• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිට නඩු දාද්දි මාලිමාව හිටියේ කොහේද? රාජපක්ෂලාට විරුද්ධව නඩු දාද්දි මාලිමාව හිටියේ කොහේද? VFS වංචාවට නඩු දාද්දි මාලිමාව හිටියේ කොහේද? විදුලි බල මණ්ඩලේ වෙච්ච විශාලම වංචාවට දාපු නඩුව හදිසියේම මාලිමාව අයින් කරගත්තේ ඇයි? කාදිනල් හිමිට ජනාධිපති නීතීඥ රියන්සි යවපු ලියුමට සජබයේ ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය පිළිතුරු ලියුමක් යවයි! I Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පොලිස්පතිට නඩු දාද්දි මාලිමාව හිටියේ කොහේද? රාජපක්ෂලාට විරුද්ධව නඩු දාද්දි මාලිමාව හිටියේ කොහේද? VFS වංචාවට නඩු දාද්දි මාලිමාව හිටියේ කොහේද? විදුලි බල මණ්ඩලේ වෙච්ච විශාලම වංචාවට දාපු නඩුව හදිසියේම මාලිමාව අයින් කරගත්තේ ඇයි? කාදිනල් හිමිට ජනාධිපති නීතීඥ රියන්සි යවපු ලියුමට සජබයේ ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය පිළිතුරු ලියුමක් යවයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් යටතේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ට වන්දි ලබා දිම මෙන් ම එම ප්‍රහාරයට වගකිව යුත්තන් නීතියේ රැහැනට හසුකරගැනීම සැක සහිත බව සඳහන් කරමින් නිතිඥ රියෙන්සි අර්සකුලරත්න 2024 සැප්තැම්බර් 15වන දින අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත ලිපියක් යොමු කළේ ය.Sri Lanka Latest News

එදින ම මෙම ලිපිය බොහෝ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රසිද්ධියට පත්විය.

අද දින (17) එම ලිපියට පිළිතුරු ලිපියක් යැයි සඳහන් කරමින් සමගි ජන බලවේගය නියෝජනය කරමින් නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න වෙත ලිපියක් යොමු කර ඇත.

 මතු දැක්වෙන්නේ එම ලිපිය යි.  

වර්ෂ 2024 සැප්තැම්බර් මස 16 වන දිය
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා

මා හිතවත් රියන්සි,

ඔබගේ වෘත්තීමය හැකියාව සහ දක්ෂතාවය පිළිබඳව නිරතුරුවම මා තුළ ඉහළ ගෞරවයක් තිබේ. ඔබ විසින් වර්ෂ 2024 සැප්තැම්බර් 15 වැනි දින අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත යවන ලද වාර්ගික සහ ආගමික අසමගිය ඇති කරන ආකාරයේ ලිපියක් ලිවීමට ඔබ පෙලඹෙන ලද්දේ කෙසේ ද යන්න මට සිතිය නොහැකි ය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා අතරමැදි පාර්ශව ලෙස ස්වාමින් වහන්සේලා තෙනමක් එක් වීමට ගොනු කරන ලද පෙත්සම්වල කරුණු තහවුරු කිරීම සඳහා වර්ෂ 2024 සැප්තැම්බර් 18 වන දින පව 1.30 ට මෙම නඩුව කැඳවීමට නියම කර ඇත.

දැනට විමසමින් ඇති එකී නඩුවේ කරුණු විකෘති කරමින් මෙවන් ලිපියක් ලිවීම ඔබ කැමැත්ත දක්වන ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීම උදෙසා සහ එය මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කිරීම පිණිස අවසත් මොහොතේ ගනු ලබන නිෂ්ඵල ක්‍රියාවක් බව මාගේ වැටහීමයි.

දේශබන්දු තෙන්නකෝන් පොළිස්පතිවරයා ලෙස පත්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් හෝ වෙනත් නඩුකරයක් පැවැරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ හෝ ජාතික ජන බලවේගය කටයුතු නොකිරීම තරමක් විශ්මය දනවන කාරණයකි. තත්ත්වය එසේ වුවද සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකාව වන හිරුණිකා ප්‍රේමවන්ද මහත්මිය විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පතවීම අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනුකර ඇත. තවද මහජනයා අතරින් පුද්ගලයන් කිහිපදෙනකු සහ අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ද ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ද විය.

එවැනි අයදුම්පත්වල ප්‍රතිඵලයක් ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර එය හුදෙක් දේශපාලන සටන් පාඨයක් නොවන බවට මතක් කරනු කැමැත්තෙමි. දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිවරයා ලෙස පත්වීමට එරෙහිව නිසි නෛතික පියවර නොගෙන ජනතා විමුක්ති පෙරමුණ සහ හෝ ජාතික ජන බලවේගය මෙන් එකී පත්කිරීම දේශපාලන සටන් පාඨවලට සහ උද්ඝෝෂණවලට පමණක් සීමා කළේ නම් අදටත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ධුරයේ කටයුතු කිරීමට ඉඩ තිබුණි.

තවදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කබීර් හෂීම් මහතා ද දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට විරුද්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ හඬ නගමින් දැඩි ලෙස විරුද්ධ වූ බව මතක් කරනු කැමැත්තෙමි. ජාතික ජන බලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍දායක සභාව වෙත කිසිදු පුද්ගලයකු නම් කිරීමක් සිදු කර නොතිබූ අතර එයට හේතුව කුමක්ද යන්න ඔවුන් පමණක් දන්නා කරුණක් වේ. නමුත් ජාතික ජනබලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත ඔවුන්ගේ නියෝජනයක් කර තිබුණේ නම් මෙම පත්කිරීම සම්බන්ධයෙන් අදාළ සුදුසු තැනදී ම ඊට විරුද්ධ වෙමින් නිසි පියවර ගැනීමට හැකියාව තිබූ අතර එය එසේ වුවා නම් වර්තමාන පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මෙම අර්බුදය ඇති නොවීමට ද ඉඩ තිබුණි.

මේ සියලු දේවල් ආණ්ඩුතුම ව්‍යවස්ථාදායක සභාව තුළ මේ ආකාරයට සිදුවන අවස්ථාවේ දී ජාතික ජන බලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සිටීම ප්‍රශ්න සහගත වේ.දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්වීමට එරෙහිව මහජනයාගේ අයිතිවාසිකම් පිළිබඳව හැඟීමක් සහ වුවමනාවක් ඇති පාර්ශව මූලික අයිතිවාසිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන විට ජාතික ජන බලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සිටීම ප්‍රශ්න සහගත වේ. සමගි ජන බලවේගයේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තිවල පදනම වන්නේ නීතියේ ආධිපත්‍ය සහ මහජන අභිලාෂ මුදුන්පත් කිරීම බව ඔබට පසක් කරනු කැමැත්තෙමි.

සමගි ජන බලවේගය තනි පුද්ගලයකුගේ අභ්‍යාසකට යටත්ව ක්‍රියා කරන දේශපලන සංවිධානයක් නොවන අතර එම පක්ෂය සත්‍ය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන් සහ ජනතා අභිලාෂ වෙනුවෙන් කටයුතු කරන පක්ෂයක් වේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහිව ගොනු කරන ලද මෙම පෙත්සම ගොනු කිරීමෙන් පසුව ද එකී පත් කිරීමට එරෙහිව නඩු පැවැරීමට හැකියාවක් ජාතික ජනබලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණට ඉඩ තිබුණි. එසේම ස්වාමින් වහන්සේලා තෙනමක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ අවස්ථාවේ දී එයට මැදිහත් වී විරුද්ධත්වය පලකිරීමට හැකියාවක් ජාතික ජනබලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් තිබුණි. නමුත් මේ වනතෙක් එවැනි කිසිදු විරෝධතාවයක් ජාතික ජන බලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ සිදු කර නොමැත.

සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සමාජිකයන් වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තිදෙනකු විසින් ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ප්‍රධාන පාර්ශව වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට විරුද්ධව නඩු පැවැරූ අවස්ථාවේ දී ද ජාතික ජන බලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ නිහඩව සිටි ආකාරය ද ප්‍රශ්න සහගත ය.

සමගි ජන බලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ සහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක වන සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, එම්. ඒ. සුමන්දිරන්, රවුෆ් හකීම් යන අය විසින් අතිවිශාල වංචාකාරී VFS ගනුදෙනුවට එරෙහිව නඩු පැවැරූ අවස්ථාවෙ දී ජාතික ජතබලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ නිහඩව සිටීම ප්‍රශ්න සහගත ය. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම වාණිජ වංචාවට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ නිරෝෂන් පාදුක්ක යන අය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු (SCFR 198/24 සහ 254/24) පවරා ඇත.

 මීට පෙර අවස්ථාවක දී මෙම වංචාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දූෂණ විරෝධී ඒකකයේ කැඳවුම්කරු වන වසන්ත සමරසිංහ ද අංක SCFR 355/21 දරණ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලද අතර වර්ෂ 2022 නොවැම්බර් මාසයේ දී එකී නඩුව පුදුම සහගත ලෙස ඉල්ලා අස්කර ගැනීමට ඔහු විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කරන ලදී. මහජන දේපළ වංචාකාරී ලෙස අවභාවිතා කිරීමක් මෙහි දී සිදුව ඇති බැවින් එම අවස්ථාවේ දී එකී නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා දැඩි ලෙස විරුද්ධ වූ අතර ඒ විරෝධතා මධ්‍යයේ, පොදු දේපළ සම්බන්ධ එකි නඩුව ඉල්ලා අස්කර ගන්නා ලද බව පසක් කරදෙනු කැමැත්තෙමි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු එක් අපරාධකරුවකු ජාතික ජන බලවේගයයේ ජාතික ලැයිස්තුවේ සිටි ප්‍රධාන බුද්ධිමතෙක් වේ. මේ සම්බන්ධයෙන් ද ජාතික ජන බලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ලබයි. ඉහත සඳහන් කළ තත්ත්වයන් තුළ, ජාතික ජන බලවේගය සහ හෝ ජනතා විමුක්ති පෙරමුණ සිත් ඇදගන්නා සුළු වචන සහ සටන් පාඨ හඬ නගන අතරේ සමගි ජන බලවේගය නායක ගරු. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය සහ ප්‍රතිපත්ති මත සමගි ජන බලවේගය සහ එහි නීතිඥ කණ්ඩායම, නීතියේ ආධිපත්‍යයේ ශුද්ධ වූ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින්, එවැනි සියලු අපරාධකරුවන්ට එරෙහිව කාලෝචිත ලෙස අර්ථවත් ක්‍රියාමාර්ග ගන්නා ලද ඇති අතර ඉදිරියටත් එසේ ක්‍රියා කරනු ඇති බව ඔබට පසක් කරදෙනු කැමැත්තෙමි.

මීට හිතවත්,
ජනාධිපති නීතිඥ
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති[email protected]

පිටපත්:
අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්,

අර්ච් බිෂොප් හවුස් ඥානාර්ථ ප්‍රදීප මාවත, කොළඹ 08

SendShareShare
Previous Post

ආණ්ඩුව වැඩිහිටියන් අන්දවලා! දෙනවා කියපු 10% පොලිය තවම නෑ! Sri Lanka Latest News

Next Post

විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! ප්‍රශ්න 3ක් විතරක් අයින් කරලා මදි! මුළු ශිෂ්‍යත්ව විභාගයම අවලංගු කරන්න! අම්මලා තාත්තලා විභාග දෙපාර්තමේන්තුව වටකරයි! කැරලි මර්දනයත් ගෙන්වයි! I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.