රාජපක්ෂ පවුලේ මද්දුමයා වූ යෝෂිත රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තැබීමට පියවර ගෙන ඇත.
ඒ මෙසේය.
යෝෂිත පුතේ,
ඔබේ උපන් දිනය අදට යෙදී තිබේ.
මද්දුමයා ලෙස ඔබ අපේ පවුලට පැමිණි සොඳුරු දවස මට අද මෙන් මතක ය. ඔබ බොහෝ කැපකිරීම් කළේ අනෙකාගේ සතුට යහපත වෙනුවෙනි.
එසේ ම තමා වෙත පැවරෙන ඕනෑ ම වගකීමක් නිහඬව නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ වග බලා ගත්තේ ය.
ඔබට නිදුක් නීරෝගී සුව සපිරි සුබ උපන් දිනයක් වේවා!
තෙරුවන් සරණයි!
තාත්තා











