ඉදිරි මහමැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයක් ගොඩ නගා මහමැතිවරණයට තරග කරන බව මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතා සන්ධානයට නායකත්වය දුන්නද පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවනු ඇති බවකි.
එමෙන්ම මේ වනවිට අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය පාරේම යමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එදා ගෝඨාභයද වාහන එකතු කරමින්, ජනාධිපති කාර්යාලයේ වාහන බෙදා දෙමින්, ජනපති කාර්යාලයේ බත් වේල අහෝසි කරමින්, කිරි තේ වෙනුවට ප්ලේන්ටී දෙමින් මෙවැනිම වැඩපිළීවෙළක් ගෙන ගිය බවකි.









