• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩේටා ෆයිල් ලක්ෂ 11කට මොකද වුණේ? දත්ත මගඩිය සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

September 21, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
එදා මට අපහාස කළා! ඒ අපහාස මරණයේ වේශයෙන් රටට ඇතුළු වෙලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතළ තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී 27/2 යටතේ ප්‍රශ්නයක් නගමින් පැවසීය .

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක් කර ඇති බවද ඒ මහතා පැවසීය.

පහත පළවන්නේ පක්ෂ නායක තුමා විසින් අසරණ ලැබූ සම්පූර්ණ ප්‍රශ්නයයි .

ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය.

රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කරමින්, මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක් කර ඇත. විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම, ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම, එන්නත් සහ ඖෂධ ආනයනය සම්බන්ධ විවිධ විවේචන සහ ආන්දෝලනයන් ඇති වූ මෙම කාලවකවානුව තුළම මෙවන් සිදුවීමක් ඇති වීම විශාල සැකයකට තුඩු දෙන කාරණයක් බව පැහැදිලිය. 

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1.      ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදහන් වීම කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, මෙය සැලසුම් සහගතව මෙරට ඖෂධ මාෆියාව විසින් සිදු කරන ලද ක්‍රියාකාරීත්වයක් බව රජය පිළිගන්නේ ද? විෂයභාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේ ද? එසේ නොමැතිනම්,  ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු පමණක් මෙසේ අතුරුදහන් වීමක් සිදු වූයේ කෙසේද? මෙවන් අවස්ථාවක ICTA උපදේශන සේවා සහ ක්ලවුඩ් පහසුකම් ලබාගත් අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල දත්ත සහ පද්ධති පවතින්නේ ද අනතුරුදායක තත්ත්වයක නොවේ ද? නොඑසේනම්, ඒ සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? 
 
2.      මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති ආකාරයට දත්ත මැකී ගොස් තිබෙන්නේ කෙසේ ද? CERT ආයතනය ඒ සම්බන්ධව ලබා දී ඇති වාර්තාව සභාගත කරන්නේ ද? මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් ඒකපාර්ශවීය ප්‍රකාශ නිකුත් කිරීම පරීක්ෂණ වෙනත් අතකට යොමු කිරීමේ වෑයමක් නොවේ ද? 
 
3.      ICTA ආයතනය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග මොනවාද? දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Epic Lanka Technology ආයතනය සමග අත්සන් කළ ගිවිසුමෙහි, දත්ත පද්ධතියේ Backup හා ක්ලවුඩ් ගතකිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුළත් කර ඇත්ද? ඒ්වා ICTA ආයතනයේ උපදේශනය යටතේ ඇතුලත් කළ කොන්දේසි ද? එසේනම්, එම ගිවිසුම හා අදාල වගන්ති සභාගත කරන්නේ ද? ඒවා නිශ්චිතවම ක්‍රියාත්මක කලේ ද යන්න පිළිබඳව ICTA ආයතනය විසින් පසු විපරම් සිදු කලේ ද? නොඑසේ නම්, Disaster Recovery පද්ධතියක් නොමැති ක්ලවුඩයකට දත්ත ක්ලවුඩ් කරන ලෙස හෝ අවම ආරක්ෂණ ක්‍රමවේදයක්වත් අනුගමනය නොකරන Epic Lanka Technology ආයතනයට උපදෙස් ලබා දුන්නේ කුමන පදනමින් ද? 
 
4.      මෙවන් පද්ධති බිඳ වැටීමක දී හෝ දත්ත මැකී යාමක දී ලංකා ආණ්ඩු ක්ලවුඩයේ හෝ ICTA ආයතනය සතුව, දත්ත හෝ පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් නොමැති ද? ඒ මන්ද? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සුරක්ෂිත කිරීමේ උපදේශන ආයතනය ලෙස ක්‍රියා කරනු ලබන ICTA ආයතනය රජය, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු වූ මෙම කැළලට සෘජුවම වගකිව යුතු නොවේද? රාජ්‍ය ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදු වූ මෙම ව්‍යසනයට සාමූහික වගකීමකින් යුතුව මුහුණ දී කඩිනමින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නොගෙන ICTA අධ්‍යක්ෂ මණ්ඩලය සියලු වගකීම් පෞද්ගලික ආයතනයක් වෙත පමණක් පවරන්නේ කවර පදනමින් ද?
 
5.      මෙම දත්ත අතුරුදහන් වීම මගින් බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ‍ඖෂධ වෙළඳපළට නිකුත් කිරීම් මෙන්ම, එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම් වලට සිය අභිමතය පරිදි ඉහළ මිළ ගණන් වලට ඖෂධ අලෙවි කිරීමේ ද අවධානමක් පවතින හෙයින් එම තත්ත්වය වළක්වාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? 

SendShareShare
Previous Post

වැලිකඩ හිරකරුවන්ට ‘නෙගටිව්’ උත්තරයක්!

Next Post

කොරෝනා නැතිවෙන්න කළගෙඩි අතෑරියා! ලෝකෙටම බෙහෙත් කළා! කොරෝනා හදාගත් රාජකීය වෛද්‍ය ‘වයිට්’ ලංකාවම ‘බයිට්’ කළාද?

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.