මෙයට වසර ගණනාවක් පෙරදී ඇමෙරිකාවත්, ඉන්දියාවත් එක්ව අපූරු, විශ්මිත ප්‍රකාශයක් සිදුකළේය. අදටත් ලොව පුරා ප්‍රකාශිතව තිබෙන එම සුවිශේෂී කතාව කුමක්ද? මුළුමහත් ලෝකයටම අවශ්‍යව තිබෙන ඉතාමත් භයානක අපරාධකරුවකුගේ ‘හිස’ ගෙනවිත් දෙන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක අති සුවිශාල ත්‍යාග මුදලක් පිරිනමන බවට, මෙම ලෝක බලවතුන් දෙදෙනා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබිණි. ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් එසේ අවශ්‍යව තිබුණේ කාගේ හිසද? මුළුමහත් ලෝකයම මහත් භීතියටත්, ත්‍රාසයටත් ලක්කළ මෙම මිනිසාගේ නාමය නම් ඩාවුඩ් ඊබ්‍රාහීම් කස්කාරී වෙයි. එහෙත් ලෝකයේ බොහෝදෙනකු මොහු හඳුන්න්නේ :ෘ්අදදා ෂඉර්යසප* ලෙසිනි. දැනට 70 වැනි වියෙහි පසුවන මොහු උත්පත්තියෙන් ඉන්දියානු ජාතිකයකු වෙයි. ඉන්දියාවේ මහාරාශ්ට ප්‍රාන්තයේ රත්නගිරි නමැති ග්‍රාමයේ මොහු උපත ලැබීය. කෙසේ හෝ මොහුගේ ජීවිත කතාවේ අතිශය සුවිශේෂී සිදුවීම් රාශියක් වෙත දිවයන්නේ 1976 වැනි වසරකදී සිටය.Sri Lanka Latest News
1976 යනු මෙයට වසර 50කට පෙර ගෙවුණු කාලයකි. දැන් එසේ නම් මෙතරම් දීර්ඝ කාලයක් පුරා ඩාවුඩ් ඊබ්‍රාහීම්ගේ ජීවිතෙය් සිදුවූ පරිවර්තයන් කුමක්ද? මෙම අපූරු මිනිසා තමන්ගේ ජීවිතයේ මැරවරයකු මෙන් කාලය ආරම්භ කරන්නේ, තමන්ට අවුරුදු 20ක් වන තරුණ කාලයේදී සිටය. එනම් කලින්, කලට ඔහුගේ එම මැර ජීවිතයේ නොයෙකුත් පරිවර්තනයන් සිදුවුණේය. මේ නිසාම ලෝකය ඔහු හඳුනා ගෙන තිබුණේ අපරාධ කල්ලි නායකයකු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ ත්‍රස්තවාදී නායකයකු ලෙසිනි. සංවිධානාත්මක අපරාධ, කප්පම් ගැනීම්, ඉලක්කගත පුද්ගල ඝාතන, මහාපරිමාණ සොරකම් හා වංචා දූෂණ සහ සැලැසුම්සහගත ත්‍රස්තවාදී ප්‍රහාරයන් මේ අනුව ඔහුගේ පූර්ණ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි. එම අපරාධ ලැයිස්තුව බොහෝ දිග එකකි. එයින් 1993 වසරේදී ඉන්දියාවේ බොම්බේ නගරයේදී සිදුකරන ලද මහා ත්‍රස්තවාදී ප්‍රහාරය ඉන් එකකි. බෝම්බ ප්‍රහාර 12කින් සමන්විත මෙම මහා ත්‍රස්ත ප්‍රහාරයෙන් 257 දෙනකු මියගිය අතර, 1400 දෙනකු තුවාල ලැබීය. මෙම ප්‍රහාරය ඉන්දියාවේ හින්දු සහ ඉස්ලාමික අරගලයක් පසුබිම් කරගෙන සිදුවුණු ප්‍රහාරයක් ලෙස සැලකෙයි. කෙසේ හෝ 1993 වසරේදී වසර 500ක් පැරැණි අයෝධ්‍යාවේ මස්ජීඩ් ඉස්ලාමික පල්ලිය, හින්දු ආගමික කල්ලියක් විසින් පහරදී කඩා දැමීමෙන් පසුව, එම වසරේදීම ඊබ්‍රාහීම් ඩාවුඩ් ප්‍රධාන ඉස්ලාමික ත්‍රස්තවාදීන් විසින් බොම්බේ නගරයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලදී. මෙහිදී හෙළිවී තිබුණේ මෙම ත්‍රස්ත නායකයාගේ ‘සින්ඩිකේට් ඩී’ නමැති සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කරන ලද බවයි. මේ වටපිටාව නිසාම ඊබ්‍රාහීම් ඩාවුඩ් 2003 වසරේදී ගෝලීය ත්‍රස්තවාදී නායකයකු ලෙසට නම් කරන ලදී. ඔහු පණපිටින් අල්ලා දෙන අයකුට හෝ ඔහු මරා ඔහුගේ හිස ගෙනැවිත් දෙන අයකුට හෝ ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක ත්‍යාග පිරිනමන බවට ප්‍රකාශ විය. එහෙත් මෙතෙක් එවැන්නක් සිදුවී නොමැත.
මෙම ඉන්දියානු පාතාල කල්ලි මාෆියා නායකයා මින් පෙර ඉන්දියාවේ ආරක්ෂක අංශ ග්‍රහණයන්ට හසුවුවත් ඒවායින් පලාගොස්, ඉන්දියාවෙන් පාකිස්තානයටද පැන ගියේය. ඔහු එම රටවල් දෙක තුළ සිරගත කර තිබුණද ඒවායින්ද මිදී ගියේය. කෙසේ හෝ පසුකාලීනව මෙම මාෆියා නායකයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, පාකිස්තානයේද සැඟව සිටින බවට විශ්වාසවන්ත තොරතුරු හෙළිවිය. එනම් පාකිස්තාන – ඇෆ්ගනිස්තාන දේශ සීමාවේ දැඩි ආරක්ෂාව යටතේ සිටිමින්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් විවිධ භයානක අපරාධ රැසක් මෙහෙයවන බවට තොරතුරු හෙළිවිය. කෙසේ හෝ ඔහු පාකිස්තානයේ සිටිමින්, මෙම අපරාධ ජාලය මෙහෙයවන බවට පාකිස්තාන රජය සහ ආරක්ෂක අංශ දැන සිටියත්, ඔහුට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනාවන් රැසක් ඇත. එසේම ඔහු ජීවතුන් අතර නොමැති බවට හෝ මියගොස් ඇති බවට හෝ මෙතෙක් කිසිදු තොරතුරක්ද නොමැත. දැනට 70 වැනි වියෙහි පසුවුවත් ඩාවුඩ් ඊබ්‍රාහීම් තවද තමාගේ පාතාල ලෝකය සාර්ථකව මෙහෙයවන බවට ඉන්දියාවට සහ ඇමෙරිකාවට බුද්ධි තොරතුරු රැසක් ලැබී ඇත. මේ වන විට ඔහු ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම බවට එම බුද්ධි තොරතුරු කියයි. ලෝකයේ රටවල් රාශියක් පුරා එම ජාලය ව්‍යාප්තව ඇති බැව් පැවසෙයි. ආසියාතික රටක් වන අපගේ ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවේ නැතැයි කියන්නට කිසිදු හේතුවක් නැත. කෙසේ හෝ මෙම කාලයේදී ශ්‍රී ලංකාව තුළින්ද නිතර අසන්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාතාල නායකයන් ගැනය.
ඩාවුඩ් ඊබ්‍රාහීම් කෙතරම් භයානක පාතාල මාෆියා කල්ලි නායකයකුද යත්, ඔහු අල්කයිඩා ත්‍රස්තවාදී නායක ඔසාමා බින් ලාඩන් සමගද සබඳකම් පවත්වා ඇත. ඇමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශය විසින් ප්‍රකාශිත කරන ලද ‘ලෝකයේ වඩාත්ම අවශ්‍ය පලාගිය අපරාධ නායකයින් 10 දෙනා’ අතර දෙවැනි ස්ථානයට ඊබ්‍රාහීම් ඩාවුඩ් නම්කර තිබිණි. එසේම ලෝ ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව නම් කළ පාතාල මාෆියා නායකයන් 10 දෙනා අතර සිවුවැනි ස්ථානයට නම්කර තිබිණි.
ඩාවුඩ් ඊබ්‍රාහීම් නමැති ඉන්දියානු මාෆියා පාතාල කල්ලි නායකයා ගැන හෙළිවන තවත් අපූරු රසවත් කතන්දරයක්ද වේ. එය නම් ඔහු 80 වැනි සහ 90 වැනි දශකවලදී ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සූරූපී නිළියන් හතර දෙනකුට ආදරය ප්‍රකාශ කිරීමයි. එකල මැදි වයසේ පසුවූ ඔහු කඩවසම් පෙනුමකින් යුක්ත වූ අතර, පාතාල ලෝකය තුළද ඔහුගේ නාමය බොහෝ කතාබහට ලක්විය. එනම් එකල ඔහු ධනවතකුද වූ අතර, හින්දු චිත්‍රපට නිෂ්පාදනයටද නිර්නාමිකව මුදල් යෙදවීම සිදුකර ඇත. මේ නිසා එකල ඔහු හින්දි සිනමාවේ සූරූපී තරුණ නිළියන් කිහිපදෙනකුම සමගද ප්‍රේම සබඳකම් පැවැත්වූයේය. එසේම එම නිළියන්ද ඔහු සමඟ බොහෝ ප්‍රේමයෙන් වෙළුණු අතර, ඔවුන් පොදු සමාජයේදී එකට ආශ්‍රය කරන අයුරුද නිතර ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් දක්නට හැකි විය. කෙසේ හෝ එම දශක දෙක (වසර 20ක) කාලය තුළ ඩාවුඩ් ඊබ්‍රාහිම් බොලිවුඩ් නිළියන් සමඟ ආදර සබඳකම් පවත්වන විටදීද ඔහු පාතාල නායකයකු ලෙස යම් ප්‍රසිද්ධියකට පත්ව සිටියේය. එකල ඉන්දියානු බොලිවුඩයද භීතියේ කාලයට නැටූ යුගයක් ලෙසට ප්‍රකට විය. මේ නිසා ඩාවුඩ් ඊබ්‍රාහීම්ද ඕනෑම බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයකුට වඩා බලවත් වූ අතර, ඔහුගේ සහාය ලැබුණු ඕනෑම නළුවකු හෝ නිළියක් එක් රැයකින් ජනප්‍රියත්වයට පැමිණිනි. මේ නිසා මෙම මාෆියා පාතාල රජු වටා සුරූපී නිළියන් ගැවසෙන්නට වූ අතර, ඔහුද හොඳින් හෝ නරකින් එම සුරූපිනියනගේ පහස ලබාගත්තේය.
මාෆියා පාතාල රජු ඩාවුඩ් ඊබ්‍රාහීම් විසින් ඇසුරු කළ, ප්‍රකට සුරූපී තරුණ නිළියන් 04 දෙනකු ගැන තොරතුරු හෙළිවී ඇත.
මන්දාකිනි තකූර් හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියක් වූ ඇය 1985-1996 කාලය තුළ සිනමාවෙහි ප්‍රකට විය. ඇය ඩාවුඩ් ඊබ්‍රාහීම් සමග බොහෝ ප්‍රකට පෙම් සබඳතාවයක් පැවැත්වූවාය.
අනිටා අයුබ් බොලිවුඩ් සිනමාවට සංක්‍රමණය වුණු සුරූපී පාකිස්තාන ජාතික නිළියකි. මෙම නිළිය හදිස්සියේම අතුරුදන් වී ඇති අතර, අදටත් ඇයගේ වගතුගක් දැන ගන්නට නැත.
ජැස්මින් ධූනා අතිශයම රූමත් නිළියකි. ඩාවුඩ් ඊබ්‍රාහීම් ඇයට පිස්සුවෙන් හා උමතුවෙන් ආදරය කළ බැව් පැවසෙයි. බෙහ්විෂ් හයාත් පාකිස්තාන සිනමාවේ සුරූපී තරුණ නිළියකි.

ප්‍රියන්ත හෙට්ටිගේ










