• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර වර්ජන මේ වර්ජන බොරු ගර්ජන සහ තර්ජන! Sri Lanka Latest News

August 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තුනක් විතර මේ ලිපිය ලියන දවස වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉන් ප්‍රධාන ස්ථානයක් අරගෙන තියෙන්නේ ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන තැපැල් වර්ජනය. තැපැල් වර්ජනය කියලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. අතිශය නරක තත්ත්වයකට තැපැල් වර්ජනය පත්වෙනවා. මොකද රට ඇතුළේ තැපෑලේ දේවල් සිද්ධ නොවෙන්න ගත්තම ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට එකපාරටම නොදැනුණාට බොහෝ විට සමහර කෙනෙකුට තමන්ගේ පත්වීමක්, තනතුරක් අහිමි වෙලා යන්න පවා මේක බලපාන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා, විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව පවා අහිමි වෙච්ච. ඒක නරක තත්ත්වයක්. පරිපූරක වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක්, නැත්නම් මේ විදිහට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනත් මේ ලිපිය ලියන මොහොතේදී කියැවෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක මණ්ඩලවලත් යම් දෙයක් ගැන කතාබහට ලක්වෙමින් තියෙනවා.Sri Lanka Latest News

දැන් මේ අයගේ ඉල්ලීම් සාධාරණද? අපිට, අපේ දෘෂ්ටිකෝණයෙන් බැලුවම නම් මේ ඉල්ලීම් හරිම අසාධාරණයි. ජනතාව විදිහට අපිට ඇත්තටම ඒගොල්ලන්ට එච්චර දේවල් දෙන්න ඕනේ කියලා හිතෙන්නේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ තැපෑලට නිල ඇඳුමක් දීලා, මහගන්න සල්ලිත් දීලා, බයිසිකලේට සල්ලිත් දීලා, ඒක මදි කියලා උද්ඝෝෂණය කිරීම කොච්චර භයානකද කියන එක. ඒ වගේම මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර කියන ඒවා ගැන අපේ රටේ පුදුම ප්‍රශ්නයක් තියෙනවා. සේවයට වාර්තා කිරීමේ වෙලාව කියන එක අපි දන්නවා අපහසු දෙයක්. හැබැයි ඉතින් ලංකාවේ ආචාර්ය මණ්ඩලවල ඉන්න ගුරුවරු හතහමාර වෙද්දී ඉස්කෝලෙට එනවා. එතකොට ඒගොල්ලොන්ට පහුගිය කාලේ පුරාම විවිධ අය විවිධ චෝදනා කරානේ. එතකොට ඇයි මේ?

ඒ වගේම අපි දන්නවා වෛද්‍යවරු පවා මේ වැඩේට එකඟ වෙන්නේ නෑ. ඒගොල්ලෝ නිතරම කියන්නේ මේ අපිට ෆින්ගර් ප්‍රින්ට් තියන්න බෑ, අස්සන් කරන්න ඕනේ, කොළ දාන්න බෑ, ඇඟිලි තියන්න බෑ වගේ දේවල්. ඇයි මිනිස්සු මෙච්චර දේවල් බලාපොරොත්තු වෙන්නේ? ආණ්ඩුවකින් හැමදේම දෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ ඇයි? රජයකින් මිනිස්සුන්ට වරප්‍රසාද දෙන්න ඕනේ, ඒක ඇත්ත. හැබැයි රජයකින් වරප්‍රසාද ඉල්ලන්න පුළුවන් මට්ටමක රටක්ද මේක? මේක සුඛිතමුදිත වෙච්ච සිංගප්පූරුව වගේ රාජ්‍යයක්ද? සෑම පහසුකමක්ම තියෙන, මිනිස්සු බදු ගෙවන, නිදහසේ ජීවත් වෙන්න පුළුවන්, විශාල ආර්ථික ශක්තියක් තියෙන රටක්ද මේක?

ඒක ප්‍රශ්නයක්. අපි රටක් විදිහට මීට වඩා මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ. අපි දන්නවා මේ ආණ්ඩුවට මේ වෙලාවේ පැවරිලා තියෙන්නේ ලොකු රාජකාරියක්. ඒගොල්ලොන්ට එළියට බැහැලා කරන්න වුණෙත් පහසු වැඩක් නෙමෙයි. ආණ්ඩුවක් කියලා කියන්නේ මොන පක්ෂයෙන් ආවත්, මොන කණ්ඩායමෙන් ආවත්, ඒක සෙල්ලමක් නෙමෙයි. හැබැයි ඉතින් එක අතකින් මෙහෙම දේකුත් තියෙනවා. මීට කලින් මේ වගේ තැන්වලදී එළියට බැහැලා, කෑගහලා, උද්ඝෝෂණය කරලා, සටන් පාඨ කියලා, සටන් මෙහෙයවලා, මේ සෙල්ලම පටන් අරගෙන, මේ සෙල්ලමේ වැඩිපුරම බැහැලා හිටපු කට්ටිය දැන් ඉන්නේ ආණ්ඩුවේ. මැති ඇමැතිකම්, තනතුරු තාන්නමාන්න අරගෙන. මහින්ද ජයසිංහලා, වසන්ත සමරසිංහලා වගේ අයට මේවා හොඳට හුරු පුරුදුයි. ඒ නිසා ඒගොල්ලොන්ට මේ වෙලාවේ තේරෙනවා ඇති කොච්චර නරකද ආණ්ඩුවක් එක්ක මේ විදිහේ සෙල්ලම් පටන් ගන්න එක. මිනිස්සු අසරණ කරලා, මිනිස්සුන්ව බිල්ලට දීලා, මිනිස්සුන්ව ප්‍රාණ ඇපකරුවෝ කරලා, වෛද්‍යවරු උද්ඝෝෂණය කරන එක. ශිෂ්‍යයන්ව ප්‍රාණ ඇපයට අරගෙන, ශිෂ්‍යයන්ව බිල්ලට දීලා ගුරුවරු උද්ඝෝෂණය කරන එක. දුම්රිය සේවකයෝ දුම්රියේ යන මිනිස්සු කොළඹට ගිහින් දාලා ආපහු එන්න නොදී දුම්රිය වැඩවර්ජන ආරම්භ කරන එක කොච්චර නරකද කියලා දැන් තේරෙනවා ඇති. ඒවට අමානුෂික ලෙස සලකන එක ඊට වඩා නරක බව අපි දන්නවා.

අට්ටාල කඩලා, රිදවලා, තුවාල කරලා, ශිෂ්‍යයන්ව පන්නා දමන ක්‍රමවේදය අපි හැමදාමත් හෙළාදැක්කා. ශිෂ්‍යයන් ඉල්ලන්නේ නැහැ මේ තරම් අයිතියක්, මේ තරම් වුවමනාවක්. වාහන පර්මිට් ඉල්ලන්නේ නෑ. ශිෂ්‍යයෝ ඉල්ලන්නේ නෑ නිල ඇඳුම් දීමනා. ශිෂ්‍යයෝ ඉල්ලන්නේ නෑ ඇඟිලි සලකුණු තියන්න එපා කියලා. අපිට 80% සම්බන්ධ ප්‍රශ්නෙට උදව් වෙන්න, මේ ඉස්කෝලෙන් 80% ඉල්ලනවා විභාගේ ලියන්න කියලා කවදාවත් පාසල් ශිෂ්‍යයෝ එළියට බැහැලා නෑ. නමුත් දැක්කනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අට්ටාල කඩලා දාපු කලින් ආණ්ඩුව. ඒ ආණ්ඩුව අනුගමනය කරමින් මේ ආණ්ඩුවත් වැඩ කරන බව අපිට දැන් තේරෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ, මහජනතාව විදිහටත් වගකීමක් තියෙනවා. අපි නිකමට නෙවෙයිනේ මහජනතාව කියලා කියන්නේ. ජනතාවට මහා ලොකු වැඩක් පැවරිලා තියෙනවා. ඔබ කැමති ආණ්ඩුව පත්කරගෙන, ඔබ ඡන්දෙ දීලා පත් කරගෙන, ඒ අය කියන දේවලට එකඟ නොවී ඉන්නත් බෑ. අපිට දැන් හොඳටම තේරෙනවා, සෞඛ්‍ය සේවකයන්ගෙත් වැඩවර්ජනයක් ඉක්මනට එයි වගේ එකක්. මොකද ඒගොල්ලන්ගේ නිවාඩු අයින් කරලා, ඒගොල්ලන්ට තියෙන වරප්‍රසාද අයින් කළාම ඒගොල්ලොත් එළියට බහිනවා. මොකද ඒගොල්ලෝ දන්නවා ලංකාවේ මිනිස්සු මැරෙන්න ඇරලා, ඉස්පිරිතාලවල බෙහෙත් හේත් නැතුව එළියට බැස්ස ගමන් ඕනෑම ආණ්ඩුවකට සිද්ධ වෙනවා, දන්නා නොදන්නා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරන්න ඉල්ලන දෙයක් දෙන්න. ඉතින් ඉල්ලන දෙයක් දෙන බලාපොරොත්තුවෙන් මෙහෙම එළියට බහින එකවත්, අර රත්නපුර පැත්තෙද කොහෙද මම දන්නේ නෑ, එක්කෙනෙක් යට ඇඳුම පිටින් එළියට බැහැලා ඕක තමයි රෙද්ද අඳින්න පුළුවන් කියලා සටන් පාඨ කියන එකවත් අපිට මේ වෙලාවේ වීරයෝ වගේ පේන්නේ නෑ. ඇත්තටම ඒ මහත්තයාට තියෙන්නේ ඒ ඇඳුම අඳින්න යෝජනා කරන්න. ඒ මහත්තයා ඒ ඇඳුමට ආස නම්, ඒ මහත්තයා ඇතුළු කණ්ඩායමටම ඒ විදිහේ ඇඳුමක් දෙන්න කියලා අපි යෝජනා කරනවා. ඒ පාට, ඒ විදිහේ එකක්. ඔහුගේ යට ඇඳුම පවා පේනවා. ඒ නිසා ඔහුට යට ඇඳුමකුත් දෙන්න වෙයි. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒ වගේ දේවල් කරනවා නම් අපි එකඟයි, අපේ විරුද්ධත්වයක් නෑ.

හැබැයි ඉතින් ආණ්ඩුව අපහසුතාවට පත්වුණා කියලා අපිට සතුටු නෑ. මොකද මේ ආණ්ඩුව කවුරු පත්කළත්, ඒක ලංකාවේ ආණ්ඩුව. මේ ආණ්ඩුවට කරන්න බැරි නම්, මේ ආණ්ඩුව දිගටම අපහසුතාවට පත්වෙනවා නම්, මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන්නේ දිගින් දිගටම වැඩවර්ජනවලට නම්, අනුර කුමාර දිසානායක මහත්තයා බෙහෙත් ගන්න බැරුව ඉස්පිරිතාලෙන් හැරිලා යන්නේ නෑ. අනුර කුමාර දිසානායක මහත්තයාට එන ලියුම් තැපෑලෙදි අතරමග නවතින්නේ නෑ. අනුර කුමාර මහත්තයාගේ ළමයින්ට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න බැරුව අවුරුදු පහ දහය උපාධිය ගන්න පරක්කු වෙන්නේ නෑ. මේක වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුන්ව අපහසුවතාවට පත්කරලා, සාමාන්‍ය මිනිස්සුන්ටම පාඩු කරන්නේ නැතුව, එහෙම නම් ඉතින් ඊළඟ වතාවේ හරි තීන්දුවක් ගන්න. ඒ තීන්දුවනෙ මේ අරගෙන තියෙන්නේ. මේ තීන්දුවට වඩා තවත් මොකක්ද? තව කාවද යෝජනා කරන්නේ? ඒ නිසා නෝනාවරුනි, මහත්වරුනි, මේක හොඳ සෙල්ලමක් නම් නෙමෙයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හැමෝම ෆොටෝ ගහද්දී වීඩියෝ කරද්දී ජීවිතයක් බේරාගත් පොලිස් වීරයා එළියට එයි! මිනිස්සුන්ගේ වගකීම ගැන පාඩමක් කියා දෙයි! Sri Lanka Latest News

Next Post

නිකිණි පෙරහැර මංගල්ලයට ලකලෑස්ති වෙන දූනගහ කතාව! Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.