• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාකිස්තානය උඩුයටිකුරු කළ ලාහෝර් නගරයේ සිංහයාට අද වෙලා තියෙන දේ! Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාකිස්තානය උඩුයටිකුරු කළ ලාහෝර් නගරයේ සිංහයාට අද වෙලා තියෙන දේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔවුන් ඔහුට කිව්වේ ‘ලාහෝර් නගරයේ සිංහයා’ කියලා. මේ ඉම්රාන් ඛාන්ගේ අද තත්ත්වය. ඔහු සිරකරුවෙක්. ඉම්රාන් ඛාන් සිවිල් ඉංජිනේරුවකුගේ පුත්‍රයෙක්. වංශවත් පවුල් පසුබිමක උරුමක්කරුවෙක්. 1952 පාකිස්තානයේදී උපන්නත් 1971දී එංගලන්තයේ වූස්ටර්හි රාජකීය ව්‍යාකරණ පාසලට (Royal Grammar School) ඔහු ඇතුළත් වුණේ ක්‍රිකට් ක්‍රීඩාවත් කරන ගමන්. Sri Lanka Latest News

1971දී සංචාරක පාකිස්තාන කණ්ඩායමට එංගලන්තයේදීම එක්වෙලා, ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගන්න මේ යෞවනයා සමත් වුණා. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අධ්‍යාපනයත් ඇතුළුව ඉරියව් 4ක්. 1972දී ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කීබ්ල් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හදාරලා උපාධිය ලබාගත්තා.
1973-75 කාලය තුළදී ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ ක්‍රිකට් කණ්ඩායමත්, වූස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කළා. 1982 වර්ෂය තුළදී ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වුණේ ඔහුයි. ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් සමග ශතකයක් වාර්තා කළ ලොව දෙවැන්නා වුණෙත් ඔහුයි. 1989දී ‘වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා’ නමැති සම්මානය දිනාගත් පළමු ආසියානුවා බවටත් ඔහු පත්වුණා.

හැකියාවෙන්, රුවෙන්, ධනයෙන් සහ බලයෙන් එක ලෙස බැබළුණු ඉම්රාන්ගේ පසුපසින් ආවේ ආසියානු තරුණියන් විතරක් නෙමෙයි. එංගලන්ත, ඔස්ටේ්‍රලියානු, නවසීලන්ත කාන්තාවන් ඔහුගේ ඇසුර ප්‍රිය කළා. ඔහු තරුණ කාලේ නළුවෙක් වගේ ලස්සනයි. කෙළිලොල් තරුණයෙකු වුණත්, ඔහුගේ ක්‍රිකට් පරිච්ඡේදය හරි ඉහළින් ලියැවුණා.
1987දී ක්‍රිකට්වලින් විශ්‍රාම ගෙන සිටි ඉම්රාන් ඛාන්ට නැවත ක්‍රිකට් කණ්ඩායම භාරගන්නැයි ආරාධනා කළේ එවක පාකිස්තාන ජනාධිපති ජෙනරාල් සියා උල් හක්. එය භාරගෙන 1992දී පාකිස්තාන කණ්ඩායම ක්‍රිකට් ලෝක ශූරතාව කරා මෙහෙයවූ නායකයා තමයි ඉම්රාන් ඛාන්. මුළු පාකිස්තානයටම සහ ලෝකයටම ඒක ඓතිහාසික දිනයක් වුණා. තරුණ කණ්ඩායමක් එක්ක ඔස්ටේ්‍රලියාවට ගිහින් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කරලා ඔහු විසින් ජය ලබාගැනීම ඓතිහාසික කතාන්දරයක්.

නායකයකු හැටියට ටෙස්ට් තරග 48කදී ජයග්‍රහණ 14ක් සහ පරාජයන් 8ක් ඔහු විසින් වාර්තා කළා. එක්දින තරග 139කදී ජයග්‍රහණ 75ක් සහ පරාජයන් 59ක් වාර්තා කළා. අපි 90 දශකයේදී දැකපු වසීම් අක්‍රම්, වකාර් යුනුස්, ඉන්සමාම් උල් හක් වගේ ක්‍රීඩකයන්ව හැදුවේ ඉම්රාන් ඛාන්. ඒ තමයි ඔහුගේ සුපිරි නායකත්වය.

ක්‍රීඩකයකු හැටියට ඔහු ටෙස්ට් කඩුලු 362ක සහ ටෙස්ට් ලකුණු 3,807ක හිමිකරුවෙක්. දුර්ලභ ‘ටෙස්ට් ලකුණු 3000¤ටෙස්ට් කඩුලු 300’ සමාජයේ සාමාජිකයෙක්. 37.69ක ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් සහ 22.81ක පන්දු යැවීමේ සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකයෙක් කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨයෙකුද? එක්දින ලකුණු සාමාන්‍යය 33.41යි, මුළු ලකුණු 3,709යි. එක්දින කඩුළු ලබාගැනීමේ සාමාන්‍යය 26.61යි, කඩුලු 182යි.

සුරංගනා කතාවක් වගේ ලස්සනට ලියැවිලා තිබුණු ඉම්රාන් ඛාන්ගේ කතාවට දේශපාලන සෙවණැල්ල පතිත වෙන්නේ 1987 ජනාධිපති, ජෙනරාල් සියා උල් හක් ඔහුට දේශපාලනයට ආරාධනා කිරීමත් එක්කයි. ඉන්පස්සේ නවාස් ෂරීෆ්, ඉම්රාන්ට ආරාධනා කළා ඔහුගේ පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට. ඔය ආරාධනා දෙකම ඉම්රාන් විසින් ප්‍රතික්ෂේප කළා. මේ තරම් ආරාධනා ගලා ඒමෙන් පැහැදිලි වෙන්නේ ඉම්රාන් ඛාන්, එවක ලොව තුළ කෙතරම් බලවතෙකුද කියන එකයි.

1993දී ඔහු මොයිනුදීන් අහමඩ් ඛුරේෂිගේ අන්තර්වාර ආණ්ඩුවේ සංචාරක කර්මාන්ත තානාපතිවරයකු වුණා. 1995දීත් ඉම්රාන් ඛාන් පාකිස්තානයේ බලවත්ම තරුව වූ නිසා අගමැතිනි බෙනාසීර් භූතෝ බියවුණා. ඇය ඔහුට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කළා. 1996දී ඉම්රාන් තමන්ගේම පක්ෂයක් සමගින් දේශපාලනයට පිවිසුණා.

දෛවය හරි පුදුමාකාරයි. ඔහුව දේශපාලනය වෙත තල්ලු වුණු ආකාරය සහ ඉන් එහාට ඔහුගේ ගමන වෙනස්ම එකක්. විපක්ෂය නියෝජනය කරමින් කාලයක් දේශපාලනය කළ ඉම්රාන් ඛාන් 2018දී අගමැති ධුරයට පත්වුණා. ඒත් ඒ කාලය පාකිස්තානයට යහපත් කාලයක් වුණේ නෑ. ආර්ථික තත්ත්වය වළ පල්ලට යමින් තිබුණා. ඔහු ඔහුගේ කාර්යාල සේවකයන් ගණන 524සිට 2ට අඩු කළා. සුඛෝපභෝගී වාහන විකුණා දැම්මා. අගමැතිවරයාගේ නිල නිවාස වැයෙන් 49%කින් පහත හෙළුවා. කාර්යාල වියදම්වලින් 29%ක් පහත හෙළුවා.

අයි.එම්.එෆ්. එකත් එක්ක එකතුවෙලා විශාල වැඩකටයුතු ටිකක් කරන්න ඔහුට සිදුවුණා. ඔහු චීන-පාකිස්තාන නිදහස් වෙළෙඳ ගිවිසුමකට අස්සන් කළා. වේලි දෙකක් ඉදිකිරීම වෙනුවෙන් ලොව වටා ගොස් පාකිස්තාන රු. බිලියන 17.2ක් එකතු කළා. ජල විදුලි ජනනය 20%කින් ඉහළ නංවාගත්තා. ගල් අඟුරු භාවිතය අවම කරගත්තා. දේශපාලකයන්ගේ දූෂණ සොයන්නට කමිටුවක් පත්කළා. ඉන්දියා-පාකිස්තාන ගැටුම් සමථයකට පත් කරගන්නට ඔහු ඔහුගේ ශූර නායකත්ව වචන භාවිත කළා. ලෝකය ඉදිරියේ පාකිස්තානයේ ගෞරවය රැකගත්තා. කොවිඩ් 19 වෛරසයටත් මුහුණ දෙමින් රට කරගෙන ගියා.

ඒ සියල්ල එසේ තිබියදීත්, 2022දී විපක්ෂය ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා. ඒ මොහොතේ ඔහුගේ ළඟම සගයනුත් ඔහුගෙන් ඉවත් වුණා. මන්ත්‍රණ සභාවේදී ඔහු විශ්වාස භංගය පරාජය වුණා. 2023දී ඔහු නිවාස අඩස්සියට පත්වූ අතර, 2025දී අල්ලස් හා දූෂණ චෝදනා මත ඔහුව 14 වසරකට සිරගත කරනු ලැබුවා.
මේ, 72 හැවිරිදි ඔහුගේ අද තත්ත්වයයි.

අසංක හදිරම්පෑල

SendShareShare
Previous Post

මීගමුවේ ජනතාව පාරට බැහැලා අලුත් අරගලයක් පටන් අරන්!  VIDEO I Sri Lanka Latest News

Next Post

වවුනියාවෙ දඩ කොළ කතාව දඩ බොරුවක් ලු…! දඩ කොළේ සිංහල දෙමළ ඉංග්‍රීසි තුනම තිබිලා! පාරෙ ලොරිය ගන්න බෑ කියලා පාට් එකක් දාලා! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.