රටේ පොලී අනුපාතිකය දිගින් දිගටම පහළ යෑම මෙරට ව්‍යාපාරික ප්‍රජාව සඳහා වාසිසහගත වුවද වැඩිහිටි පුරවැසියන් සඳහා ඉතා නරක ආකාරයට එය බලපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය. (Sri Lanka Latest News)
මේ වනවිට ස්ථාවර තැන්පතු සඳහා 7%-8%කට ආසන්න පොලී අනුපාතිකයන් ලැබෙන නමුදු එය වැඩිහිටි පුරවැසියන් සඳහාද ඒ මට්ටමෙන්ම ක්‍රියාත්මක වේ.
වැඩිහිටි පුරවැසියන් සඳහා ගෙවන පොලී අනුපාතය 10% දක්වා වැඩිකිරීම සඳහා රජය පියවර ගන්නා බවට සඳහන් කළද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමක් සිදු නොකරන ලදී.
මේ නිසා වැඩිහිටි පුරවැසියන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් නම හෙළිකළ නොහැකි බැංකු ප්‍රධානියකු සඳහන් කළේ පොලී අනුපාතය 10% දක්වා වැඩිකරන බවට සාකච්ඡා කරමින් ප්‍රසිද්ධ කරමින් සිටියද ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයෙන් හෝ මහබැංකුවෙන් කිසිදු උපදෙසක් හෝ චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවයි.
ප්‍රේමලාල් විජේරත්න










