අද ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට රෝහල් උපකරණ ඇතුළුව ජනතාවට සහන ලබා දීමට එරෙහිව විවිධ චෝදනා නගන නමුත් ජවිපෙ ආණ්ඩු බලය ගෙන කටයුතු කරද්දී කළ කිසිවක් නැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කීය.
ජවිපෙ ඉතිහාසය පුරාම ඔවුන් පොදු දේපොළ විනාශ කළ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ජවිපෙට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කරන සමාජ සේවය අගය කළ නොහැකි නම් නිහඩව සිටින ලෙස කී අත්තනායක මහතා ජනතාවට සහන දීමේ ඇති වරද කුමක්දැයි අත්තනායක මහතා ජවිපෙන් ප්‍රශ්න කර සිටියේය.










