ස්ථාවර නියෝග අංක 146 යටතේ අද දිනයට යෙදී ඇති කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ පාර්ලිමේන්තුව තුළ සිදු වූ යම් ලිංගික හිංසන ක්‍රියාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වන නමුත් ඒ කරුණ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව තවමත් එවා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මෙම සම්පූර්ණ වාර්තාව නොමැතිව විපක්ෂය මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ නොහැකි බවත් දැනට එවා ඇති ලේඛනයේ දක්නට ලැබෙන්නේ මේ සිදුවීමට අදාළ නිගමනය පමණක් බවත් මේ ගැන සාකච්ඡා කරන්න පෙර මේ සම්බන්ධයෙන් කියවා බැලිය යුතු නිසා නිවැරදි වාර්තාව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.










