• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම ෆොටෝ ගහද්දී වීඩියෝ කරද්දී ජීවිතයක් බේරාගත් පොලිස් වීරයා එළියට එයි! මිනිස්සුන්ගේ වගකීම ගැන පාඩමක් කියා දෙයි! Sri Lanka Latest News

August 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
හැමෝම ෆොටෝ ගහද්දී වීඩියෝ කරද්දී ජීවිතයක් බේරාගත් පොලිස් වීරයා එළියට එයි! මිනිස්සුන්ගේ වගකීම ගැන පාඩමක් කියා දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බදුල්ල රජ වීදියේ පදික වේදිකාවකදී පසුගිය මැයි මාසයේ 20 වැනිදා තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකුට බරපතළ තුවාල සිදුවීමේ සිද්ධියට අදාළ වීඩියෝව ඔබ මේ වනවිටත් දැක ඇති. එම පහරදීම අවස්ථාවේ නගරයේ ඔරලෝසු කණුව අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු ක්ෂණිකව මැදිහත්ව එම පහරදීම වැළැක්වීමට කටයුතු කර තිබුණා. ඔහුගේ ඉදිරිපත් වීම නොවන්නට පහරකෑමට ලක්වූ පුද්ගලයා ඝාතනයට ලක්වීමට පවා බොහෝ ඉඩකඩක් පැවැතියා. එම පොලිස් නිලධාරියා සිදුකළ විශිෂ්ට මැදිහත්වීම ඇගයීම වෙනුවෙන් ීරස ඛ්බන් ඡදකසජැ යූටියුබ් නාලිකාව ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකිරීමට කටයුතු කර තිබුණා. පහත පළවන්නේ එම සම්මුඛ සාකච්ඡාවේදී අදාළ පොලිස් නිලධාරියා, තමන් මුහුණ දුන් සිදුවීම පිළිබඳ පළකළ අදහස්ය.Sri Lanka Latest News

මම ගැන කිව්වොත්, මම පොලිස් සැරයන් 39276, නීලන්ත. බදුල්ල මූලස්ථාන පොලිසියට අනියුක්තව තමයි රාජකාරි කරන්නේ.
මේ සිදුවීම සිදුවෙන්නේ මැයි 20 වැනිදා. එදා මගෙත් එක්ක උප පොලිස් පරීක්ෂක අලහකෝන් මහත්මයත්, පොලිස් කොස්තාපල් සිල්වා මහත්මයත්, කාන්තා පොලිස් කොස්තාපල්වරිය වන සුජාතා මහත්මිය ඇතුළු අපි නිලධාරීන් හතරදෙනාම බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ ආරක්ෂක රාජකාරියේ තමයි යෙදිලා හිටියේ.

මමත්, සිල්වා නිලධාරියාත් බස් නැවතුම්පොළේ ඉන්න අවස්ථාවේ සිවිල් පුද්ගලයෙක් ඇවිල්ලා කිව්වා, ‘සර්, අන්න අතන ඔරලෝසු කණුව ඉදිරිපිට පුද්ගලයකුට අමානුෂිකව පහර දෙනවා. සර් බලන්න පොඩ්ඩක්’ කියලා. ඒ ක්ෂණයෙන්ම මම එතෙන්ට දිවගෙන ගියා. සාමාන්‍යයෙන් එතෙන්ට දුර මීටර් 200ක් පමණ තියෙනවා. තත්පර ගානයි ගියේ මට එතැන්ට යන්න. මම පුළුවන් තරම් ඉක්මනින් එතැනට දිවගෙන යන විටත් අර පහර දෙන පුද්ගලයා තුවාලකරුට පහර එල්ල කරමින් හිටියේ. ඔරලෝසු කණුව ඉදිරිපිට පදික වේදිකාවේ කළු යකඩ වැටක් තියෙනවා. මම ගිය ගමන් ඒ යකඩ වැටෙන් පැනලා සැකකරු මගේ ග්‍රහණයට ගත්තා.

ඒ අවස්ථාවේ තුවාලකරු ලේ විලක් මැද වැටිලා ඉන්නවා. මගේ එකම අරමුණ වුණේ මේ තුවාලකරුගේ ජීවිතය බේරාගැනීම. ඒ නිසා මම ජීවිතය බේරාගැනීමට අවශ්‍ය නිසා, මම මුලින්ම කළ යුත්තේ සැකකරු මෙල්ල කරගැනීම.

එතැන සිවිල් පුද්ගලයෙකුත් මොහුව මෙල්ල කිරීමට උත්සාහ කරමින් සිටියේ මම එතැනට යන අවස්ථාවේදීත්. පසුව ඔහු මට සහාය වුණා මේ සැකකරුගේ දකුණු අතේ තිබිච්ච යකඩ මන්නය සැකකරුගෙන් ඉවත් කිරීමට.

මම එතැනට යන වෙලාවෙත් එක් පුද්ගලයෙක් පමණයි සැකකරු මෙල්ල කිරීමට උත්සාහ කරමින් හිටියේ. පසුව මම සැකකරු මගේ ග්‍රහණයට ගන්නවත් සමගම ඒ මෙල්ල කිරීමට උත්සාහ කරපු පුද්ගලයා එතැනට ආවා. ඇවිල්ලා, ඊට පස්සේ තමයි අපි සැකකරුව මෙල්ල කරගෙන ඉවර වෙලා, සැකකරුගේ දකුණු අතේ තිබිච්ච ආයුධය ඉවත් කරගත්තේ.

සැකකරු මට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න උත්සාහ කළේ නෑ. අපේ ග්‍රහණය දැඩිවම තිබ්බා. ඒ නිසා ඔහු අපිට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළේ නෑ. නමුත් මම එම ස්ථානයට යනවිටත් වටේ බලන් හිටපු අය වීඩියෝ කරමින් තමයි හිටියේ. සියලු දෙනා එකතු වෙලා මොහුව මේ නැවැත්වීමට උත්සාහයක් ගත්තේ නෑ. නමුත්, මම සැකකරු ග්‍රහණයට අරගෙන මෙල්ල කළාට පස්සේ, අර බලන් හිටපු පුද්ගලයන් මොහුට පහරදීමට උත්සාහ කළා.

සැකකරුවෙක් වුණත් පොලිසියේ භාරයට ගත්තට පස්සේ, අත්අඩංගුවට ගත්තට පස්සේ, අපි ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බැලිය යුතුයි, අනිවාර්යයෙන්. ඒක රටේ නීතිය. සැකකරුවන්ගේ ආරක්ෂාවත් පොලිසියේ භාරේ. ඒ නිසා තමයි මම කිසිම පුද්ගලයකුට සැකකරුට පහර දීමට ඉඩ දුන්නේ නැත්තේ. පසුව එම ස්ථානයට පැමිණි මගේ අනිත් සහෝදර නිලධාරීන් සමග සැකකරු අත්අඩංගුවට අරගෙන, පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රැඳවීමට කටයුතු කළා. ඊට පස්සේ තුවාලකරු රෝහල්ගත කිරීමට කටයුතු කළා.
මම සැකකරු මගේ ග්‍රහණයට අරගෙන, මෙල්ල කරගෙන, ඔහුව අත්අඩංගුවට අරගෙන, සැකකරුගෙත් ආරක්ෂාව බලලා, ඔහුට පහරදීමට එන අයවත් වළක්වලා, ඒ සියලු දේ සිදුකරමින් සිටියත්, තුවාලකරුව රෝහලට රැගෙන යෑම සඳහා සිවිල් පුද්ගලයන්ගේ කිසිම උනන්දුවක් තිබ්බේ නෑ. විනාඩි කිහිපයක් ගතවුණාට පස්සේ තමයි ඒක කරගන්න හැකියාව ලැබුණේ මට. මම සැකකරු මගේ අනෙක් නිලධාරීන්ට භාරදීලා, තුවාලකරු ගාවට ගිහිල්ලා බලනකොට තුවාලකරු එතැනම ඉන්නවා. විනාඩි පහක වගේ කාලයක්. ඒ වෙද්දීත් අවශ්‍ය නම් සිවිල් පුද්ගලයන්ට තිබ්බා තුවාලකරු ඉක්මනින් එතැනින් ඉවත් කරන්න. නමුත්, මම සැකකරු භාරදීලා එතැනට ගියාට පසුව තමයි සිවිල් පුද්ගලයොත් එතැනට ආවේ. ඉතින් ඊට පස්සේ තමයි මම අපේ නිලධාරීන්ගෙන් උදව් උපකාර අරගෙන තුවාලකරු ත්‍රිරෝද රථයකට දාගෙන බදුල්ල මහ රෝහල වෙත පිටත්කර හැරියේ. සැකකරු ගරු අධිකරණයට ඉදිරිපත් කරලා, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා.

මට පසුව අනාවරණ වුණා ඒ අවස්ථාවේ මට සහාය වෙච්ච සිවිල් පුද්ගලයා රෝහල් ගිලන් රථ රියැදුරෙකු බවත්, ඔහු දම්බරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත්. ඇත්තටම මම මේක අවස්ථාවක් කරගන්නවා එතුමන්ට ස්තුති කරන්න, දෙනෝදාහක් වීඩියෝ කර කර බලන් ඉද්දිත් ඔහු නිර්භීතව ඉදිරිපත් වෙලා මටත් සහයෝගය දක්වමින්, මේ අපරාධය වළක්වා ගැනීමට කටයුතු කළා.

මෙම ගැටුමට මැදිවූ පුද්ගලයන් දෙදෙනා අතර මීට පෙරත් ආරවුල් ඇති වෙලා තියෙන බව වාර්තා වෙනවා. අධිකරණයේ නඩු කටයුතුත් පවතිනවා. මොවුන් සහෝදරයෝ. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පළිගැනීමේ චේතනාව සහ දැඩි වෛරයක් තියෙනවා මොවුන් දෙදෙනා අතර. ඒ වෛරයේ ප්‍රතිඵලයක් තමයි මේ අවස්ථාවේ මේ අපරාධය සිද්ධ වීමට හේතුවක් වුණේ.

මගේ සේවා කාලය දැනට වසර 23ක් විතර වෙනවා. මගේ සේවා කාලය තුළ මම පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කරලා, යුද්ධය අවසන් වුණාට පස්සේ සාමාන්‍ය පොලිස් සේවයට ඇවිල්ලා, සාමාන්‍ය පොලිස් සේවයේත් විවිධ අපරාධ අංශය, විවිධ පැමිණිලි අංශ, කාන්තා කාර්යාංශය වගේ අංශවල රාජකාරි කරලා, ඒ ලබාගත් පන්නරය සහ ආත්ම ශක්තිය නිසා තමයි මට මේ වැඩේ බියක් නැතුව කරගන්න පුළුවන් වුණේ. ඒ ආත්ම ශක්තිය තිබ්බා මට. ඒ හැකියාව තුළින් තමයි ඒ ආත්ම ශක්තිය මම ප්‍රගුණ කරලා තිබ්බේ.

මගේ පවුලේ විස්තර කිව්වොත්, මම විවාහකයි. මට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. පුතා මහියංගණය බණ්ඩාරනායක ජාතික පාසලේ 8 වසරේ ඉගෙනුම ලබන්නේ. දුවත් මහියංගණය බණ්ඩාරනායක ජාතික පාසලේ 4 වසරේ ඉගෙනුම ලබනවා.

ඇත්තෙන්ම මේ සිදුවීමත් එක්ක මම කියන්න ඕනේ, මේ වගේ සිදුවීමක් වෙනකොට අපේ පුරවැසියාගේ නිරන්තර පුරුද්දක් තමයි ජංගම දුරකතනය අතට ගන්න එක. ඒ අපරාධය වැළැක්වීම සඳහා කටයුතු සිදුකිරීමට වඩා ජංගම දුරකතනය අතට අරගෙන ඒක වීඩියෝ කිරීම තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ වගේම මම සැකකරු මගේ භාරයට අරගෙන, ඔහුව ආරක්ෂා කරගෙන ඉන්න අවස්ථාවේදීත් මොහුට පහර දීම තමයි මිනිස්සුන්ගේ අරමුණ වුණේ. තුවාලකරු රෝහල්ගත කිරීම නොවෙයි. ඊට වැඩිය අපි මානුෂීය වෙන්න ඕනේ. සැකකරු කොහොමත් අපේ භාරයට අරගෙන තියෙනවා. තුවාලකරු මුලින් රෝහල්ගත කිරීමටයි සිවිල් මහජනතාව අපිට උදව් උපකාර කළ යුත්තේ. ඔවුන්ට ඒ සඳහා අවකාශය තියෙනවා. ඕනෙම වෙලාවක සිවිල් පුද්ගලයෙකුට පුළුවන් පොලිස් නිලධාරියෙකුට සහාය දෙන්න. ඒක නීත්‍යනුකූලවම කළ හැකි දෙයක්.
ඉතින්, මම මේ සමාජයෙන් ඉල්ලන්නේ, මේ වගේ සිදුවීමක් වුණොත්, සහාය දෙන්න පොලිස් නිලධාරියාට. ජංගම දුරකතනයේම ඉන්නේ නැතුව, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ඉක්මනින් රෝහල්ගත කිරීමට කටයුතු කිරීම වගේ දේවල් සිදුකිරීමෙන් ලොකු දෙයක් වෙනවා සමාජයට.

ඒත් එක්කම, මේ, තවත් සමාජයට දෙන්න පණිවුඩයක් තියෙනවා, මේ ඉඩම් ආරවුල්, පවුල් ආරවුල් වගේ දේවල් නිසා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙනවා, පොඩි දේකට. ඉතින්, සමාජයෙන් ඉල්ලන්නේ මේ වගේ දේවල් දැකලා හරි, අත්දැකීමක් ලබලා ජීවිතයට පාඩමක් කරගන්න. යහපත් ජීවිතයක් ගතකරන්න නම් ක්‍රෝධය, වෛරය, ඉරිසියාව වැනි දේවල් හිත්වලින් අයින් කරලා, මනුස්සකම ඉස්සරහට දාලා, මනුස්සකම ඉස්සර කරගෙන සමාජය සුවපත් කරලා, යහපත් සමාජයක් හදන්න හැමෝම අධිෂ්ඨාන කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා.

පොලිස් රාජකාරිය කියලා කියන්නේ මගේ ජීවිතයේ වටිනාම දේ. මම ගොඩාක්ම ආදරය කරන්නේ මගේ රස්සාවට. පොලිස් නිලධාරියෙක් වෙනවාම කියන්නේ, මුළු සමාජයක්, මුළු රටක්, ලෝකයක් ජයගන්න පුළුවන් මනුස්සයෙක්. රටක සමාජයක්, ජීවත් වෙන පරිසරය, පවුල් සංස්ථාව, පුද්ගලික ජීවිතයටත් සෑහෙන වැදගත් මේ රැකියාව. රැකියාවෙන් ලැබෙන අත්දැකීම්, ගෞරවය ඉතා වැදගත්. මම නම් හිතන්නේ නෑ වෙන රාජ්‍ය සේවකයෝ කිසිවකුට සමකළ හැකි වෙයි කියලා පොලිස් සේවය. පොලිස් සේවයේ නියුතු නිලධාරියකුට සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අතිමහත්. සමාජය සුවපත් කරන්න, යහපත් කරන්න. පොලිසිය මගේ ජීවිතය වගේ තමයි. මම අද මෙතැන ඉන්නේ මේ රැකියාව නිසා.

මම කියන්න කැමැතියි, පොලිස් රාජකාරිය අවංකව කැපවීමෙන් වැඩකරන මම වගේම තවත් නිලධාරීන් ගොඩක් ඉන්නවා. ඒ හැම නිලධාරියෙක්ම මේ වගේ වීඩියෝ කැමරාවල පටිගත වෙන්නේ නෑ. මමත් අද මෙතැන නෑ, මේක වීඩියෝ කැමරාවට පටිගත වුණේ නැත්නම්. ඉතින්, මම සමාජයට කියන්නේ, හොඳ දේ කරන නිලධාරීන් වැඩියි ශ්‍රී ලංකා පොලිසිය තුළ. පොලිස් සේවයේ වටිනාකම තියෙන්නේ එතැන තමයි. අවංකව රාජකාරි කළොත්, කවදාවත් පොලිස් නිලධාරියකුට වරදින්නේ නෑ. ඔහුගේ පුද්ගලික ජීවිතයේත්, රාජකාරී ජීවිතයේත් ප්‍රශංසා ලැබෙනවා මට අද මේ ලැබෙනවා වගේ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කළොත් මේ වගේ ප්‍රශංසා ලැබෙනවා.

Sri Lanka Police

SendShareShare
Previous Post

හිත ඇත්නම් පත කුඩාද? එකට පාඩම් කරලා වෛද්‍ය විද්‍යාලයට තේරුණු ලෝකෙම කතාකරන අම්මයි-දුවයි ! Sri Lanka Latest News

Next Post

අර වර්ජන මේ වර්ජන බොරු ගර්ජන සහ තර්ජන! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.