• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වවුනියාවෙ දඩ කොළ කතාව දඩ බොරුවක් ලු…! දඩ කොළේ සිංහල දෙමළ ඉංග්‍රීසි තුනම තිබිලා! පාරෙ ලොරිය ගන්න බෑ කියලා පාට් එකක් දාලා! Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වවුනියාවෙ දඩ කොළ කතාව දඩ බොරුවක් ලු…! දඩ කොළේ සිංහල දෙමළ ඉංග්‍රීසි තුනම තිබිලා! පාරෙ ලොරිය ගන්න බෑ කියලා පාට් එකක් දාලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වවුනියාවෙදී ඇත්තටම වුණේ මොකක්ද? වවුනියාවේ පොලිසියේ කණ්ඩායමක් පුද්ගලයෙකුට පහරදුන් බවත්, එසේ පහරදීමට හේතුව ඔහු ද්‍රවිඩ භාෂාවෙන් දඩ කොලයක් ඉල්ලූ බවත්, එසේ ලබා නොදී ඔහුට පහරදුන් බවත් පහුගිය දවසක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණේ. එසේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණු ප්‍රවෘත්තිය රාජ්‍ය මාධ්‍ය තුළත් පළවුණා. ඉතින් ඒ නිසා අපි ගැන හොයන්න තීරණය කළා. අපිට ඕනේ නෑ පොලිසිය සුද්ධ කරන්න. අපි පොලිසියට ගහන්න ඕනෙ තැන්වල උපරිමයටම ගහපු, පොලිසිය විවේචනය කරන්න ඕනේ තැන්වලදී උපරිමයටම විවේචනය කරපු කණ්ඩායමක්. පොලිසියේ ක්‍රියාකාරකම් එකිනෙකාව හඳුන්වා දෙමින් පොලිසියේ නම කියලා විවේචනය කළා අපි පහුගිය දවස්වල. ඒ නිසා ඒ ගැන කිසිම තර්කයක් විතර්කයක් අපේ නැහැ. නමුත් නෝනාවරුනි, මහත්වරුනි, මේ වෙනකොට ලංකාවේ තියෙන මේ සිද්ධිය ගැන අපි කතා කළොත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ යම් කිසි සිදුවීමක් සිද්ධ වෙනකොට ඒ සිදුවීම වහාම සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමට අපේ රටේ පුද්ගලයෝ දැන් උත්සුක වෙන බව අපිට පේනවා. ඉතින් මේක හරිද වැරැදිද කියන එක ගැනත් රට ඇතුළේ කතාබහක් සිදුවිය යුතුයි. Sri Lanka Latest News

වවුනියාවේ සිද්ධිය. අපි ඒ පිළිබඳ වවුනියාවේ ප්‍රබල මාධ්‍යවේදීන්ගෙන් විමසා බැලුවා. ඔවුන් කිව්වා ඒක බොරුවක් කියලා. ඇත්තටම එතකොට මේ දඩ කොලේ කතාව බොරුවක්ද? අපි ඒ ගැන හොයන්න තීරණය කළා. අපි මේ ගැන ඇහුවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග අපිට පැහැදිලි කළා මේ සිද්ධිය අසත්‍ය ප්‍රකාශයක් බවත්, මෙහිදී දඩ කොලයක් ලබාදෙද්දී දඩ කොලයේ වැරැදි මොනවද කියලා සඳහන් කරන්න තියෙන්නේ ලියලා නෙවෙයි, හරියක් දාලා. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ලංකාවේ දඩ කොල මුද්‍රණය වෙලා තියෙනවා. ඔහු අපිට දඩ කොලය ගැන පැහැදිලි කරලා ඇත්තටම දඩ කොලයකුත් එව්වා. ඒ නිසා අපි දඩ කොලය ඇස් දෙකෙන් දැකලා තමයි මේ කතාව ලියන්නේ. එතකොට දඩ කොලයට මේ භාෂාව අදාළ වෙන්නේ නෑ, ලංකාවේ දඩ කොල සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය වෙලා තියෙනවා. ඒ මුද්‍රණය වෙච්ච දඩ කොලයේ වැරැදි භාෂා තුනෙන්ම ලියලා තියෙනවා. ඇත්තටම යම් වරදක් සිද්ධ වෙලා නම් ඒ වරද සම්බන්ධව වාර්තා කිරීම සිදුවෙන්නේ වරදට අදාළ ඉදිරියේ තියෙන කොටුවේ හරියක් දාලා. ඒ නිසා පැහැදිලියි මේ වරද සම්බන්ධයෙන් මෙතැන සිද්ධ වෙච්ච සැබෑ සිද්ධිය නෙවෙයි මේ පුද්ගලයා එක්තරා ස්ථානයක වාහනය නතර කරලා තියෙනවා. ඒ වාහනය ඉවත් කරගන්න කියලා පොලිසිය ඔහුට දැනුම් දෙනවා. ඔහු එසේ ඉවත් කර නොගෙන යම් ගැටුමකට යනවා. එම ගැටුමෙන් පස්සේ ඔහුව අත්අඩංගුවට ගන්න පොලිසියට සිද්ධ වෙනවා. මේක තමයි පොලිසිය අපට කියන නිල ප්‍රකාශය. ඒ අනුව මේ අනවශ්‍ය ලෙස තමන්ගේ ජාතිකත්වය හෝ තමන්ගේ වාර්ගිකත්වය හෝ තමන්ගේ වෙනත් ආගමිකත්වය වැනි සාධක මතුකරලා මගේ ආගම නිසා මගේ ජාතිය නිසා මගේ වර්ගය නිසා මට මෙන්න මෙහෙම වෙනස්කමක් කළා කියලා රට ඇතුළේ කැලඹීමක් ඇතිකිරීමට යම් යම් පුද්ගලයන් කණ්ඩායම් සහ යම් මාධ්‍ය ආයතන කටයුතු කරන බව අපි දන්නවා. පහුගිය කාලයක් තිස්සේ ලංකාවේ මාධ්‍ය විසින් මේ කාරණය සිද්ධ කළා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණා රටේ යම් වාර්ගික අර්බුදයක් ඇතිවෙනවා, තියෙනවා කියලා පෙන්නන්න. මේ කාරණාවෙදී පොලිසියත් බොහෝ විට නිවැරැදි නැති නිසා පොලිසිය බොහෝ වෙලාවට වැරැදි කරන නිසා පොලිසියේ කිල්ලෝටයෙත් හුණු තියෙන නිසා අපිට පොලිසිය ගැන 100%ක් විශ්වාස කරන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. නමුත් වවුනියාවේ සිදුවීම සම්බන්ධයෙන් අප හොයාගත් කරුණු අනුව පැහැදිලි වෙන්නේ මේ කාරණය අනවශ්‍ය ලෙස ජනතාව ප්‍රකෝප කිරීම සඳහා භාවිත කරන බව.

මේ සිද්ධිය වෙන්නේ කොහොමද කියලා අපි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙච්ච වාර්තා කිරීම් ගැන හොයලා බැලුවා. ඔවුන් කියන්නේ පුද්ගලයාව යම් මාර්ග වරදක් නිසා නවත්තනවා. ඉතින් ඒ පුද්ගලයා අතින් යම් මාර්ග වරදක් සිද්ධ වෙනවා. ඒ මාර්ග වරද සිද්ධ වුණාට පස්සේ එම වරද සම්බන්ධව ඔහුට ලබාදෙනවා දඩ කොලයක්. එම දඩ කොලය මොකක්ද කියලා බලනකොට දඩ කොලය තියෙන්නේ සිංහල භාෂාවෙන්. ඒ නිසා ඔහු ද්‍රවිඩ භාෂාවෙන් දඩ කොලයක් ඉල්ලනවා. තමන්ට සිංහල තේරෙන්නේ නෑ කියලා. ද්‍රවිඩ භාෂාවෙන් දඩ කොලයක් නොදී ඔහුට පහරදෙනවා සහ ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඔහුව පොලිසියට අරගෙන යනවා කියලා තමයි මේ මාධ්‍ය විසින් වාර්තා කරලා තියෙන්නේ. එතකොට මෙහිදී කරුණු කීපයක් ගැන අපි සැලකිලිමත් විය යුතුයි. ඔහු දඩ කොලයක් ඉල්ලුවා නම්, ඔහුට දිය යුත්තේ රටේ තියෙන සාමාන්‍ය දඩ කොලය. එහෙම නැතුව ඔහු වෙනුවෙන් විශේෂ දඩ කොලයක් මුද්‍රණය කරලා දෙනවා වගේ දෙයක් සිද්ධ වෙන්න බැහැ.

ඊළඟ කාරණාව වෙන්නේ දඩ කොලය ඔහු දෙමළ භාෂාවෙන් ඉල්ලද්දී මේ පුද්ගලයෝ ඔහුට හදිසියේ කළ නොපනත් ක්‍රියාවක් ගැන ඔහු කියනවා. මේ ක්‍රියාව ගැන වෙනම පරීක්ෂණයක් සිද්ධ වෙයි. ඒ ගැන කලබල වෙන්නේ නැහැ. පොලිසිය සුද්ධ කරන්න අපි දඟලන්නෙත් නැහැ. පොලිසිය හරි හොඳයි කියලා අපි කියන්නෙත් නැහැ. නමුත් වැරැදි තැන්වල සහ හරි තැන්වල නිවැරැදිව හිටගන්න රටේ මාධ්‍යවලට සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි රටක් කියන්නේ යම් පාලනාධිකාරියක් යටතේ පාලනය වෙන තැනක්. මෙන්න මේ ජාතිය, ආගම හෝ වෙනත් සාධකවලට පදනම් වෙලා, වෙනත් කාරණාවලට පදනම් වෙලා, වෙනත් දේවල් ගැන හිතලා, නැත්නම් වෙනත් දේවල් මත පිහිටලා කරුණු පැහැදිලි කරලා යම් හෙයකින් මේ රටේ සිද්ධ වෙන මේ සිදුවීම් සම්බන්ධයෙන් අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වුණොත් ද්‍රවිඩ ජාතියකන්ට අසාධාරණයක් සිද්ධ වෙන බව මාධ්‍ය විසින් මේ විදියට වාර්තා කිරීමෙන් රටට සිද්ධ වෙන හානිය ගැන අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඒකට හේතුව ජිනීවාවල මානව හිමිකම් පිළිබඳ දැන් ඉතා ළඟදී යෝජනා කීපයක් සම්මත වෙන්න නියමිතයි. ඒවා ලංකාවට පාඩු වෙන පැත්තට වෙන්න ඉඩ තියෙනවා මෙහෙම ගියොත්. ලංකාවේ මාධ්‍යයටත් වගකීමක් තියෙනවා. සමාජ මාධ්‍ය කියලා කියන්නේ කිසිදු නියාමනයක් නැති ආයතනයක්. සමාජ මාධ්‍යවලට ආයතනික ව්‍යුහයක් නෑ, සමාජ මාධ්‍ය සඳහා පුද්ගලික බලපෑමක් නෑ, සමාජ මාධ්‍යවල යම් යම් ක්‍රියාකලාප ගැන නිලධාරීන් විසින් ඉහළ තනතුරුවල ඉන්න අය විසින් බලන්නේ නෑ, හොයන්නේ නෑ, තහවුරු කරගැනීමක් නැතුව සමාජ මාධ්‍යවල තොරතුරු පළවෙනවා. ඒක නොදැන වගේ මාධ්‍ය යම් වාර්තාකිරීම් සිදුවෙනවා නම් ඒ විදියට සිය රාජකාරිය කරන මාධ්‍ය ආයතන සම්බන්ධව වහාම සුදුසු පියවරක් ගත යුතුය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පාකිස්තානය උඩුයටිකුරු කළ ලාහෝර් නගරයේ සිංහයාට අද වෙලා තියෙන දේ! Sri Lanka Latest News

Next Post

රාජපක්ෂ පවුලේ ආරවුල අධිකරණයට! පුංචි ඡන්දයෙන් පත්වන මාලිමා මන්ත්‍රීවරුන්ගේ ධුර අහිමිවීමේ අනතුරක්! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.