අද වන විට සමාජයේ හැමෝම බියෙන් සැකෙන් සිටින බවත් පසුගිය දා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදේශක කාරක සභාවෙ රට තුළ ක්‍රියාත්මක වන අපරාධ රැල්ල ගැන සාකච්ඡා වූ බවත් එහි දි මෙම අපරාධ රැල්ල මැඩපවත්වන්න විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසූ බවත් එම නිසා මෙම අපරාධ රැල්ල මැඩපවත්වන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන බවත් ඒ වෙනුවට අපරාධ මර්ධන නිතිය තවදුරටත් ශක්තිමත් කරන බව පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එසේම මෙම ඝාතන සංස්කෘතිය අපරාධ රැල්ල රටේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් බවත් මේ සදහා දණ්ඩ නීති සංග්‍රහය උපයෝගී කර ගෙන මෙම විනාශකාරීන් නීතිය හමුවට ගෙන විත් ගන්නා පියවර කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ වන විට සංචාරක ක්ෂේත්‍රය වර්ධනය වෙමින් පවතින අවස්ථාවක සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට ද මෙය විශාල ගැටලුවක් බැවින් එය ආර්ථිකයට ද බලපෑම් එල්ල කරන නිසා ඒ ගැන තවදුරටත් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.










