• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කට කට..! මොකද්ද විදේශ ප්‍රතිපත්තිය..? I Sri Lanka Latest News

March 30, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉතිහාසයේ සිට පැවැති ආණ්ඩු බොහෝ දුරට ජාත්‍යන්තර ප්‍රශ්න ලංකාවට බලපාන විට ලංකාවත්, ජනතාවත් අසීරුතාවට පත් නොකොට බේරාගත්තේ එවක පාලකයන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ සම්බන්ධතා මුල්කොට ගෙනය. විශේෂයෙන්ම 70-77 සමගි පෙරමුණු ආණ්ඩු සමයේදී එවක අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. ඇය කිසිදු රටකට පක්ෂපාතී නොවන ආකාරයට සමබරව විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම නිසා ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් මෙන්ම ආකර්ෂණයක්ද මැතිනියට හිමිවිය. 77න් පසු රට භාරගත් ජේ.ආර්. ජයවර්ධන ඇමෙරිකාව සහ ජපානය සමග විශේෂ සබඳතා ගොඩනගා ගනිමින් ලංකාවට ඒ හරහා විශාල වශයෙන් සංවර්ධන ව්‍යාපෘති රැගෙන ඒමට සමත් විය. ඉන් අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා චීනය සමග මෙන්ම ඇමෙරිකාව සහ ජපානය වැනි රටල් සමගද විශාල වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් ලංකාවට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් රැගෙන ඒමට පියවර ගත්තේය.

අනතුරුව බලයට පත් චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංගද මැතිනිය මෙන්ම නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන අතරවාරයේ ඉන්දියාව සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගැනීමට සමත් වූවාය. පසුව බලයට පත් මහින්ද රාජපක්ෂ චීනය සමග විශාල වශයෙන් සම්බන්ධ වෙමින් අතිදැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ලංකාවට රැගෙන ඒමට සමත් විය. මේ ආකාරයට රටක විදේශ ප්‍රතිපත්තිය සහ පුද්ගලික සබධතා හරහා ජාත්‍යන්තරයෙන් එම රටට විශාල වශයෙන් ආයෝජන සහ වාසි ලබාගත හැකිවාක් මෙන්ම දුර්වල විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හරහා ජාත්‍යන්තර සබඳතාවලදී එය රටේ සංවර්ධනයට සහ අනාගතයට බරපතළ ආකාරයෙන් බලපෑම් එල්ල කිරීම නොවැළැක්විය හැකිය. මේ ආකාරයට අප ලිපිය ආරම්භයේදී හිටපු ජනාධිපතිවරුන් සිය විදේශ ප්‍රතිපත්තිය හැසිරවූ ආකාරය පිළිබඳ හැඳින්වීමක් කළේ පසුගිය දිනෙක මැදපෙරදිග යුද්ධය හේතුකොට ගෙන දුර්වල විදේශ ප්‍රතිපත්තිය මුල්කරගෙන බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට මැදිවීමට ලංකාවට සිදුව තිබීම නිසාය. Sri Lanka Latest News

ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් දෙකක් යුද ක්‍රියාමාර්ගයන් දියත් කොට තිබියදී අනෙකුත් රටවල් ඊට දක්වන ප්‍රතිචාරය මත එම රටේ විදේශ ප්‍රතිපත්තිය අනාවරණ වීම නොවැළැක්විය හැකිය. ඒ අනුව මැදපෙරදිග බොහෝ රටවල් මෙම යුද්ධයේදී ප්‍රසිද්ධියේම ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට පක්ෂපාතීව සිටිමින් සිය විදේශ ප්‍රතිපත්තිය හසුරුවන ආකාරය දැකගත හැකිය. නමුත් යුරෝපය ඇතුලු රටවල් රැසක් මෙහිදී ගෙන සිටින්නේ ස්වාධීන ස්ථාවරයක බව දැකගැනීමට පුළුවන. නමුත් රුසියාව, චීනය ඇතුළු රටවල් කීපයක් මෙම යුද්ධයේදී ඉරානයට පක්ෂපාතී අයුරින් කටයුතු කරන ආකාරයක්ද පෙනෙන්නට තිබේ. ඒ අනුව මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව ක්‍රියාත්මක කොට ඇති විදේශ ප්‍රතිපත්තිය කවරාකාරද යන්න මෙහිදී විමසා බලනු වටී.

අමෙරිකාවට බර වෙලද?

වත්මන් මාලිමා ආණ්ඩුව සැලකෙන්නේ වමට බර ආණ්ඩුවක් ලෙසටය. ඒ අනුව බොහෝ දෙනා වමට බර වූ වාමාංශික ප්‍රතිපත්ති රට ඇතුළේ ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වුවද මේ වනවිට රට ඇතුළේ සිදුවන වැඩපිළිවෙළ හරහා මාලිමා ආණ්ඩුව වමද, දකුණද, එසේත් නැත්නම් අන්ත දක්ෂිණාංශිකද යන්න හෝ හඳුනාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. විශේෂයෙන්ම යුද්ධය ආරම්භ වූ දින සිටම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරද්දී මාලිමා ආණ්ඩුව කියා සිටියේ කිසිදු රටකට පක්ෂපාතී නොවන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. කෙසේ වෙතත් මීට සති කීපයකට ඉහතදී ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආර්ථික මුහුදු කලාපයේදී ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල වීමෙන් පසු සිදුවූ සිදුවීම් දෙස බලන විට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න රාශියක් මේ වනවිට මතුව තිබේ. එහිදී ප්‍රහාර එල්ල වීමත් සමග නාවික හමුදාව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එම නෞකාව මුහුදු වූයේ ප්‍රහාරයකින් නොවන බවය. නමුත් නාවික හමුදාව මෙම ප්‍රකාශය සිදුකොට පැය 24ක් යෑමට මත්තෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ඉරාන නෞකාවට ඇමෙරිකාන සබ්මැරීනයක් මගින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කොට එය ගිල්වා දැමීමට කටයුතු කළා යැයි කියාය. මෙම සිදුවීමෙන් පසු ඇමෙරිකාව දියත් කළ දැඩි ප්‍රහාර හමුවේ ඉරානය කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදමා සමස්ත ලෝකයම උග්‍ර බරපතළ අර්බුදයක සිර කිරීමය. ඒ අනුව ලංකාවේද ඉන්ධන පෝලිම් මතුවී තෙල් විශාල වශයෙන් සීමා කිරීමට සහ මිල ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ යුද්ධය හමුවේ ලංකාව ක්‍රියාත්මක කළ විදේශ ප්‍රතිපත්තිය හේතුකොට ගෙන හදිසියට තෙල් නැවක් හෝ ලබාගත නොහැකි තත්ත්වයකට මේ වනවිට ආණ්ඩුව පත්ව සිටීමය.

ඒ අතරවාරයේ පසුගිය සතිය වනවිට සිදුවූ සිදුවීම් බොහොමයක් දෙස බලන විට බොහෝ දෙනකුට වැටහී ගිය කාරණාවක් වූයේ මෙම යුද්ධයේදී ලංකාව ඇමෙරිකාවට පක්ෂපාතී ස්ථාවරයක සිටිමින් විදේශ ප්‍රතිපත්තිය දියත් කරන ආකාරයකි. නමුත් එයද නිවැරැදි ආකාරයට සිදුකළාද යන ප්‍රශ්නය මේ වනවිට බොහෝ දෙනාට මතුව තිබේ. ඒ බව හොඳටම පැහැදිලි වූයේ පසුගිය සතියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය මුල්කොට ගෙනය. එහිදී බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා මෙම කතාවේදී ප්‍රසිද්ධියේ නොකිය යුතු ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් බරපතළ රාජ්‍යතාන්ත්‍රික අත්වැරැද්දක් සිදුකර ගත් බවකි. මෙම ප්‍රකාශ හරහා ඇමෙරිකාව සහ ඉරානය යන දෙපාර්ශ්වයෙන්ම මේ වනවිට දැඩි පීඩනයක් ලංකාවට එල්ල වෙමින් පැවතීම ඊට හේතුව වී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා මාලිමාවට ඡන්දය දුන් පිරිස් සතුටු කරන්නට දෝ එක් අවස්ථාවකදී කියා සිටියේ ඇමෙරිකානු යුද ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට ගොඩබෑමට අවසර ඉල්ලා සිටි නමුත් ඊට ඉඩ ලබා නොදුන් බවය. අනෙත් පැත්තෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් වූයේ ඉරාන නෞකා ලංකා මුහුදු තීරයට එන බවක් ආණ්ඩුව නොදැන සිටි බවකි. මෙම ප්‍රකාශ දෙකම ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බරපතළ ලෙස බලපෑ ආකාරයක් ඊට පසුවූ සිදුවීම් දෙස බලන විට පැහැදිලිවම දැකගන්නට තිබේ.

එහිදී පළමුවෙන්ම ඇමෙරිකානු ගුවන් යානා දෙකකට ලංකා ගුවන් සීමාවට ඇතුළු වීමට සහ මත්තලට ඇතුළු වීමට ඉඩ ලබානොදුන් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඇමෙරිකාව පැත්තෙන් ඉතා බරපතළව ගෙන ඇති බවට ‘රාජ්‍ය රහස්’ වෙත තොරතුරු වාර්තා වී තිබේ. ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය ඔවුන් ගෙන ඇත්තේ ඔවුන්ට කළ මදිපුංචිකමක් සහ අවතක්සේරුවක් ලෙසට බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඇමෙරිකාව මෙතෙක් ඍජු ප්‍රතිචාර දැක්වීමක් කොට නොමැති වුවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය දැඩි සැලකිල්ලට ලක්කරමින් සිටින බවය. මේ මොහොත වනවිටත් ඇමෙරිකාව පැත්තෙන් එයට නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති වුවත් නුදුරේදීම මේ සම්බන්ධයෙන් සිය අසතුට ප්‍රකාශ වන ආකාරයේ සිදුවීමක් නිල වශයෙන් සිදුවීමේ ඉඩකඩක් පවතින බවක් අපට දැනගන්නට ඇත. එම ප්‍රතිචාරය මත ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ ඇති සත්‍යතාව හෝ අසත්‍යතාව දැනගැනීමට හැකි වනු ඇත.

කරපු ඉල්ලීම් මෙන්න

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය හරහා ඇමෙරිකාව සම්බන්ධයෙන් අප කළ තවත් විශේෂ අනාවරණයකින් කියා සිටියේ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලංකාවට එකම දිනක පැමිණි බවකි. ඉන් එක් අයකු වූයේ මධ්‍යම සහ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම්වරයා මෙන්ම ඉන්දියාවේ ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් කටයුතු කරන සර්ජියෝ ගෝර්ය. සර්ජියෝ ගෝර් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතා සමීප සබඳතා ඇත්තෙකු බව ප්‍රකටය. ඔහු ඉන්දියාවේ සිට ලංකාවට එද්දී වොෂිංටනයේ සිට තවත් විශේෂ නියෝජිතයකු වන මයිකල් ජෙරමියා ඉතා රහසිගතව ලංකාවට පැමිණි බව අපි වාර්තා කළෙමු. මෙහිදී සර්ජියෝ ගෝර් ජනාධිපතිවරයා හමුවී පැවැත්වූ සාකච්ඡාවේදී කතාබහ කළ කරුණු අනාවරණ කරමින් අප කියා සිටියේ කොළඹ වරාය ඇතුළු ලංකාවේ අනෙකුත් අනෙකුත් වරායන්වල ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකාව මැදිහත් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවය.
ඇමෙරිකාව ලංකාවේ වරායයන් සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කළේ අදක ඊයේක සිට නොවේ. එම වරායන්වල ඇති සංවේදී ස්ථාන අත්පත් කරගැනීම සම්බන්ධයෙන් කාලයක සිට ඇමෙරිකාව ලංකාවට යෝජනා ඉදිරිපත් කොට තිබිණි. ඒ සම්බන්ධයෙන්ද සර්ජියෝ ගෝර් සහ ජනාධිපතිවරයා අතර මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. එහිදී ගෝර් යෝජනා කොට ඇති බව කියවෙන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන කිරීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දෙන ලෙසටය. දැනට එම ව්‍යාපෘතිය බාරදී ඇත්තේ ඉන්දියාවටය. නමුත් ගෝර් කළ මෙම ඉල්ලීමට ජනාධිපතිවරයා කිසිවක් නොකියා සිටි බවක්ද දැනගන්නට ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ගුවන්සේවයට බෝයිං වර්ගයේ නවීන ගුවන් යානා ලබාදී සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවය දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක්කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවක් ආරංචිය. මේ ආකාරයට ඇමෙරිකාවට යම් වාසියක් ලබාගැනීමේ ස්ථාවරයක සිට ගෝර් ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡා පවත්වාගෙන ගිය ආකාරයක් දැකගැනීමට පුළුවන.

නමුත් ඇත්ත වශයෙන්ම මෙම ඉල්ලීම් ඉටු කරලීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද? ඊටද අමෙරිකාව අතේ තුරුම්පු නැතිවා නොවේ. ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඉලක්ක කොටගෙන පැනවූ තීරු බද්ද ඊට හොඳම උදාහරණයය. ට්‍රම්ප් මුලින් පැනවූ 40%ක තීරුබද්ද 20% දක්වා අඩුකර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණේ මාස දෙකක් වැනි කාලයක් ඇතුළතදී ඇමෙරිකාව විසින් පනවා ඇති කොන්දේසි රැසක් ඉටුකරන බවට දැක්වූ ප්‍රතිචාරය හේතුකොට ගෙනය. නමුත් අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ තවමත් මේ කොන්දේසි හරිහැටි ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු කොට නොමැති බවකි. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කළ කතාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අමෙරිකාවට මෙවැනි තුරුම්පු භාවිත කිරීමේ වැඩි ඉඩක් පවතින බව මේ වනවිට අපට දැනගැනීමට තිබේ. ඒ අනුව යම් හෙයකින් මෙම තීරුබද්ද නැවතත් 40% දක්වා වැඩිකිරීමේ හැකියාවක්ද ට්‍රම්ප් රජය සතුව ඇත. එම නිසා වහාම මෙම තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සහ ඇමෙරිකාවට දුන් පොරොන්දු ඉටුකිරීම මෙහිදී ලංකාව පැත්තෙන් බලන විට සිදුකිරීමට ඇති හොඳම කටයුත්තය.

ඉරාන අවුල

ජනාධිපතිවරයා ඇමෙරිකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මුල්කරගෙන මෙවැනි ප්‍රශ්නකාරී පසුබිමක් නිර්මාණය වී තිබුණද ඉරානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මේ වනවිටත් බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවක් දැකගැනීමට පුළුවන. ඒ, ඉරානය විසින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගැනීම හරහාය. මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉරාන නෞකා ලංකාවට පැමිණෙන බවක් ආණ්ඩුව නොදැන සිටි බවත්, එම නෞකාවට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කොට නොතිබූ බවත්ය. නමුත් ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය පැය 24ක් යෑමට මත්තෙන් අභියෝගයට ලක්වූයේ විපක්ෂය විසින් පළමුවෙන්ම කළ ප්‍රකාශයක් මුල්කරගෙනය. එහිදී විපක්ෂය කියා සිටියේ මෙම නෞකාවන්ට ලංකාවට පැමිණෙන ලෙසට මෙරට නාවික හමුදාපතිවරයා විසින් ආරාධනා කොට ඇති බවකි. විපක්ෂය කී එම කතාව තහවුරු කරමින් හදිසි මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයාද අවධාරණය කොට සිටියේ අදාළ නෞකා ලංකාවට පැමිණියේ ලංකාව විසින් කළ ආරාධනාවකට අනුව යැයි කියාය. මෙහිදී එම ප්‍රකාශය දෙවරක්ම අවධාරණය කර සිටීමට ඉරාන තානාපතිවරයා පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. එය ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට අභියෝග කිරීමක් ලෙස දැකගැනීමට හැකි විය.

මීට අමතරව මෙම මාධ්‍ය හමුවේදී ඉරාන තානාපතිවරයා තවත් විශේෂ ප්‍රකාශයක්ද කළේය. ඒ, ලංකාවේ මතුව ඇති ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස පහසු මිලට ඉරානයෙන් තෙල් ලබාදිය හැකි යැයි කියාය. මේ වනවිට ලංකාව මුහුණ දී සිටින්නේ රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සපයාගත නොහැකි අර්බුදයකට මුහුණ දීය. මීට පෙර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ වාර්තාවක් පළකරමින් කියා සිටියේ අර්බුදය ආරම්භ වූ සැණින් ආණ්ඩුව ඉන්දියාවෙන් තෙල් ලබාගැනීමට උත්සාහ කළද තමන්ද ඉන්ධන අර්බුදයකට මුහුණදී ඇති නිසා එය කළ නොහැකි බව ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව දැනුම් දී තිබූ බවය. ඒ වනවිට ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබීම නිසා රුසියාවෙන් තෙල් ලබාගැනීමද ලංකාවට ප්‍රශ්නයක් වී තිබිණි. එමෙන්ම ඉරානය විසින් ලංකාවේ ඉදිකර තිබූ සපුගස්කන්ද පිරිපහදුවට වෙනත් රටක බොර තෙල් යොමුකළ නොහැකි අතර, ඊට පිරිපහදු කිරීමට හැක්කේ ඉරානයෙන් ගෙන්වන බෙරතෙල් පමණි. ඇමෙරිකාව විසින් ඉරානයටද සම්බාධක පනවා තිබීම නිසා ලංකාව ඔවුන්ගෙන් ඍජුව බොරතෙල් නොගෙන සිංගප්පූරුව හෝ ඩුබායි රටවල සමාගම් හරහා වක්‍ර අයුරින් ඉරාන බොරතෙල් ලංකාවට ගෙන ඒමට කටයුතු කොට තිබිණි. ඒ අනුව ඉරාන තානාපතිවරයා ඉන්ධන ලබාදිය හැකි බවට කළ ප්‍රකාශයත් සමග බොහෝ දෙනා සිතා සිටියේ ආණ්ඩුව වහාම එම යෝජනාව පිළිගනිමින් ඉරානයෙන් තෙල් ලබාගනු ඇතැයි කියාය. ඒ වනවිටත් ඉරානය ඉන්දියාවට තම රටෙන් තෙල් ලබාගැනීම සඳහා පහසුකම් සැපයීම පිණිස ඔවුන්ට පමණක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කර දීමට පියවර ගෙන තිබිණි. ඒ හරහා ඉන්දියාව ඉරානයෙන් තෙල් නැව් ගෙන්වා ගැනීමටද කටයුතු කොට තිබිණි. එමෙන්ම තවත් රටවල් ගණනාවක්ම ඉරාන සහාය ඇතිව පසුගිය දින කීපය පුරාම හෝමුස් සන්ධිය හරහා ඉරානයෙන් තෙල් නැව් ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබිණි.

නමුත් බොහෝ දෙනා පුදුමයට පත්කරමින් කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ඉරානයෙන් තෙල් ලබාගැනීමට මේ මොහොතේ ආණ්ඩුව කටයුතු නොකරන බවකි. ඊට හේතු වශයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ලංකාවට ඉරානයෙන් තෙල් ලබාගැනීමට නෞකා නොමැති යැයි කියාය. ඒ අනුව බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ඉරානය කළ ප්‍රකාශයට ආණ්ඩුව දුන් මේ උත්තරය හරහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉරානය තරහා කරගැනීමකට මග පාදනු ඇති බවකි.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

විජිතගේ ගමටම ගිහිල්ලා විජිතව ඉස්සරහා තියාගෙනම විපක්ෂනායක සජිත් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ළඟම ඉඳගෙන අඟේ ඉඳන් කන කාපු කට්ටියක් ගැන තානාපතිවරයෙක් සජිත් හම්බවෙන්න ඇවිත් තොරතුරු කියලා! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.