රට කිරීමේදී ජනතා වරම අනිවාර්ය බවත්, එසේ ජනතා වරමක් නොමැතිව බලය ගතහොත් සිදුවන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවූ දේ බවත්, සජිත් ප්‍රේමදාස මහතාද ජනවරම විශ්වාස කරන බවත් සජබ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා කීය.Sri Lanka Latest News
සජිත් ප්‍රේමදාස විශ්වාස කරන දෙයක් තියෙනවා, අනුර කුමාර දිසානායක එක්ක වුණත්, ප්‍රජාතන්ත්‍රවාදීව මිසක් වෙන විදිහකට බලය අරගත්තොත් එහෙම, ඒ බලයට මැන්ඩේට් එකක් නැහැ. දැන් ඒක පැහැදිලිනේ රනිල් වික්‍රමසිංහට වෙච්ච දේ. කොච්චර දුන්නද? ඉඩමුත් දුන්නා ලක්ෂ 20ක් දෙන්නම් කියලා. අර ස්වරණ භූමියේ ඔප්පු ටික ඌව පළාතේ තියෙන්න, ඔක්කොම ටිකට ඔප්පු දුන්නා. දැන් එහෙදි ඉන්නවද? නැහැ. මොකද මිනිස්සු ආස බොරු අහන්න. එතකොට මැන්ඩේට් එකක් නැති, ජනතාවගෙන් ඇත්තටම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න බලයක් නැති බලයකින් ඇති වැඩක් නැහැ. ඒක නිකන් ඇවිල්ලා අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් වෙන්න සජිත් ප්‍රේමදාස මෙච්චර වැඩ කළේ නැහැනේ රටට. මෙච්චර කාලයක් මිනිස්සුත් එක්ක වැඩ කරලා, දුක් විඳින ජනතාවත් එක්ක වැඩ කරලා, වැඩ කරලා, අන්තිමට මේ ගෝඨාභය රාජපක්ෂගේ කොටයක් අදින්නද සජිත් ප්‍රේමදාසේ කරන්නේ? නැහැ.
එහෙමනම් ගෝඨාභය රාජපක්ෂට තිබ්බ අවුරුදු දෙකහමාර ඉවර නම් ආණ්ඩුව විසුරුවා හරින්න. ඒක කරන්න දුන්නේ නැහැ, හිටපු මන්ත්‍රීවරු. එහෙම විසුරුවා හැරලා ඒ වෙලාවේ ඡන්දයක් තිබ්බා නම් ඔයා හිතනවද අනුර කුමාර දිසානායක ජනාධිපති කියලා? නැහැ. එහෙනම් ජනාධිපති සජිත් ප්‍රේමදාස තමයි. හරිද? ඒක නොකර සජිත්ට කොටේ බාර ගත්තේ නැති එකේ වරද පටවලා, අයියෝ බලන්නකෝ දැන් කොටේ බාර ගත්ත එකාට වෙච්ච දේ පේනවාද? එයා ඇතුළෙත් ගියා, කොටේ බාර ගත්ත එකා. මිනිස්සු එහෙම සැලකුවද? මැන්ඩේට් එකක් නැති වුණාම මිනිස්සු කොච්චර මිනිස්සුට සැලකුවත්, මිනිස්සු ගණන් ගන්නේ නැහැ. මේ ලයිට් කණුවකට, ලයිට් කණුවක් හිටවලා නැති කෙනෙක්ට ඊට වඩා බලයක් තිබ්බා.
මොකද මිනිහා ලස්සනට බොරු කිව්වා. එතකොට ඒ බොරු බලවත් අර කොටේ බාර ගන්නවට වඩා. ඉතින් අන්තිමට මොකද වුණේ? සජිත් ප්‍රේමදාසට කොටෙත් නැති වුණා, අර දීපු බලෙත් නැති වුණා. ඕක තමයි දැන් තියෙන කම්ප්ලේන් එක සජිත් ප්‍රේමදාසට. අර කොටේවත් ගත්තා නම් අපරාදේ. ඉතින් කොටේ ඕනේ නැහැ මම නම් කියන්නේ. කොටේ ඕනේ නැහැ, මම කියන්නේ ජනතාව තව අවුරුදු පහකින් ආයෙ විශ්වාස කරනවා නම් එහෙම අනුර කුමාර දිසානායක තමයි හොඳම කෙනා මේ රට කරන්න කියලා, ඒකේ ආදීනව ජනතාව ගෙවයි. ඒකේ යහපතක් තිබ්බොත් ඒකත් ජනතාව ගෙවයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ සජිත් ප්‍රේමදාසටත් ඒ විදියේ මැන්ඩේට් එකක් ආවොත් තමයි සජිත් ප්‍රේමදාසට වැඩ කරන්න පුළුවන්. නැත්නම් සජිත් ප්‍රේමදාසට, රනිල් වික්‍රමසිංහට වගේ අවුරුදු දෙකක් ජනාධිපති වෙලා ඉඳලා එළියට යන්න වෙනවා.
චානක ලියනගේ










