• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුව තහනම් කරන්න විපක්ෂනායකතුමා කරපු වැරැද්ද මොකද්ද? ආණ්ඩුවේ දූෂණ හෙළිකිරීමද? ආණ්ඩුවේ හොරකම් හෙළිකිරීමද? රටේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමද? මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමද? එහෙම එතුමගේ කට වහන්න බෑ! සනත් නිශාන්තට විතරක් නෙමෙයි අනෙක් පොහොට්ටු මන්ත්‍රීවරුන්ටත් ක්‍රියාමාර්ග ගන්න! VIDEO I Sri Lanka Latest News

November 27, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
තිස්ස යන පැත්ත හැමදාම පරදිනවාද? තිස්ස රනිල්ගෙන්ම උදාහරණයක් අරන් මාධ්‍යයට හොඳ උත්තරයක් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදුන් ඇඟලුම් කර්මාන්තශාලා අනතුරුදායක තත්ත්වයකට පත්වී තිබෙන බවත් ප්‍රධාන ඇඟලුම් ව්‍යාපාරවලින් සියයට 20 ක් පමණ දෙසැම්බර් මාසය වනවිට වසා දමන තත්ත්වයකට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය.Sri Lanka Latest News

නිදහස් වෙලඳ කලාපවල තිබෙන ඇඟලුම් කර්මාන්තශාලා සහ දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භකළ ඇඟළුම් ව්‍යාපාරත් මෙම අනතුරුදායක තත්ත්වයට මුහුණ දී ඇති බවත් ඒ මහතා කීය.

ඇඟලුම් කර්මාන්තශාලා 200 කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බවත් කර්මාන්තශාලා කඩාගෙන වැටිමෙන් ගමට ඇඳිගිය ආර්ථිකට දුර්වල තත්ත්වයකට පත්වෙන බවත් තරුණ තරුණියන්ට ලැබුණු ආදායමත් මේ හරහා අහිමි වන බවත් ලංකාවේ විදේශ විනිමයද දැඩි අර්බුදයට පත්වන බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සාමනේර ස්වාමීන් වහන්සේලාට ලබාදුන්න සමෘර්ධි සහනාධාරය අවස්වැසුම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ නතර වී ඇති බවත් එම නිසා පිරිවෙන් සඳහා ලබාදෙන සහදායි මුදල නැවත ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්ය.

විපක්ෂ නායකවරයාගේ පාර්ලිමේන්තු පැමිණිම අහෝසි කළ යුතුයි කියා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රකාශ කිරීම පිළිබඳවද තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් සඳහන් කළේ , ආණ්ඩුව බලය යොදාගෙන විපක්ෂ නායකවරයාගේ පාර්ලිමේන්තු පැමිණීම අහෝසි කිරීමට යෝජනා සම්මත කරන්න උත්සහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන බරපතල වරදක් බවත් විපක්ෂ නායකවරයා විනය විරෝධී කටයුත්තක් සිදුකර නැති බවත් විපක්ෂ නායකවරයා සැම විටම පෙනි සිටින්නේ ජනතාව වෙනුවෙන් බවත් තිස්ස අත්තනායක මහතා හෙතෙම පැවැසීය.

අද (27) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.

තිස්ස අත්නායක මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

  ‘‘ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදුන්න ඇඟලුම් කර්මාන්ත අනතුරු දායක තත්ත්වයකට පත්වී තිබෙනවා.  නිදහස් වෙලඳ කලාපවල තිබෙන ඇඟලුම් කර්මාන්ත සහ දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භකළ කර්මාන්ත 200 ඇඟළුම් ව්‍යාපාරයත් අතුරු දායක තත්ත්වයට පත්වෙලා තිබෙනවා. 

ප්‍රධාන ඇඟලුම් ව්‍යාපාරවලින් සියයට 20 ක් පමණ වසා දමන තත්ත්වයකට දෙසැම්බර් මාසය වනවිට පත්වෙලා තිබෙනවා. ලංකාවට විදේශ විනිමය ගෙන දෙන ප්‍රධාන අංශවලින් එකකට තමයි මේ අනතුරු දායක තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. පිට පළාත්වල තිබෙන ඇඟළුම් ව්‍යාපරවලින් සියයට 50 ක් පමණ ක්‍රියාත්මක වන්නෙත් අපහසුතා මැද.

පිරිවැය ඉහළ යාම නිසා නිෂ්පාදනය වැඩි කිරීමට ඇඟලුම් කර්මාන්තශාලා වලට නොහැකි වෙලා තිබෙනවා. ඇඟලුම් කර්මාන්තයට මේ සිදුවෙලා තිබෙන භයානක තත්ත්වයට ආණ්ඩුව අවදානය යොමු කරලා තිබෙන බවත් පෙනෙන්නට නෑ. නිෂ්පාදන වියදම අවම කරගැනීමට හැකිනම් සහ ශ්‍රමය වැඩිපුර ගැනීමට හැකිනම් ආයෝජකයෝ ලංකාවේ කර්මාන්ත ආරම්භ කරනවා.

ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමේදී තිබුණ නිදහස් තත්ත්වය අදවනවිට අහමිවෙලා තිබෙනවා. එම නිසා කර්මාන්තශාලා හිමියන් සේවකයින් ඉවත්කිරිම සිදුකරනවා. සමහර කර්මාන්ත ශාලා සතියටකට දවස් තුන හතරකට ඔවුන්ගේ වැඩ සීමා කරලා තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකයට මෙය විශාල බලපෑමක්. ඇඟලුම් කර්මාන්ත ශාලා 200 කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ලංකාවේ නගර ආශ්‍රීතව නෙවෙයි. ග්‍රාමීය ප්‍රදේශවල තිබෙන කර්මාන්තශාලා හරහා ගමට ඇඳිගිය ආර්ථිකට දුර්වල තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. තරුණ තරුණියන්ට ලැබුණු ආදායමත් මේ හරහා අහිමි වෙලා තිබෙනවා. ලංකාවේ විනිමය අර්බුදයට තිබුණ විසඳම් තුනෙන් එකක් තමයි ඇගලුම් කර්මාන්ත ව්‍යාපාරය.

විනිමය ආදායමක් ගන්න , රැකියා අවස්ථා ලබාදෙන්න සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න තමයි දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කර්මාන්ත ඇතිකළේ. මෙය හැකිලීමෙන් මෙම කොටස් තුනම කඩා වැටීමකට ලක්වෙනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. විනිමය ආදායම වැඩි කරගන්න අයවැයෙන් කිසිවක් හදුන්වලා දීලා නෑ.

රටේ තිබෙන ආදායමත් බිඳවැටෙනවානම් විනිමය ආදායම ගේන්න රජයට තිබෙන වැඩපිළිවෙල කුමක්ද. මේ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් වෙන රටවලට ආයෝජකයෝ යන්න පුලුවන්. අපේ රටේ කර්මාන්ත සම්පුර්ණයෙන් එතකොට බිඳ වැටෙනවා. රටට විනිමය අර්බුදයකුත් ඇතිවෙන්න පුලුවන්. මෙය රැක ගැනිමට ආණ්ඩුව වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. තිබෙනවාට වඩා විරැකියාව සහ ග්‍රාමිය ආර්ථිකය බිඳවැටිමට ලක්වෙන්න පුලුවන්. රටට අවශ්‍ය තෙල් , බෙහෙත් ගෙන්න ගන්න විදේශ විනිමය නැතිවෙන්නත් පුලුවන්.

ස්වාමීන්වහන්සේලාට අධ්‍යාපනය ලබාදෙන , භික්ෂු පරම්පරාව ගොඩනැගීම රටේ පිරිවෙන්වලින් සිදුවෙනවා. පිරිවෙන් කරගෙන යන්නේ රජයෙන් සියලු ආධාර ලැබිලා නෙවෙයි. ඒ ඒ පළාත් වල ප්‍රධාන ස්වාමීන් වහන්සේලා දායකසභා එකතුවෙලා අමාරුවෙන් පිරිවෙන් පවත්වාගෙන යනවා. බොහෝ පිරිවෙන් නඩත්තු කිරීමට රජයෙන් ලැබෙන සොච්චම් මුදල ප්‍රමාණවත් නෑ.

පන්සල්වලට අදවනවිට දරන්න තිබෙන වියදම් පවා ඉහළ ගිහින් තිබෙනවා. සමහර පන්සල්වල විදුලිබිල සියයට හාරසීයකින් වැඩිවෙලා තිබෙනවා. පිරිවෙන්වල ඉගෙන ගන්න සාමනේර ස්වාමීන් වහන්සේලාට සමෘධි සහනාධාර දුන්නා. හැම පිරිවෙනකට ඒ මුදල ලැබුණා. නමුත් අස්වැසුම ව්‍යාපෘතිය හරහා ඒ සාමනේර භික්ෂූන් වහන්සේලාට ලැබුණු සමෘර්ධි සහනාධාරය ඉවත් කරලා තිබෙනවා. සාමනේර භික්ෂූන් වහන්සේලාගේ යැපීම සඳහා තමයි ඒ මුදල අවශ්‍ය වෙන්නේ. පිරිවෙන් වලට ඒ මුදල ලැබීම විශාල ශක්තියක් වෙලා තිබුණා. ඒ මුදල නැවැත්විම හරහා පිරිවෙන් පවත්වාගෙන යාම දුෂ්කර වෙලා තිබෙනවා.

නායක ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලා තිබුණා. පිරිවෙන්වල ඉගෙන ගන්න සාමනේර ස්වාමීන් වහන්සේලාට දුන්න සමෘර්ධි සහනාධාර නාස්තිකාර වියදමක්ද. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ බුද්ධාගම සුරක්ෂාකළ යුතුයි කියලා තිබුණත් බුද්ධාගම සුරක්ෂා කරන්න තිබෙන පිරිවෙන් අධ්‍යාපනය ආණ්ඩුව විසින් කඩාකප්පල් කරන බව අපි ආණ්ඩුවට චෝදනා කරනවා. පිරිවෙන් සඳහා ලබාදෙන සහදායි මුදල නැවත ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ණය ප්‍රතිව්‍යුගතකරන වැඩපිළිවෙල ආණ්ඩුව සාර්ථක කරගෙන නෑ. ඒ සඳහා ආදයම් සොයාගන්න වැඩපිළිවෙලකට ආණ්ඩුව යොමුවෙලා නැ. මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා පාරිසරික හා දේශගුණික විපර්යාස සමුලුවට සහභාගි වෙන්න යනවා. ඩුබායිවල තමයි මේ සමුලුව තිබෙන්නේ. ජනාධිපති සමඟ 80 ක් මේ සමුලුවට සහභාගි වෙනවා.

මහින්ද රාජපක්ෂගේ කාලයෙන් ජම්බෝ නඩ විදෙස් රටවලට රැගෙන ගියා ඒ වැඩේ රනිල් වික්‍රමසිංහත් ආරම්භ කරලා තිබෙනවා. මේ සමුලුවට කිසිසේත් අදාල නොවන කණ්ඩායම් රැගෙන යාමෙන් ඒ බර වැටෙන්නේ රටේ ජනතාවට සහ මහා භාණ්ඩාගාරයට. මෙතරම් විශාල පිරිසක් රැගෙන යන්නේ ඇයි ද කියලා ආණ්ඩුව පැහැදිලි කිරීමක් සිදුකළ යුතුයි. ජනාධිපතිවරයාගේ නිල සංචාර ප්‍රමාණය 12 ත් පැනලා තිබෙනවා. ජනාධිපතිවරයා මෙම සමුලුවට සහභාගි වීම ගැටලුවක් නෙවෙයි. නමුත් රටේ මුදල් නාස්ති කරමින් විශාල පිරිසක් මේ සමුලුවලට සහභාගි කර ගැනීම විශාල ගැටලුවක්. රටේ මිනිස්සු ජීවත් වන්නේ ඉතාම අසිරු තත්ත්වයක එවැනි තත්ත්වයක රාජ්‍ය මුදල් නාස්ති කිරීමට තිත තියන්න ආණ්ඩුවේ කිසිදු සුදානමක් නෑ.

විපක්ෂයට ආණ්ඩුව සමඟ එකතුවෙලා වැඩකළොත් විපක්ෂයට ආණ්ඩුවක් හදාගන්න පුලුවන් කියලා ජනාධිපතිවරයා පවසලා තිබුණා. මේය කුමන අරමුණකින් කියපු කතාවක්ද කියලා අපට තේරෙන්නේ නෑ. විපක්ෂය ආණ්ඩුවේ ප්‍රගතිශීලි වැඩපිළිවෙලවල් ප්‍රතික්ශේප කරන්නේ නෑ. මහජන යහපතක් වෙන කිසිම දේකට විපක්ෂය විරුද්ධ වෙන්නේ නෑ. 2024 අයවැය ලේඛනය ජනතාවාදී අයවැය ලේඛනයක් නෙවෙයි.

ජනවාරි වල සිට වැට් බද්ද වැඩි කිරීමේන් භාණ්ඩ 150 ක මිල ඉහළ යනවා. මේවැනි දේවල් සිදුකරනකොට කොහොමද විපක්ෂය ආණ්ඩුව සමඟ එකතුවෙන්නේ. ජනාධිපතිවරයාගේ පරාජයට විපක්ෂයත් ඇඳලා දාන්න උත්සහ කරනවා. මහජන විරෝධී ක්‍රියා කරන ජනාධිපති ප්‍රමුණ ආණ්ඩුවට මුක්කු ගහන්න විපක්ෂය සුදානම් නෑ. නමුත් ජාතික වගකිම ඉටුකරන්න පාර්ලිමේන්තුවේදී සැම විටම විපක්ෂය කටයුතු කරනවා. ජනාධිපති පත්වෙද්දි ජනාධිපතිට 134 ක බලයක් තිබුණා. එතතරම් බලයක් තියෙනවානම් ඇයි විපක්ෂයට කතා කරන්නේ. විපක්ෂයේ 74 ට ඇයි ජනාධිපතිවරයා මෙච්චර බය. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය ආණ්ඩුවට සිදුකරන අභියෝගවලට තිබෙන බයයි මේ තිබෙන්නේ. මේ සියල්ල කරන්න පුලුවන් වෙන්නේ සැප්තැම්බර් මාසය වෙනකන් විතරයි.

දින 250 කදී ජනාධිපතිවරණය පැමිණෙනවා. කුමන මැතිවරණයක් ආවත් සමගි ජනබලවේගය සුදානම්. ජාතික මැතිවරණයක් වෙනුවෙන් සන්ධාන ගතවිමේ මුලික වැඩපිලිවෙල ගැන අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ජනවාරි මාසයේදි සමගි ජනබලවේගය මුලික වුණ දැවැන්ත දේශපාලන සන්ධානය ගොඩනගන්න සුදානම් කරමින් තිබෙනවා. දූෂණයට වංචාවට එරෙහිව ආණ්ඩුව ගන්නා තීරණවලට අපේ සහය තිබෙනවා. ජනතාවට සහනයක් වෙන පියවරවල්වලටත් අපේ සහය තිබෙනවා. ජනතාව පිඩාවට පත්කරන දූෂණයට වංචාවට ඉඩදෙන ගමනක් මේ ආණ්ඩුව ගමන් කරනවානම් කිසිවිටෙකත් අපි ආණ්ඩුවට සහය ලබාදෙන්නේ නෑ. ඉක්මනින් ජනතා මතයකය යා යුතුයි. ජනාධිපතිට බෑ කියන්න මම කැමති නිසා ජනාධිපතිවරණය තියෙනවා කියලා කියන්න. ජනාධිපතිවරණය ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුයි.‘‘

====================================

ප්‍රශ්නය – ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියනවා විපක්ෂ නායකවාරයාගේ පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවන්න ඕන කියලා.

පිලිතුර – ආණ්ඩුව බලය යොදාගෙන විපක්ෂ නායකවරයාගේ පාර්ලිමේන්තු පැමිණීම අහෝසි කිරීමට යෝජනා සම්මත කරන්න උත්සහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල වැරැද්දක්. විපක්ෂ නායකවරයා කුමක්ද කරලා තිබෙන වරද්ද. රටේ දුෂණ වංචා ගැන විපක්ෂ නායකවරයා නිරන්තරයෙන් හඩ නගනවා. ඒ හඩ නැගිම වරදක්ද. විපක්ෂ නායකවරයා සතුව තිබූ ලිපිගොනු උදුරාගෙන යාම නේද විනය විරෝධී කටයුත්ත. විපක්ෂ නායකවරයා කරලා තිබෙන විනය විරෝධී කටයුත්ත ගැන සොයාබලන්න පුලුවන්. නමුත් විපක්ෂ නායකවරයා කොහේවත් විනය විරෝධී කටයුත්තක් සිදුකරලා නෑ. විපක්ෂ නායකවරයා සැම විටම පෙනි සිටින්නේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුවට බහුතරය තිබුණාට විපක්ෂ නායකවරයාගේ හෝ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සභාවාර අහෝසි කරන්න උත්සහ කරනවානම් එතනින්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැළලිලා යයි. විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රිවරු වෙනුවෙන් පියවර ගන්න. විපක්ෂ නායකවරයාගේ ලිපිගොනු උදුරාගත්ත කණ්ඩායම වෙනුවෙන්ම විනය පියවර ගත යුතුයි. පාර්ලිමේන්තුව තුළ එවැනි විනය විරෝධි ක්‍රියා සිදු නොවන්න කතානායකවරයා කටයුතු කළ යුතුයි. විපක්ෂ නායකවරයාගේ කට වැසීමට කුමන යෝජනා ගෙනාවත් විපක්ෂ නායකගේ කට වහන්න බැ. රටේ මහජනතාව වෙනුවෙන් විපක්ෂ නායකවරයා පෙනී සිටිනවා.
විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න. දුෂණය වෙනුවෙන් හොරකම වෙනුවෙන් කතා කරන එක නවත්වන් කියලා තමයි මේ තර්ජනය කරන්නේ.

ප්‍රශ්නය – විපක්ෂයට ආණ්ඩුව සමඟ එකතුවෙන්න කියන්නේ ජනාධිපතිට තිබෙන පොහොට්ටුවේ සහය කැඩි බිඳි යන නිසාද

පිළිතුර – පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා පිලිබඳ ප්‍රසාදයකින් සිටිනවාද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම දෙයක් පෙනෙන්නට නෑ. පොහොට්ටුවේ පිරිසට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන සැකයක් තිබෙනවා. ජනාධිපතිවරයා පත් කර ගැනීමේදි පොහොට්ටුවේ පිරිස් විශ්වාස කළා ඔවුන්ට ජනාධිපතිවරයා නායකත්වය දෙනවා කියලා. නමුත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට සැකයක් ඇති. ඒ නිසා ජනාධිපතිවරයා තමන්ගේ බලය වැඩි කර ගන්න විපක්ෂයේ කණ්ඩායම් එකතු කරගන්න උත්සහ කරනවා වෙන්න පුලුවන්. ජනාධිපති ඔතන ඉන්නේ පොහොට්ටුවේ 134 දෙනෙකුගේ බලයෙන්. රටේ ජනතාව පන්නපු දේශපාලන ව්‍යාපාරයක් තමයි පොදුජන පෙරමුණ කියන්නේ. මෙවැනි දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දෙන ජනාධිපතිවරයා අපි කොහොමද විශ්වාස කරන්නේ. රටේ ඉදිරිගමන ගැන අලුත් පියවරක් තැබිය යුතුයි කියන තැන තමයි විපක්ෂය ඉන්නේ. අපි ජනාධිපතිවරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කරනවා. අපි සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් වෙනම ගමනක් යන්න සුදානම්. පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රිවරු රැසක් අලුත් ගමනකට සුදානම්.
අපි පිහිටුව දේශපාලන සන්ධානය ජනවාරි අවසානයට පෙර පිහිටුවන්න සුදානම්. කැබිනට් මණ්ඩලයේ සිටින ප්‍රසිද්ධ කිහිපදෙනෙකුද එකතු වෙන්න සුදානම්.

SendShareShare
Previous Post

ජනාධිපතිවරයා හැසිරෙන විදිහෙන් ඒකාධිපති පාලනයක පෙරනිමිති මතුවෙමින් තිබෙනවා! මහාචාර්ය ජී.එල්. අද තිබ්බ මාධ්‍ය හමුවේදී අනතුරු ඇඟවීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අද කැබිනට් එකේ වාඩිවුණු ගමන් රනිල් රොෂාන්ට ක්‍රීඩා ඇමැතිකමෙන් ඉවත්කිරීමේ ලියුම දෙයි! EXCLUSIVE I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.