ක ඇණ ගලවපු කතාව බොරුවක්! මෙන්න හරියටම ගලවලා තියෙන ‌දේවල් ටික! Sri Lanka Latest News

July 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් කැලණි පාලමේ කෝටි 28ක ඇණ ගලවපු කතාව බොරුවක්! මෙන්න හරියටම ගලවලා තියෙන ‌දේවල් ටික! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව කැලණි පාලමේ ඇණ ගලවා ඉවත් කිරීම් පිළිබඳ වාර්තා වන පුවත සම්පූර්ණ අසත්‍යයක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන ඒ මහතා මෙසේද කියයි:Sri Lanka Latest News

බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ නව කැලණි පාලමේ ඇණ ගලවා කෝටි 28ක පමණ පාඩුවක් සිදු වී ඇති බවත්, ගමන් කිරීමට නොහැකි බවත් ඇතුළු සාවද්‍ය ප්‍රවෘත්ති රැසක් ප්‍රචාරය වෙමින් පවතිනවා. එහි සත්‍ය තත්ත්වය වන්නේ, නව කැලණි පාලමේ සහ කටුනායක අධිවේගි මාර්ගයේ ඇතැම් ස්ථානවලට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් යම් යම් හානි සිදු කර තිබෙනවා. ඒත් ප්‍රචාරය වන ආකාරයේ කැලණි පාලමේ ඇණ ගලවා සොරකම් කිරීමක්‌ සිදු වී නැහැ. එහි සවි කර ඇති ඇණ ගැලවීම සිදු කළ හැක්කේ විශේෂ උපකරණවලින් පමණයි. ඊට දින කිහිපයක් ගත වනවා. එය ප්‍රායෝගිකව සාමාන්‍ය පුද්ගලයකුට කළ හැකි කාර්යයක් නොවෙයි. ඒත් පාලමට යටින් ඇති පුවරු, ආරක්ෂිත කැමරාවලට සම්බන්ධ වන විදුලි රැහැන්, ජීඅයි පයිප්ප වැනි භාණ්ඩවලට හානි කිරීමක් සිදුව තිබෙනවා. ඒ අනුව කැලණි පාලමට පමණක් රු. මිලියන 6කට ආසන්න මුදලක හානියක් සිදුව තිබෙනවා.

එමෙන්ම කටුනායක අධිවේගි මාර්ගයේ කි.මී. 13ක් පමණ දිග කොටසක රැහැනක් ස්ථාන කීපයකින් කපා දමා ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රැහැන භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. එහි හානිය රු. මිලියන දෙසීයක් පමණ වනවා. මේ පිළිබඳව මීට පෙරද කරුණු පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම ඒ සම්බන්ධවත් මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

පොලිස්පතිතුමා සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව නව කැලණි පාලමේ ආරක්ෂාවට විශේෂ පොලිස් ඒකකයක් එම ස්ථානයේම ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වමින්, එලෙස සොරකම් කරන ලද කොටස් අලෙවි කළ ස්ථාන සහ පුද්ගලයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශන කණ්ඩායම් සමත්ව තිබෙනවා. එමෙන්ම අධිවේගි මාර්ගයට සිදු කළ හානි පිළිබඳවත් සැකපිට කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳ තවදුරටත් විශේෂ ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් තිබෙනවා. පසුගිය සතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිලයේදීත් මේ පිළිබඳ කරුණු සාකච්ඡා කරනු ලැබුවා. එහිදී මේ ආරක්ෂිත ක්‍රියාමාර්ග තවදුරටත් වර්ධනය කරමින් පොලිසිය මඟින් සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළට අමතරව අවශ්‍යතාව පරිදි බාහිර ආරක්ෂක සේවාවන්ගේද සහාය ගනිමින් මෙවැනි මර්මස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙළක් සකස් කිරීමට උපදෙස් දෙනු ලැබුවා. මේ වන විටත් ඒ සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.

විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වී තිබෙන්නේ පසුගිය කාලයේ වරින් වර විදුලිය සැපයුම සීමා කරන ලද කාල සීමාවේදීයි. එහෙත් ඒ පිළිබඳ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට අනාවරණය නොකිරීමට හේතුව ඒ විටත් ඒ පිළිබඳආරක්ෂක අංශ විසින් සිදු කරන ලද පරීක්ෂණවලට බාධාවක් සිදු වනු ඇති බවට පැවති සැකය හේතුවෙන්. ඒ අනුව කැලණි පාලමේ ඇණ ගලවා ඉවත් කර ඇති බවට වාර්තා වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මා තහවුරු කරනවා. ඉදිරියේදී මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා සිදු වීම වැළැක්වීමට අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

කෙසේවෙතත් මෙම පුවත වාර්තා කර තිබුණේ අරුණ පුවත්පතය.

ජපානෙන් හදපු අලුත් කැලණි පාලමේ හයිකරපු කෝටි 28ක ඇණ මුරිච්චි-තඹ කම්බි-ලයිට් වයර් කපාගෙන ගිහින්! පුදුම කාලකණ්නි තමයි අපේ රටෙත් ඉන්නේ! Sri Lanka Latest News
SendShareShare
Previous Post

වතුර බිලත් වැඩිවෙනවා! Sri Lanka Latest News

Next Post

දූෂණ විරෝධී පනතට ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරුද්ධයි! විපක්ෂයේත් සමහරු විරුද්ධයි! අධිකරණ ඇමැති හෙළිකරන දූෂණයට කැමැති මන්ත්‍රීවරු කව්ද? Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.