• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙළුම් කුලුණු ගැහුවා! නෙළුම් පොකුණු ගැහුවා! ලංකාවම ඩිජිටල් කරනවා කියලා පම්පෝරි ගැහුවා! ඒ වුණත් මැදමුලනෙ රාජපක්ෂ වලව්ව ළඟ තියෙන ඉස්කෝලෙවත් ඉන්ටර්නෙට් නෑ! ඒ ඉස්කෝලෙටත් ස්මාර්ට් පන්ති කාමරයක් දුන්නෙ සජිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 1, 2024
in Exclusive
Reading Time: 29 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගනවා කියා රජය පුරසාරම් දෙඩුවාට මැදමූලන රාජපක්ෂ වලව්වට ආසන්නයේ පවතින පාසල්වල පවා අන්තර්ජාල පහසුකම් නොමැති බවත් මොවුන් නෙළුම් කුළුණු හදන්න කලින් මේ පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබා දීම සිදු කළ යුතුව තිබුණත් එසේ සිදු නොකළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.Sri Lanka Latest News

විවිධ පාර්ශ්වයන් බියර් පර්මිට්වලට, වයින් ස්ටෝර්ස්වලට, වරදාන වරප්‍රසාද ආර්ථික ප්‍රතිලාභ වලට විවිධ අය විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් මේ ජරා ජීරණ වූ පුද්ගලයන් සමඟ සිටිය නොහැකි බවත් සමගි ජන බලවේග රජයක් තුළ රජයේ සාමාජිකයන්ට සුරසැප විඳින්න නොහැකි බවත් ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කළ යුතු බවත් එසේ ජනතාව වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමේ ආදර්ශය නායකයා ලෙස තමා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (30) හම්බන්තොට මුල්කිරිගල ගෝණදෙනිය මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 210 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා පොත්පත් ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද ආබාධිත පුද්ගලයකුට රෝද පුටුවක් ද පරිත්‍යාග කළේය.

මම මේ කතා කියන්නේ මගේ ඡන්ද මල්ල වැඩි කර ගන්න නම් නෙවෙයි

හොඳට ඉගෙන ගත් උපාධිධාරීන් මෙන්ම හොඳ අධ්‍යාපනයක් ලැබූ දූදරුවන් රැකියා පෝළිමේ නොව තම සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් ලබා ගැනීමට ඔවුන් යොමු කළ යුතු බවත් එය අපගේ යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තමා කතා කරන්නේ ඇත්ත බවත් තමා කිසි දින තමන්ගේ ඡන්ද මල්ල ගොඩ දා ගැනීමට සිංහල පමණයි දමිළ පමණයි කියමින් යන්නේ නැති බවත් සමහර අය මන්ත්‍රීකම් ඇමතිකම් ගන්න බොරු දේශප්‍රේමීත්වයක් නිර්මාණය කරනවා වුවත් සැබෑ දේශප්‍රේමීත්වය යනු දරුවන්ට හොඳ ගුණාත්මකභාවයෙන් ඉහළ ජාත්‍යන්තර තලයේ උසස් අධ්‍යාපනයක් ලබා දීම බවත් ඊට අමතරව පවතින භූමියෙන් නව තාක්ෂණය උපයෝගී කර ගෙන ඉහළ ඵලදාවක් සහිත ගුණාත්මක අස්වැන්නක් ලබා ගෙන අපනයන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම ද දේශප්‍රේමීත්වය බවත් තමා විශ්වාස කරන්නේ එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි ආරක්ෂාවට වඩා එහා ගිය දෙයක්

අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මාන්තය ආදායම් මාර්ග ව්‍යවසායකත්ව ආදිය සෘජුව රටේ ජාතික ආරක්ෂාවට බලපාන බැවින් එය සුරක්ෂා කර ජනතාවගේ සුබසාධනය ශක්තිමත් කර රැකියා බිහි කරන බවත් ජාතික ආරක්ෂා යනු මිලිටරි ආරක්ෂාව නොව ඉන් ඔබ්බට ගිය දෙයක් බැවින් එය ශක්තිමත් කිරීමත් මෙම සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මම බෙදනවා කියලා බනින්නේ නිර්ධන පන්තිය රජ කරවනවා කියා පුරසාරම් දොඩවන අය

මෙසේ පාසල් හා රෝහල්වලට අගයක් එකතු කරන විට තමා බෙදනවා කියමින් බනින බවත් මෙසේ බෙදන එක හොඳ නැහැ කියා බනින්නේ පෞද්ගලික පාසල්වලට තම දුවා දරුවන් මුදල් ගෙවා යවන, ජාත්‍යන්තර පාසල්වලින් උපාධි ගන්නා සමාජවාදීන් බවත් මොවුන් තමන්ගේ දරුවන්ගේ මට්ටමට රටේ දරුවන් පත්වේය කියා බියෙන් බෙදන එක වැරදියි කියමින් සිටින බවත් විප්ලවකාරී අය නිර්ධන පන්තිය රජ කරවීම ගැන කතා කළත් මොවුන් ඇති අයගෙන් අරගෙන නැති අයට ලබා දෙන විට නිර්ධය ලෙස විවේචනය කරමින් බනින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 210ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2338ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

වැස්සත් එක්ක ඩෙංගුත්! Sri Lanka Latest News

Next Post

අලුත උපන් මාතර දරුවාට මොකද වුණේ? ඇත්තටම මැරුණාද? නැත්නම් විකිණුවාද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.