• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත උපන් මාතර දරුවාට මොකද වුණේ? ඇත්තටම මැරුණාද? නැත්නම් විකිණුවාද? Sri Lanka Latest News

June 1, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘මම තාම මගේ දරුවගේ මූණවත් දැක්කේ නැහැ. මේ අය අපිව එහෙට මෙහෙට යවනවා… අනේ අපිට සාධාරණයක් ඉටුකරලා දෙන්න…’ (Sri Lanka Latest News)

තම කුලුඳුල් දරුවා මෙලොව එළිය දුටු මොහොතේ ජීවිතය හැරගිය බව පවසමින් දරුවාගේ මෘත ශරීරය බිළිඳාගේ පියාට නොපෙන්වූ නිසා ඔහුගේ හදවතේ ඇතිවූ වේදනාව රෝහල් කාර්ය මණ්ඩලය වෙතට යොමුවුණේ එවැනි චෝදනාත්මක ස්වරූපයකින්. මේ සංවේදී පුවත පසුගිය දිනවල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණා. මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාවින්ද්‍යා මධුෂානි තමන්ගේ කුලුඳුල් දරුවා බිහිකිරීම සඳහා පසුගිය 22 වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වුණේ දහසකුත් බලාපොරොත්තු සිහින ඇතිවයි. පසුගිය 24 වැනිදා එලෙස බිහිවූ බිලිඳා කුස තුළදීම මියගොස් ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය විසින් මේ මවට පවසා තිබුණා. එදින රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති අතර, මියගිය බව කියන බිලිඳාගේ දේහය තම දරුවාගේ නොවන බවයි මවුපියන් චෝදනා කළේ. බිලිඳාගේ පියා සහ ඥාතීන් පවසා සිටින්නේ බිලිඳාගේ මෘත දේහය ලබාගැනීමට ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.

බිලිඳාගේ මව තවදුරටත් පවසා සිටියේ පිළිසිඳ ගැනීම සිදුවී මාසයක පමණ කාලයක සිට වෛද්‍යවරයෙක චැනල් කර තම කුසේ වැඩෙන දරුවා පිළිබඳ විමසුවත්, දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයේ අවදානමක් පවතින බවට කිසිදු ඉඟියක් එම වෛද්‍යවරයා නොපෙන්වූ බවයි.

බිළිඳාගේ මෙම අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතියකු මෙලෙස අදහස් පළකර සිටියා.

‘අපි මාසෙන් මාසේ ඩොක්ටර්ව චැනල් කරලා දරුවා පෙන්නුවා. ඩොක්ටර් කවදාවත් කිව්වේ නැහැ දරුවාගේ අඩුපාඩුවක් තියෙනවා කියලා. 22 වැනිදා ඉස්පිරිතාලේ ගියාම කිව්වා දරුවා අවදානම් තත්ත්වේ ඉන්නේ, ඉස්පිරිතාලේ නවතින්න කියලා. දරුවා එළියට ගන්න ඕනේ කියලා බෙහෙත් වගයක් දීලා අමාරු කෙරෙව්වා. 24 වැනිදා පාන්දර 2ට විතර තමයි දරුවාව හම්බවෙලා තියෙන්නේ. අපි උදේ ඉස්පිරිතාලෙට ආවාම දරුවාව මෝචරියට දැම්මා කියලා කිව්වා. අපි ඇහුවා මෝචරියට දාන්නේ කොහොමද, දරුවාගේ තාත්තාටවත් දරුවාව පෙන්නන්නේ නැතුව කියලා. අපි කතා කරලා ගෙදර එන්න එනකොට කෝල් කරලා කියනවා මෘත ශරීරය මෙහෙ තියෙනවා මෝචරියට තාම යවලා නැහැ, ඕනේ නම් අපිට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ඇහුවා කොහොමද ගන්නේ කියලා. අපිට කිව්වා නගර සභාවට රු. 2500ක් ගෙවලා කොළේ අරන් එන්න කියලා කිව්වා. ඒ අතර අපි මුදල් බැඳලා කොළෙත් අරන් ඇවිත් අපි කිව්වා අද හවස 3ට මරණේ ගන්නවා කියලා. එතකොට අපිට කියනවා මරණේ නැහැයි කියලා. උදේ කිව්වා හොස්පිට්ල් එකෙන් නගර සභාවට ගිහින් වළදැම්මා කියලා. දැන් මේකේ ඉන්න කට්ටිය කියනවා මරණේ තියනවා ඒක කොළඹට ගෙනියනවා කියලා. එක උත්තරයක් නැහැ. පරස්පර උත්තර තියෙන්නේ. මේ අය මේ මරණේ විකුණගෙන කාලා. අපි මරණ සහතිකය ඉල්ලුවාම කියන්නේ එදා සිදුවූ මරණයක් ගැන ලේඛනවල සටහන් වෙලා නැහැ කියලා. 19 වැනිදායින් පසු කිසිදු මරණයක් සිදුවෙලා නැහැ කියලා කාර්ය මණ්ඩලයෙන් කියනවා. අපිට මේ ගැන අසීමිත සැකයක් තියෙනවා. මේ දරුවා ඇත්තටම මියගියාද, ජීවතුන් අතරද, එහෙම නැත්නම් විකුණලද කියලා අපිට සැකයි….’

බිලිඳාගේ මව වන කාවින්ද්‍යා මධුෂානි මෙලෙස පවසා සිටියා.
‘අපි හරිම ආසාවෙන් හිටියේ දරුවා ලැබෙන කල්. ඒ වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම මම කළා. කිසිම අඩුවක් කළේ නැහැ. මගේ දරුවාගේ මරණේ හරි මට ගෙනල්ලා දෙන්න. මම කිව්වා තාත්තා එනකල් එයාව තියන්න මූණ හරි බලන්න කියලා. තාත්තාට එයාව පෙන්නලත් නැහැ. මගේ දරුවාගේ අවයවවත් මෙයාලා අරන්ද දන්නේ නැහැ. මගේ දරුවාට වෙච්ච දේ මේ ලෝකේ වෙන කිසිම දරුවෙක්ට වෙන්න එපා කියලයි මම ඉල්ලන්නේ…’
දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා වගේම තාත්තත් පෙරුම්පුරමින් බලාගෙන ඉන්නේ ඒ දරු පැටියාගේ මූණ බලන්නයි. නමුත් ඒ දේ මේ රෝහල් කාර්ය මණ්ඩලයට තේරුම් ගැනීමට නොහැකි වුණා.

මියගිය බිලිඳාගේ පියා සිය වේදනාව පිටකළේ මෙලෙසයි.

‘මගේ දරුවාගේ මූණවත් මම දැක්කේ නැහැ. මෙහේ කට්ටිය අපිව එහාට යවනවා මෙහාට යවනවා. මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න….’
මෙම සිදුවීමෙන් පසු දරුවාගේ මවුපියන් මාතර නව දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂවරයා හමුවීමට ගොස් තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටයි. එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා හා මවුපියන් අතර සිදුවූ කතාබහේ වීඩියෝ දර්ශන දරුවාගේ ඥාතීන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.
‍මව – 24 වැනිදා පාන්දර 2.41ට මගේ දරුවාව ලැබුණා. ලැබුණු ගමන් ලේබර් රූම් එකේදී මම ඔක්කොටම කිව්වා දරුවාව තාත්තාට පෙන්නන්න ඕනේ කියලා. තාත්තාට දරුවගේ මූණ පෙන්නුවද?
අධ්‍යක්ෂවරයා – මිස් ඔහොම හයියෙන් කතා කරන්න එපා…
මව – ඉතින් සර් ඕගොල්ලෝ එහෙම කියන්න එපා. මගේ දුක දන්නේ මම. 24 වැනිදා උදේ 6 වෙනකොට අම්මයි මහත්තයයි මාව බලන්න රෝහලට ආවා. පල්ලෙහාට ගියාම කියලා තිබුණා දරුවා මාතර ඉස්පිරිතාලේ මෝචරියට යවලා කියලා. මේ මිනිස්සුන්ට මරණය පෙන්නන්න ඕනේ කිව්වාම මෙයාට කියලා දැන් අරින්න බැහැ ඔයා ගිය වෙලාවක ඇරලා බලාගන්න කියලා. ඊට පස්සේ මෙයාලා ගිහිල්ලා නිලන්තියි රමණියි කියන ගෑනු දෙදෙනාගෙන් අහලා තියෙනවා. ඒ දෙන්නා කියලා තියෙනවා නගර සභාවෙන් වළදාන තැනක් වෙන්කරගෙන ඔක්කොම කරලා එන්න කියලා. එහෙම කියලා පෙට්ටියත් අරන් අපි මෙතැනට එනකොට මෙතැන ඉන්න අය මගේ දරුවාගේ මිනිය දුන්නේ නැත්තේ ඇයි? මම මරණ පරීක්ෂණයක්වත් ඉල්ලුවේ නැහැ. එක්කෝ දරුවාගේ අවයව අරගෙන නැත්නම් දරුවාට මොනවා හරි කරලා. මාස 9ක් තියන් හැදුවේ මගේ දරුවාගේ මළ මිනිය හරි මට ඕනේ නිසානේ…’

මේ අවස්ථාවේ රෝහල් අධ්‍යක්ෂවරයා හා දරුවාගේ මවුපියන් අතර ඇතිව තිබුණේ උණුසුම් කතාබහකි. අනතුරුව මවුපියන් රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කොටවිල පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක්ද සිදුකර තිබුණා. ඊට හේතු වී තිබුණේ එක් අවස්ථාවක බිලිඳා වළ දැමූ බවටත්, තවත් අවස්ථාවක බිලිඳා කොළඹ ජාතික රෝහලට යැවූ බවටත් පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කර තිබීමයි.

රට තුළ දැඩි කතාබහක් ඇතිකළ මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මේ පිළිබඳ අදාළ රෝහලෙන් විමසා සිටියත් රෝහල් කාර්ය මණ්ඩලය පවසා තිබුණේ අධිකරණ කටයුත්තක් සිදුවන බැවින් ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මවුපියන් දිගින් දිගටම කළ ඉල්ලීම මත බිලිඳාගේ දේහය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අරුණ බුද්ධදාස මහතා විසින් සිදුකළ අතර, එහිදී බිලිදා මෙම මවුපියන්ගේම දරුවකුද යන්න තහවුරු කරගැනීම සඳහා ෘභ් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

බිලිඳෙකු මියගිය පසු රෝහල් කාර්ය මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදය නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් විස්තර කර තිබුණේ මෙලෙසයි.
‘මෙහි නෛතික පසුබිම වනුයේ සති 24කට වැඩි කලලයක් ගර්භාෂය තුළදී මියගිය අවස්ථාවක මෙන්ම ගර්භාෂයෙන් පිටතට ගැනීමෙන් පසු මියගිය පසු නීත්‍යනුකූල භාරකරුගේ ඉල්ලීම මත හෝ නොමැතිව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාගත යුතුයි. යම් හෙයකින් සජීවී කලලයක් ප්‍රසූතියෙන් පසුව මියගියහොත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම මෙරට නීතිය අනුව අනිවාර්ය කරුණක්. සති 24ක කලලයක් කුමන ආකාරයකින් මියගියද කලල කොටස් හෝ කලලය නීත්‍යනුකූල භාරකරුවන්ට ලබාදීම අනිවාර්ය කරුණක් වේ.’

මේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සඳහන්ය. බිලිඳාගේ පියා පවසා සිටියේ ෘභ් පරීක්ෂණ වාර්තාව ලැබීමට මාස 3ක් පමණ ගතවන බවත්, ඒ වන තෙක් දරුවාගේ සිරුර මෝචරියේ තබා ඇති බවයි.

කෙසේ වෙතත් රෝහල්වල සිදුවන මෙවැනි අක්‍රමිකතා ගැන ඇසෙද්දී රෝහල් ගැන සහ එහි කාර්ය මණ්ඩලය ගැන අපට දැනෙන්නේ පිළිකුල්සහගත හැඟීමක්. රෝහල්වල ඉන්නේ හිතක් පපුවක් නැති මිනිස්සුද කියලා හිතෙනවා. අම්මා කෙනෙක් දරුවෙක්ව දස මාසයක් කුස තියාගෙන මෙලොවට බිහිකරන්නේ නොවිඳිනා දුක් විඳලා. ගතවෙන තත්පරෙන් තත්පරේ තමන්ගේ කුසේ වැඩෙන කලලය ගැනයි අම්මා කෙනෙක් හිතන්නේ. මේ සිහිනවලට වටිනාකමක් දෙන්න බැරි ඇයි? රෝහල් කාර්ය මණ්ඩලයේ ඉන්න අයටත් දරු මල්ලෝ නැද්ද? දරු දුක ඔවුන්ට දැනෙන්නේ නැද්ද? මිනිස්සු කොයිතරම් අකාරුණිකද? නමුත් වෙන රටක දරුවෙක් මවු කුසේදීම මියගියා නම් මුලින්ම අම්මාගේ මානසික මට්ටම හදලයි අනෙක් කටයුතු සිදුකරන්නේ. දරුවා ලැබෙනකල් අම්මා තාත්තා දෙන්නම බලාගෙන ඉන්නවා. ඒ දේ මේ රෝහලේ සේවකයන්, බලධාරීන් තේරුම් ගත්තේ නැහැ. මේ සිදුවීමෙන් පීඩාවට පත්වෙච්ච අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නම ඕනේ. කිසිම අම්මෙකුට මෙවැනි අසාධාරණයක් යළි කිසි දිනෙක සිදු නොවේවා කියලා ‘මව්රට’ අපි ප්‍රාර්ථනා කරනවා.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නෙළුම් කුලුණු ගැහුවා! නෙළුම් පොකුණු ගැහුවා! ලංකාවම ඩිජිටල් කරනවා කියලා පම්පෝරි ගැහුවා! ඒ වුණත් මැදමුලනෙ රාජපක්ෂ වලව්ව ළඟ තියෙන ඉස්කෝලෙවත් ඉන්ටර්නෙට් නෑ! ඒ ඉස්කෝලෙටත් ස්මාර්ට් පන්ති කාමරයක් දුන්නෙ සජිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුර-සජිත් විවාදය ඇරඹෙයි! එහෙන් අරන් මෙහෙට දෙන එකට අනුර ගහයි! සජිත් උත්තර දෙයි! අහිංසක දරුවොත් ප්‍රශ්නෙට මැදිහත් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.