• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවනි ඇස් ඇරගෙන බලන් ඉන්න! බාල බෙහෙත් ගෙනැවිත් පුරවැසියන් මරණ මංචකයට ගෙන යන්න සහාය දෙන මන්ත්‍රීවරු කව්ද මිනිසුන් ජීවත් කරවන්නේ කව්ද කියලා අද දැනගන්න පුලුවන්! තව සුලු මොහොතයි! VIDEO I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටේ ජනතාව පාර්ලිමේන්තුව දිහා අවධානයෙන් බලා සිටින බවත් අද ගන්නා තීන්දුව අනුව මිනිසුන් ජීවත් කරවන්නේ කවුද සහ හොරකම වංචාව සහ බාල බෙහෙත් ගෙනවිත් පුරවැසියන් මරණ මංචකය කරා ගෙන යන්න සහයෝගය ලබා දෙන මැති ඇමතිවරු කවුද කියා තීන්දු වෙන බවත් සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධ විශ්වාසභංගයේදී මැති ඇමතිවරුන් ඡන්දය ලබා දෙන්නේ මිනිසුන් ජීවත් කරවන්නද මරා දමන්නද කියා තීරණය කිරීමේ අවස්ථාව උදා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මිනිසාගේ පරම යුතුකම මිනිසා ජිවත් කරවීම හෙයින් සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂය 2019ට පෙරත් 2019ත් 2019න් පසුත් සෑම විටම සිට ගත්තේ මිනිසා ජීවත් කරවීමේ පැත්තේ බවත් මේ දූෂණ ක්‍රියාවන්වලට අධිකරණයේ දී සහ මහජන අධිකරණයේ දී තීන්දු තීරණ ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (8) සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ සභාව අමතමිනි.

විපක්ෂය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට විෂය භාර අමාත්‍යවරයා කියනනේ ජනතාවගේ හිතේ නිදහස් නොමිලේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති කිරීමට උත්සාහ කරන බවත් පෞද්ගලික රෝහල් ප්‍රවර්ධනය කරනවා වැනි චෝදනා එල්ල කරන බවත් සුබසාධන රාජ්‍යයේ ප්‍රධාන අංගයක් වන නොමිලේ ලබා දෙන සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන ප්‍රශ්න ගැටලු කතා කිරීමට අයිතියක් නැද්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සුබසාධන රාජ්‍ය ප්‍රතිපත්තියේ ඇති නිදහස් සෞඛ්‍ය පිළිගන්නා බවත් නිදහස් සෞඛ්‍ය තුලින් රටේ ලක්ෂ 220කට ලබා දිය යුතු ප්‍රශස්ත ගුණාත්මක සේවාවේ ගැටලු ගැන පමණක් කතා කරන බවත් කුමන හේතුවකටවත් එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කරනවා කියන සංකල්පය අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම සෞඛ්‍ය සේවය කියන්නේ මානව අයිතියක් බවත් සමාජ සාධාරණත්වය ඇති කරන වැදගත් වැඩපිළිවෙළක් බවත් රෝග නිවාරණ ප්‍රතිකාර වැඩසටහන කාර්යක්ෂමව කාර්යශූරව ක්‍රියාත්මක කළ යුතු බවත් මෙම නිදහස් සෞඛ්‍ය සේවය රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ විශ්වාසභාංගය තුළින් කතා කරන්නේ බංකොලොත් රටේ පවා ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් සුබසාධන රාජ්‍යයේ වැදගත්ම අංගය වන නිදහස් සෞඛ්‍ය පෙරටු කර ගෙන හොරකම වංචාවෙන් යුතු ඖෂධ ජාවාරම් මෙහි දී ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේ නිරෝගී කම පරම ලාභය වුවත් එය අහිමි වී ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීම තුළ සතුටට් විශ්වාසයත් අහිමි වී ඇති බවත් රටේ ජනතාව පරලොව යවන මරණ මංචකය කරා යවන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක රටක අප සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර පනත් උල්ලංඝනය කර තමන්ට රිසි සේ ඖෂධ ගෙන්වීමේ ජාවාරමක නිරත වි සිටින බවත් එහි දී ලියාපදිංචි නොකරපු බෙහෙත් බාල බෙහෙත් ගෙනවිත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කරන බවත් කොවිඩ් සමයේ පවා එන්නතක් ඩොලර් 5ත් 7ත් අතර මුදලකට ගන්න තිබිය දී අපේ රට ගත්තේ ඩොලර් 15ක් වැය කරමින් බවත් මොවුන් මිනිසුන්ගේ දුක තුල මුදල් හම්බකිරීමේ ජාවාරම මේ වරමක් නොමැති ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ සඳහා ඇමතිවරයා පමණක් නොව සෞඛය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවා වගකිව යුතු බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය රටේ සෑම තැනකම කඩා වැටි ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා නියෝජනය කරන ප්‍රධාන රෝහලේ යන්ත්‍රයක්වත් නඩත්තු කර ගැනීමට මේ සෞඛ්‍ය ඇමතිවරයාට නොහැකි වූ බවත් ඔහු විසින් ගෙන ආ බාල බෙහෙත් නිසා මරණ 27ක් පමණ සිදුවූ බවත් මේ මරණ සොයා බැලීමට පත් කළ කමිටුවට පවා කියා ඇත්තේ අසාත්මිකතා නිසා පමණක් මෙම මරන සිදු වූ බවට පූර්ව නිගමන දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙහි දී පැවසීය.

බාල ඖෂධවලට අමතරව වෛද්‍යවරු හා වෛද්‍ය සේවකයන් රට හැර ගොස් ඇති බවත් මෙම ක්ෂේත්‍රවල උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන්ට ද රැකියාවක් නොමැති බවත් මේ ගැටලුවලට විසඳුම් දෙන්න ඇමතිවරයාවත් ලේකම්වරයාත් කටයුතු කර නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ගැටලුවලට අමතරව රෝහල්වල විදුලි බිල නොගෙවූ නිසා බොහෝ රෝහල්වල විදුලිය පවා විසන්දි කළ බව යි.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන හැමෝටම ඇත්ත දැනගන්න ඕනෑ! මහමොළකරුවන් කුමන්ත්‍රණකරුවන් ගැන දැනගන්න ඕනෑ! ‌ජාත්‍යන්තරය මැදිහත් වුණේ අපේ අය හරියට විමර්ශන නොකළ නිසයි! පුලුවන් නම් විමර්ශන ශානිට බාරදෙන්න! විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සති දෙකකට කලින් වළදාපු සිඟිත්තියගේ මළ සිරුර මිනී වළෙන් අතුරුදන් වෙලා! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.