පාස්කු ප්‍රහාරය පිළිබඳ රටේ අති මහත් බහුතරයට සත්‍ය කුමක්ද කියා සැකයක් මතුව තිබෙන බවත් එම නිසා එම සත්‍ය පක්ෂග්‍රාහි නොවී විනිවිධභාවයකින් යුක්තව අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා අතිඋතුම් කාදිනල් තුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාවටත් සමස්ත ශ්‍රී ලාංකියන්ටත් හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාතර අප ස්වාමිදුවගේ ජාතික දේවස්ථානයේ මංගල්‍යයට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
මෙහි මහ මොළකරුවන් කවුද? කවුද මෙය සැලසුම් කළේ ? මෙයට වගකිවයුත්තේ කවුද?මෙය ත්‍රස්ත ව්‍යාපෘතියක් ද? ඊට අමතරව මෙහි දේශපාලන අරමුණු තිබුණා ද කියා සොයා බැලිය යුතු බවත් එම සත්‍ය අවබෝධ කර ගැනීමට මැළි නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සාධාරණ පරික්ෂණයක් ඉල්ලා සිටින විට කෑකෝ ගහන්න අවශ්‍ය නොමැති බවත් ආණ්ඩුවේ පිරිස එසේ කෑකෝ ගහන්නේ එහි සැඟවීමට යමක් ඇති නිසාද කියා සැකයක් මතුවන බවත් තමන්ගේ දෑත් පිරිසුදු නම් එම දෑත්වල ලේ තැවරී නැත්නම් ත්‍රස්තයින් සමඟ දේශපාලන ගනුදෙනු උදෙසා ගණුදෙනු නොකළේ නම් සත්‍ය සෙවීමට බිය විය යුතු නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
එසේම සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ හොරකම, වංචාව, බොරුව, මුසාව, මිනිසුන් ඝාතනය සමඟ 113 දෙනකු සිටගත් බවත් 74 දෙනකු මිනිසුන් ජීවත් කරවීමේ පැත්තේ හිටගත් බවත් මෙසේ බාල ඖෂධ ගෙනවිත් මිනිසුන් ඝාතනය කිරීමට කැමති 113 දෙනාගේ සහ මිනිසුන් ජීවත් කරවීමට කැමති 74 දෙනාගේ ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ වෙන වෙනම ප්‍රසිද්ධ කළ යුතු බවත් පැවසීය.
මේ අවස්ථාවේ දී අගරදගුරු පදවි සහායක අති උතුම් දේවධර්මාචාර්ය ජේ. ඩී. ඇන්තනී රදගුරු හිමිපානන් සහ ගාලු රදගුරු තැන්පත් අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමිපානන් වහන්සේලා පිළිගැනීම ද සිදු විය.





























