• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාඩු ලබන රාජ්‍ය ආයතනවලට මොකද කරන්නේ? සමහර ඒවා වහනවා! සමහර ආයතන ඒකාබද්ධ කරනවා! සමහර ඒවා හෝල්ඩින්ග් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට දානවා! අනුර කරන්න යන දේ මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

January 29, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
රේගු දිනයට එක්වෙමින් අනුර රේගුවට රුපියල් බිලියන 2550ක ඉලක්කයක් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News‍

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමිනි.

“ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි. දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම සමුළුවේ අරමුණයි. එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රගතියක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපි මීට පෙර බලය හොඹවපු නැති දේශපාලන ව්‍යාපාරයක්. පසුගිය කාලය තුළ ව්‍යාපාරික කණ්ඩායම්, ආයෝජකයන් සහ ඇතැම් ජාත්‍යන්තර ප්‍රජාව තුළ අප කෙරෙහි සැකයක් තිබුණා නම්, මේ වන විට එම සැකය තුරන් කර රජයේ වැඩපිළිවෙළ පිළිබඳ සහ රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීමට අපට හැකි වී තිබෙනවා. එය පසුගිය මාස දෙක තුළ අප ලැබු සුවිශේෂී ජයග්‍රහණයක්.

මේ වසරේ 4%ක් ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා. ආර්ථික කඩා වැටීම හමුවේ එය අභියෝගයක් වුවත් එය සාර්ථක කරගත හැකි අභියෝගයක් ලෙස අපි සලකනවා. එහිදී අප ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටිනවා.

විශේෂයෙන් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය මෑතකාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල වනු ඇතියි.

පසුගිය රජයන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය වීම සිදු වුණේ නැහැ. 75%ක් – 80%ක් වගේ මුදලක් පමණයි වැය කරනු ලැබුවේ. නමුත් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරනවා.

ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් සමඟ අපි පසුගියදා දීර්ඝ සාකච්ඡාවක් සිදු කළා. සාමාන්‍යයෙන් අපේ රටේ ආයෝජනයක් කැඳවීමට ආයතන 82කින් අවසර ගත යුතු බව එහිදී අනාවරණ වුණා. එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබා ගැනීමට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වෙනවා.

පරිසර ක්ෂේත්‍රය සඳහා අවසර ලබා ගැනීමට ආයතන 11ක් තිබෙනවා. ඒ සඳහා දින 269ක කාලයක් ගත වෙනවා. ප්‍රායෝගිකව ගතහොත් වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. එය දින 82කට අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ප්‍රායෝගිකව සති 184ක් ගත වී තිබෙනවා. එය දින 102ක් වැනි කාලයකට අඩු කිරීමට අපි අපේක්ෂා කරනවා.

ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබා දීමට ආයෝජන මණ්ඩලය දින 80කට ආසන්න කාලයක් ගන්නවා. එය සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීම අපේ අපේක්ෂාවයි. ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කරනවා නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.

ඒ වගේම සංචාරක කර්මාන්තයේ වේගවත් පිම්මක් ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. මිලියන 03ක් ඉක්මවා යන සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ මෙරටට කැඳවා ගැනීමට අපේක්ෂා කරනවා.

විශේෂයෙන් තොරතුරු තාක්ෂණ හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගත හැකියි. මේ මාර්තු මාසයේ බටහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජුලි මාසය වන විට නැගෙනහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කළ හැකියි. ඒ නිසා නාවික ක්ෂේත්‍රයේ යම් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකියි. අපි අපේක්ෂා කරන ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ප්‍රමුඛ ලෙස සැලකිල්ලට භාජනය කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ ඉලක්ක ජයග්‍රහණය කළ හැකියි.

මේ වන විටත් අපි සාම්පූර් බලාගාරය සඳහා එකඟතාව පළ කර තිබෙනවා. ඒ වගේම වරායේ දීර්ඝ කාලයක් සිර වී තිබු සැපයුම් මධ්‍යස්ථානය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති ගණනාවක් සිර වී තිබෙනවා. අපි එම ව්‍යාපෘති වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය අවසරය සහ බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා.

එමෙන්ම අපි ඉන්දියාව සහ චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා සැලකිය යුතු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවාගත හැකියි කියන විශ්වාසයෙන් අපි කටයුතු කරනවා.

ආයෝජන කැඳවා ගැනීමට පසුගිය ආණ්ඩු අසමත් වී තිබෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය කාර්යක්ෂමතාවයකින් වැඩ කර නැහැ. එම නිසා නව ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත මගින් යෝජනා කර තිබෙනවා. නමුත් එහි සම්පූර්ණම ක්‍රමවේදයක් නැහැ. ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේදී දේශපාලන අධිකාරිය ලබා දුන් තීන්දු රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිවිරෝධයක් මතු වුණා. රාජ්‍ය යාන්ත්‍රණය හැමදාම සිතුවේ දේශපාලන අධිකාරිය සඟවා ගත් දෙයක් ක්‍රියාත්මක කිරීමට යනවා කියලා. නමුත් මේ වනවිට දේශපාලන අධිකාරියේ සැඟවුණු අරමුණු නැහැ කියා අපි ඔප්පු කර තිබෙනවා. ඒනිසා රාජ්‍ය යාන්ත්‍රණය අපට සහයෝගය ලබා දෙයි කියා විශ්වාස කරනවා. මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණයේ ආකල්ප පවා වෙනස් විය යුතුයි. නිශ්චිත කාලයට තීන්දු තීරණ නොගත් විට අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඩිජිටල්කරණය කිරීම තුළින් පහසුව, කාර්යක්ෂමතාවය පමණක් නොව රට තිබෙන තැනින් නව තලයකට ඔසවා තැබීමටද හැකියාව තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය අනිවාර්යෙන්ම කළයුතුයි. ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ මිත්‍යා මත විද්‍යාත්මකව බිඳ දමා නව ලෝකයට සරිලන අනන්‍යතාවයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය රුපියල් බිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනවා.

පරිපාලනය සඳහා නව වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැහැදිලියි. මෙතෙක් පැවති රාජ්‍ය පරිපාලනය අසාර්ථක හා දූෂිත බව පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවාව ලබා ගැනීම සඳහා දැරිය යුතු විශාල පිරිවැයක් තිබෙනවා. සමහර ආයතනවල දැන් කළ යුත්තක් නැහැ. යුගයට අවශ්‍යතාවය අනුව එම ආයතන ස්ථාපිත කළත් ඒ සඳහා වර්තමානයේදී කරන්න වැඩපිළිවෙලක් නැහැ. එක් ක්ෂේත්‍රයක් සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා. ඒ සියල්ල ඒකාබද්ධ කළ යුතුයි.

මෙරට ආර්ථිකයේ අපනයන ආදායමෙන් 90%ක් ලබා දෙන්නේ ආයතන කිහිපයක් පමණයි. රේගු අදායමෙන් 69%ක් ලබා දෙන්නේ ෆයිල් 621යි. ඒ වගේම බස්නාහිර පළාත ජාතික ආර්ථිකයට 37%ක් දායක වන විට ඌව පළාත ජාතික ආර්ථිකයට දායක වෙන්නේ 5%ක් පමණ යි. ආර්ථිකය කුඩා කණ්ඩායම් අත පමණක් තැබීමෙන් ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැහැ.

අස්වැසුම මිලියන 1.8 ප්‍රතිලාභ ලබා දෙනවා. නමුත් තවත් ලැබිය යුතු කණ්ඩායම් සිටිනවා. ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කිරීම සඳහා නව ආර්ථික අවස්ථා ඇති කළ යුතුයි. වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ නව ආර්ථික ප්‍රභවයන්, අවස්ථාවන් ගමට හඳුන්වාදීමයි. එසේ සිදුවීමේදී ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යනවා.ජනතාවගේ ක්‍රයශක්තිය වැඩිවීම තුළින් ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කළ හැකියි.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පැවතුණේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ආධාර ලබාදීමේ වැඩපිළිවෙළයි. එහිදී එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මී ගවයෙක් හෝ කුකුළු පැටවූ ලබාදීම සිදුකළා. එය සාර්ථක නම් මේ වනවිට ගොවිපළවල් විශාල ගණනක් තිබිය යුතුයි. එම නිසා ප්‍රජාව සවි බල ගැන්වීම සඳහා නව ආර්ථික ප්‍රභවයන් ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක තුළ හිඳිමින් ආධාර අවශ්‍ය ප්‍රතිලාභීන් සඳහා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින්සිටිනවා. මූල්‍ය උත්තේජනයක් ඇති කිරීමට ඉලක්කගත වැඩපිළිවෙලක් අප සතුව තිබෙනවා. මෙරට තිබූ සහනාධාර ක්‍රමවේදය මුළුමනින්ම දේශපාලනීකරණය වෙලා තිබුණේ. එය අපි නවතා දමනවා. නිශ්චිතවම සහනාධාර ලැබිය යුතු කෙනාට ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කර තිබෙනවා.

වෙළඳපළ නිදහස් බව පැවසුවත් ලෝකයේ වෙළඳපොළ නිදහස් නැහැ. ලෝක වෙළඳපොළ බෙදා වෙන් වී තිබෙනවා. ඒ බෙදා වෙන් වී තිබෙන වෙළඳපොලෙන් අපේ පංගුව අත්පත් කරගන්න රජය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අපට ආසන්නම වෙළඳපොළ තිබෙන ඉන්දියාව සමග ලෝක වෙළඳපළට ප්‍රවිෂ්ට වීමට අප අධ්‍යයනය කරමින් සිටිනවා. මීට පෙර ඉන්දියාව සමග තිබු වෙළඳ ගිවිසුම අධ්‍යයනය කරමින් එහි වාසි අවාසි පිළිබඳ සැලකිල්ලට ගෙන නව වෙළඳ ගිවිසුමක් ඔස්සේ ලෝක වෙළඳපොලේ පංගුව අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ලෝකය ප්‍රකාශ මත ඉදිරියට යන්නේ නැහැ. දැනට එක්සත් ජනපදය විසින් කරන ප්‍රකාශ වලින් ගැටුම්කාරී හෝ බියජනක අවස්ථා ඇතිවේ යැයි සිතන්නට පුළුවන්. නමුත් ලෝකය ප්‍රකාශ වලින් නවතින්නේ නැහැ.

රට හදන්න අපි සියලු දෙනා එකතු වෙමු. රාජ්‍ය සේවය ලබාදීම සඳහා විශාල වැය බරක් දැරීමට සිදුවෙනවා. රාජ්‍ය සේවයේ මිලියන 1.3ක් ඉන්නවා.රාජ්‍ය සේවයේ පහළ ස්තරය අතිරික්තයක් වුවත් මැද ස්ථරයේ විශාල සේවක හිඟයක් තිබෙනවා. මේ සඳහා විභාගයක් පැවැත්වුවහොත් පෞද්ගලික අංශයේ රැකියා කරන අය පවා පැමිණෙනවා. පෞද්ගලික අංශයේ ආකර්ෂණය නොවන රාජ්‍ය අංශයේආකර්ෂණය වන රාජ්‍ය සේවාවක් අපේ රටේ තිබෙන්නේ. එම නිසා පෞද්ගලික අංශයත් ආකර්ෂණීය සේවා කරන ස්ථානයක් බවට සංවාදයක් ඇති කළ යුතුයි.

1991 වසරේදී වතු රජය සමාගම්වලට ලබා දුන්නා. නමුත් වසර තිස් දෙකක් ගියත් වතු සේවකයෙකුට දෛනික රුපියල් 1700ක් ලබාදීමට සමත්ව නැහැ. එවිට එම සමාගම් සාර්ථක ද නැද්ද කියා සිතා බැලිය යුතුයි. ඊයේ රේගුවේදී නීති විරෝධීව ගෙනා බහලුම් විවෘත කළ බැලුවා. එය ගැන්වීම් කළ කෙනෙක් හිටියේ නැහැ. නමුත් එම බහලුම් විවෘත කළ බැලූ විට ප්‍රසිද්ධ සමාගමක ලේබල් අලවා තිබුණා. එම නිසා ජනතාව ආකල්ප වශයෙන් වෙනස් විය යුතුයි. දේශපාලන අධිකාරියේ ගුණාංග අප ගෙනවිත් තිබෙනවා. නමුත් ඔබ තුළ පරිවර්තනය වෙනසක් ඇති නොකර රටක් හැටියට ඉදිරියට යන්න බැහැ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ , ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව යන මහත්වරු සහ වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-01-26

SendShareShare
Previous Post

උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයන් පිරිසකට වෙඩි තැබීමෙන් ඉන්දියාවත් පත්තු වෙයි! නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කැඳවා ඉන්දියාව විරෝධය පළකරයි! අපි අතර අවබෝධතාවක් තියෙනවා! බලය පාවිච්චි කිරීම කිසිම විදිහකින් අනුමත කරන්න බෑ! Sri Lanka Latest News

Next Post

ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වෙලා? තමන්ට ඕනෙ විදිහට වැඩ නැත්නම් යන්න කියල ඇමතිතුමා නොකියා කියලද? I Sri Lanka Latest News‍

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.