අති බිහිසුණු ප්‍රචණ්ඩකාරී යුගයක් මැද්දේ ජීවත් වීමට තරම් ශ්‍රීලාංකික අපි අවාසනාවන්ත වූයේ කෙසේද ?පිළිතුර හෘදය සාක්ෂියට එකගව කතා කරන ඕනෑම කෙනෙක් හොදින් ම දන්නේය.තරුණ පරපුරේ අරගලය ඇතිවූයේ ඔවුන්ගේ හෘදය සාක්ෂිය සාධාරණ අපක්ෂපාත එකක් බැවින් යැයි මට සිතේ.
තව දින කිහිපයකින් වෙසක් සද උදා වන්නේය .බෞද්ධයන් ට පමණක් නොව සියලු ශ්‍රීලාංකික වාසීන්ට , ලෝකවාසීන් ට සාමය, සමාදානය උදාවනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි .වෙසක් සද නැග එත්දී අපගේ මිත්‍ර රන්ජන් ද නිදහස් වනු ඇතැයි මම විශ්වාස කරමි .
රන්ජන් කී බොහෝ දේ අද සත්‍ය වී ඇතැයි වැඩිදෙනා විශ්වාස කරන බව හොදින් ම පෙනේ.බලය ඇතුළු සියලුම භෞතික සම්පත් සියල්ලම අනිත්‍ය බව බුදු වදනයි. රන්ජන් අද සිතන්නේ මොනවාදැයි මා නොදනිමි .සමාව දිය යුත්තේ රන්ජන්ටද? නැතිනම් රන්ජන් මේ සමාජයට සමාව දිය යුතුදැයි මට ප්‍රශ්නයකි.කුමන අන්දමින් හෝ ඔබට නිදහස ලැබේනම් සමාජයට සමාව දී ඔබ එය භුක්ති විදින්න.
සියලුම දෙනාට තෙරුවන් සරණයි.