• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උද්දිකගේ කාර් එකට වෙඩි තියපු නාට්ටිය ගැන ප්‍රශ්න කරගෙන යද්දී ඇග කිලිපොළා යන කතාවක් මතුවෙයි! අවුරුදු 4කට කලින් වෙඩි තියලා මරපු SF ‌ලොක්කාගේ කේස් එකටත් පොලිසිය ගෑවිලා! කෝටි 13ක සල්ලියක් පොලිසියට බෙදිලා ගිහින්! VIDEO I Sri Lanka Latest News

September 11, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ. (Sri Lanka Latest News)

එම සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳ අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව පැවසීය.

2023 සැප්තැම්බර් 17 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙක් වන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා ය.

සිද්ධියට අදාළව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (09) කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර නීතිවිරෝධී ආකාරයෙන් වත්කම් උපයාගෙන ඇත්දැයි සොයා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමට සම්බන්ධ කසුන් මධුසංක නොහොත් ”බැටා” විසින් කළ ප්‍රකාශයක් අනුව ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

බැටා නැමැති පුද්ගලයා පවසා ඇත්තේ තමන් SF ලොක්කා සමඟ ඇතිවූ ආරවුලක් උපයෝගී කරගනිමින් එවක අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම, උප පොලිස් පරීක්ෂක බාලසූරිය සහ පොලිස් සැරයන් ඩග්ලස් අප්පුහාමි යන අය සමඟ සම්බන්ධ වී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවයි.

එහිදී SF ලොක්කා ඝාතනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් බවට පැවසෙන රවීන්ද්‍ර නැමැත්තාට අයත් අනුරාධපුර උළුක්කුලම ඉඩමකට ගොස් T-56 අවියක් සහ උණ්ඩ 4ක් ලබාදී වෙඩිතැබීමට අවශ්‍ය පුහුණුව ද අදාළ පොලිස් නිලධාරියා තමන්ට ලබාදුන් බව ඔහු පවසා ඇති බව සඳහන් ය.

අනතුරුව 2020 අගෝස්තු 5 වනදා සැකකරු පොලිස් සැරයන් ඩග්ලස් අප්පුහාමි සමඟ යතුරු පැදියකින් SF ලොක්කාගේ මෝටර් රථය හඹාගොස් දහයියාගමදී වෙඩි තබා ඝාතනය කළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත.

ඝාතනයෙන් පසු අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයින් පිරිසක් විසින් අදාළ පොලිස් නිලධාරීන්ට රුපියල් කෝටි 13ක මුදලක් ලබාදී ඇති බවද බැටා නැමැත්තා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩි තැබීමට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ලක්ෂාන් නැමැත්තෙකුට T-56 අවියක් ලබාදී ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් ය.

තවද හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අවුරා ලංකා පුද්ගලික සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහුගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සහාය දී ඇති බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

ඒ අනුව අදාළ නිලධාරීන් පිළිබඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් ඒකකය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ය.

adaderana

SendShareShare
Previous Post

වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නාළිකාව.. ‘හිරු නිව්ස්’! වසරේ ජනප්‍රියම වැඩසටහන.. ‘හිරු ස්ටාර්’! වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන.. ‘හිරු සලකුණ’! කවුරු මොනවා කිව්වත් මිනිස්සු බලන්නේ ‘හිරු’! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී කැසිනෝ බලපත්‍රයක් දීලා! ගිවිසුම් අත්සන් කළේ ඡන්දෙ ප්‍රකාශ කළාට පස්සේ! අලුත් නීතියට අනුව ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළාද? බිලියන 05ක හෝ බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කෝ ඒ මුදල්? මැතිවරණ කොමිසමටත් පැමිණිලි කරන්න සූදානම්! අධිකරණයට යන්නත් නියමිතයි! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.