• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා නැතිවෙන්න කළගෙඩි අතෑරියා! ලෝකෙටම බෙහෙත් කළා! කොරෝනා හදාගත් රාජකීය වෛද්‍ය ‘වයිට්’ ලංකාවම ‘බයිට්’ කළාද?

September 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
කොරෝනා නැතිවෙන්න කළගෙඩි අතෑරියා! ලෝකෙටම බෙහෙත් කළා! කොරෝනා හදාගත් රාජකීය වෛද්‍ය ‘වයිට්’ ලංකාවම ‘බයිට්’ කළාද?
Share on WhatsAppShare on Facebook

මේ ලියන මොහොත වෙනකොට ලංකාවෙ කොවිඩ් යම් ප්‍රමාණයකින් අඩුවෙලා කියලා සතුටු වෙන්න පුළුවන් තැනකට අපි ඇවිත් තියෙනවා. ඒ ගැන රජයෙන් සහ විවිධ සෞඛ්‍ය අංශවලින් කියන දේවලට අනුව නම් අපි අද වෙනකොට ටිකක් සැනසිල්ලෙ හුස්ම ගන්න පුළුවන් තැනකට ඇවිල්ලා. එහෙම වුණේ කිසිම කෙනෙක් හින්දා නෙවෙයි, ලංකාවෙ සෞඛ්‍ය අංශ හින්දා. ඒ වගේම පරිස්සම් වුණා නම් පරිස්සම් වුණු මිනිස්සු හින්දා. සමහර වෙලාවට සමහර අමාරු තීරණ අරගත්තු බලධාරීන් හින්දා.

හැබැයි ලංකාවෙ කොවිඩ් පැතිරීම සම්බන්ධව වගකිව යුත්තො ලංකාවෙ කොවිඩ් පාලනය සම්බන්ධ වගකිව යුත්තන්ට වැඩිය ඉන්නවා. ඇත්තමට කොවිඩ් පැතිරීම, පැතිරවීම කියන මේ හැම කාරණයකටම වගකියන්න ඕනෙ ඇහැට නොපෙනෙන වෛරසයක් වුණාට, මේ වෛරසයට අමතරව අපේ ගමේ, අපේ නගරයෙ, නැත්නම් අපේ රටේ හිතාගන්න බැරි තරම් පැතිරිලා යන තරමටම අනවශ්‍ය දේවල් කරපු සහ අවශ්‍ය දේවල් නොකරපු බොහෝ බලධාරීන් ඉන්නවා. මේ යන්නේ ඒගොල්ලන්ට ඇඟිල්ල දික් කරලා, ඒ අය වැරැදියි කියලා, ඔවුන්ට දඬුවම් කරන්න යෝජනා කරන්න නෙවෙයි.

අපට ඕනෙ කොහොම හරි කොවිඩ් අඩුවෙන පරිසරයක ජීවත් වෙන්න. ගමේ ගොඩේ කතාවක් තියෙනවනෙ බළලා මැටියෙන් වුණත් කමක් නෑ මීයො අල්ලනවා නම් කියලා. ඒ නිසා මොනව කරලා හරි කමක් නෑ කොවිඩ් හොඳ කරන්න පුළුවන් නම්, කොවිඩ් නැත්තටම නැති කරන්න පුළුවන් නම් ඒ ඕනෙ කෙනෙක්ගෙ පැත්තෙ අපි හිටගන්නවා. ඒක කොන්දේසි විරහිතව කියන කාරණයක්. හැබැයි මේ කියන්න යන්නේ කොවිඩ්වලින් ගේම් ගහලා, මිනිසුන්ව රවටලා, මිනිසුන්ව ගොං පාට් එකට ඇදලා දාන කවුරු හිටියත් අපි ඔහුට විරුද්ධ වෙනවා. එයාගෙ තරාතිරම අපට වැදගත් නෑ. ඊට හේතුව ඔය කවුරුත් අපේ දුකේදි සැපේදි අපි එක්ක ඉන්නෙ නැති නිසා. ගමේ ඉන්න පුංචි මිනිහා ලෙඩ වුණාම ඉස්පිරිතාලයක් හොයාගන්න බැරිව ගියාට පස්සේ, හුස්ම ගන්න බැරිවෙලා ඔක්සිජන් ටිකක් හොයාගන්න නැති වුණාම, අයි.සී.යූ. ඇඳක් හොයාගන්න බැරි වුණාම ඔය කවුරුවත්ම එන්නෙ නෑ.

ඔබට මතකද දන්නෙ නෑ අපේ රටේ දේශපාලකයන්ගෙ කළගෙඩි නැටුමක් ගැන රටට මුලින්ම කිව්වෙ අපි. ‘මව්රට’ ටී.වී. යූටියුබ් නාලිකාවෙ අදත් ඔබට ඕනෙ නම් මේ කළගෙඩි සෙල්ලම බලාගන්න පුළුවන්. මේ සෙල්ලමට සහභාගි වුණේ හිටපු සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි නෝනා. ඒ වගේම උදය ගම්මන්පිල ඇමැතිතුමා, ප්‍රසන්න රණතුංග ඇමැතිතුමා වගේ කට්ටිය. මේ කළගෙඩි සෙල්ලම කාටත් රහසින් කළත්, ඒගොල්ලන්ටත් නොදන්වාම මේ තොරතුරු අපට ලබාගන්න පුළුවන් වුණා. අපි ඒක දැක්ක ගමන්ම ඒ වීඩියෝව අපේ ‘මව්රට’ ටී.වී. යූටියුබ් නාලිකාවට මුදාහැරියා. ඊට පස්සේ මේක විවිධ තැන්වල විවිධ විධිවලින් ප්‍රචාරය වෙන්න පටන් අරගත්තා.

මේ කළගෙඩි සෙල්ලම පිටිපස්සේ හිටියේ ‘ඒලියන්ත වයිට්’ කියන රාජකීය වෛද්‍යවරයා. අපට ඒලියන්ත වයිට් එක්කවත්, පවිත්‍රා නෝනා එක්කවත්, ගම්මන්පිල මහත්තයා එක්කවත්, ප්‍රසන්න මහත්තයා එක්කවත් පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේ කළගෙඩි සෙල්ලමේදී පවිත්‍රා, ප්‍රසන්න, උදය ගම්මන්පිල වගේ අයට ලොකුවට චෝදනා කරලා වැඩකුත් නෑ කියලා අපට පෞද්ගලිකව හිතෙනවා. එහෙම හිතෙන්නේ මේ කළගෙඩි සෙල්ලමට ඒ මිනිස්සුන්ව ඇදලා දැම්මේ ‘කුණ්ඩලීහරණි’ද මොකක්ද කියන අපි නොදන්න නමක් තියෙන කතන්දරයක් අපට කියපු රාජකීය වෛද්‍යවරයා. දැන් මේ රාජකීය වෛද්‍යවරයා කියන්නේ මුළාවක් කියලා එදා ඉඳන් අද වෙනකම් අපේ රටේ මිනිසුන්ට නොතේරුණා නම්, ඔය කළගෙඩි සෙල්ලමෙන්වත් තේරුම් ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ඔය රාජකීය වෛද්‍යවරයා ගැන කියැවෙන්නේ අපට ළං වෙන්වත්, හිතන්නවත් බැරි තරම් ඉහළ සීමාවක. මහ පුදුම ආශ්චර්යවත් දේ කරන මනුස්සයෙක් විදියටයි අපි ඔහු ගැන අහලා තියෙන්නේ. ඉන්දියාවෙ ශාරුක් ඛාන්ට ඔහු බේත් කළා. ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයො ඔහුගෙන් බේත් ගත්තා. ලංකාවෙ ඉන්න දක්ෂ ක්‍රීඩකයො අද මේ තත්ත්වයට ගෙනාවෙ ඔහු, ඒ වගේම ලෝකෙ පුරාම ඉන්න දේශපාලකයො, ලංකාවෙ දේශපාලකයො බොහෝ දෙනෙක් මේ මනුස්සයා ගාවට ඇවිල්ලා, ඔහු තුළ තියෙන හිතාගන්න බැරි ශක්තියෙන් ප්‍රයෝජන ගන්නවා කියලා තමයි කියන්නේ.

හැබැයි මේ කියන රාජකීය වෛද්‍යවරයාට අපි දන්නා හැටියට නම් කොවිඩ් වැලඳුණා වගේම ඔහුට ටිකක් අමාරුත් වුණා. ඔහුට කොවිඩ් වැලඳුණේ එන්නත් දෙකම ගත්තෙ නැති නිසාද, නැත්නම් ඔහුට එන්නත් හරියට ලැබුණේ නැති නිසාද, එහෙමත් නැත්නම් වෙනත් ප්‍රශ්නයක් නිසාද කියලා අපි දන්නේ නෑ. හැබැයි මේ තරම් විශ්ව ශක්තියක් තියෙන මනුස්සයෙකුට කොවිඩ් හැදුණට පස්සෙ ඒක හොඳ කරගන්න බැරි නම්, ඒ විශ්ව ශක්තියෙන් ඇති වැඩක් නෑ කියලයි අපට හිතෙන්නෙ. සාමාන්‍යයෙන් ගමේ ගොඩේ කතාවක් තියෙනවනෙ වඩුවගෙ ගෙදර පුටුව නෑ කියලා. ඒ නිසා විශ්ව ශක්තිය ගෙදර තිබුණට, තමන්ගෙ ලෙඩේ හොඳ කරගන්න බැරි විශ්ව ශක්තියෙන් ඇති වැඩේ මොකක්ද කියලා අපි නිකමට අහනවා. හැබැයි ඒ අපේ නොදන්නාකමට. සමහර විට අපි මේ නොදන්නාකමට අහන ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදියේ ආශ්චර්යවත් උත්තර ඒ මහත්තයා ගාව තියෙනවා නම් අපට සමාවෙන්න. නඩු හබවලට පැටලෙන්න උවමනාවක් නෑ. එහෙම වැරැද්දක් තියෙනවා නම් ගැත්තාට අනුකම්පා කරලා, ඕනෙ නම් ටොක්කක් වුණත් කමක් නෑ ඇනලා කියලා දෙන්න. හැබැයි ඉතින් අපි මේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න අහිංසක මිනිස්සුනෙ. එහෙම අහිංසක මිනිස්සු විදියට පැත්තකට වෙලා බලාගෙන ඉද්දි අපට ඕවා ගැන එක එක අදහස් පහළවෙන්න පටන්ගන්නවා. ඒ පහළවෙන දේවල් තමයි අපි මේ විදියට ලියන්නෙ. ඒවා ලියුවට පස්සේ සමහර වෙලාවට ඒ උතුම් ප්‍රාඥයාට යම්කිසි අමනාපයක්, අගෞරවයක් සිදුවෙනවා නම් ආයෙ ආයෙත් සමාව අරගන්න දෙයක් නෑ, අපි ඕන්න කෙළින්ම ඔබතුමාගෙන් සමාව ගන්නවා.

හැබැයි මහත්තයො මේ සියල්ලම ඔබ කරපු සෙල්ලමක් නම් ඒකෙන් ඔබතුමාට හානියක් වෙන්නෙ නෑ කියලා අපි දන්නවා. මොකද හේතුව අද වෙනකොට ඔබ හට්ටි, මුට්ටි, වට්ටි, පෙට්ටි ඔක්කොම පිරෙව්වත් ඉවර නොවෙන තරම් මිල මුදලින් සැප සම්පත්වලින් ධන ධාන්‍යයෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නෙ. ඒ වුණාට අහිංසක මිනිස්සු පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නෙ ප්‍රශ්නවලින්. රට පිරිලා ඉතිරිලා තියෙන්නෙ කොවිඩ්වලින්. රෝහල්වල මෘත ශරීරාගාර පිරිලා තියෙන්නෙ මළ සිරුරුවලින්. බොහෝ විට රෝහල් පිරිලා තියෙන්නේ රෝගීන්ගෙන්. ඒ නිසා අපිට අද ඉතිරිවෙලා තියෙන්නෙ සතුටින් පිරි ජීවිතයක් නෙවෙයි. ඔබලා කරන සෙල්ලම් නිසා මේ රටම අමාරුවෙ වැටෙනවා. අපේ රටේ ඉන්න දේශපාලකයන්ටත්, මොළයක් තියෙනවා නම් මේ වගේ විකාර කරන්නෙ නෑ කියන එක ඇත්ත. හැබැයි ඉතින් ඒ මිනිසුන්ගෙ මොළය සම්බන්ධව ප්‍රශ්න කරන්න අපට අයිතියක් නෑ. හේතුව ඒ ඔක්කොම අපේ මනාපෙන් ඉහළින්ම පාර්ලිමේන්තුවට ගිය උදවිය. ඒ නිසා අපේ රටේ ඉන්න මිනිසුන්ගෙ මොළය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද කියලා අපට වෙලාවකට හිතෙනවා. හැබැයි ඉතින් ඒ ගැන වැඩිය මුකුත් කියන්න බැරි අපිත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ට අයිති නිසා. එතකොට අපේ රටේ ඉන්න මිනිස්සු මෝඩයි කියලා කිව්වොත් අපිත් මෝඩයි කියලා ඉබේටම ඔප්පු වෙනවා. ඉතින් අපිත් මෝඩ ඇති කියලා අපට මේ වෙන දේවල් දැක්කට පස්සෙ හිතෙනවා. කොහොම නමුත් අපි මේ කියන්න හදන්නෙ වෙන කතන්දරයක්.

මේ කළගෙඩි සෙල්ලමේ සිට මේ නාඩගම දෙස අපි හැම වෙලාවකම උවමනාවෙන් බලාගෙන හිටියා. අපි මේවායෙ වැරැදි කිව්වා. අපි මේවා විකාර බව සමහර වෙලාවට ඔබට කියන්න උත්සාහ කළා. ඔබ එය තේරුම් ගත්තද, නොගත්තද කියන්න අපි දන්නෙ නෑ. හැබැයි ඔබ තේරුම් ගත්තත්, නොගත්තත් අද වෙනකොට අපට තේරුම් යමින් තියෙනවා විද්‍යාත්මක උත්තරයක් හැර වෙනත් උත්තරයක් මේ රෝගවලට නෑ කියන එක. ඒ විද්‍යාත්මක උත්තරය තියෙන්නේ ආයුර්වේදයේද, සිංහල බේතෙද, නැත්නම් වෙනත් අපි නොදන්නා තැනකද කියන එක අපි දන්නෙ නෑ. හැබැයි රෝගයේ හේතුව නසන මඟ මිස වෙන උත්තරයක් මේ කිසි දේකට නෑ. විශ්ව ශක්තියවත්, කුණ්ඩලීහරණී ශක්තියවත්, වෙනත් ඍෂිවරයෙක්වත් ඇවිල්ලා ආශ්චර්යවත් දේවල් සිද්ධ කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. පොඩි මුට්ටි ගඟට දානවා වගේ ඔළමොට්ටල වැඩ කරන්න ගියාට පස්සේ වෙන්නේ මේක හත්පොළේ ගාගන්න එක. ඇත්තටම අපි කළේ හත්පොළේ ගාගත්ත එක. එහෙම හත්පොළේ ගාගන්න උදව් කරපු කට්ටිය ගැන තමයි අපි මේ කියන්නේ. එහෙම ඉන්න කට්ටියට තමන් රෝගී වුණාට පස්සේත් උත්තරයක් නැත්නම් එහෙම රෝගී වුණාට පස්සෙත් ඔවුන් අයි.සී.යූ. ඇඳන් හොයනවා නම්, ඔක්සිජන් මැෂින් හොයනවා නම්, රෝහල්වල ඉඩ පහසුකම් හොයනවා නම් මතක තියාගන්න ඔබ ලෙඩ වුණාට පස්සේ ඔබටත් ඇඳක් හොයාගන්න වෙනවා. හැබැයි එහෙම ඇඳක් හොයාගන්න ගියාම රාජකීය වෛද්‍යවරයාගේ තනතුරට ලැබුණු වරප්‍රසාද ඔබට ලැබෙන්නෙ නෑ. රාජකීය වෛද්‍යවරයාට තියෙන වරප්‍රසාදවලින් එහෙම අය ප්‍රයෝජන ගත්තට ඔබට ලැබෙන ප්‍රයෝජනයක් නෑ. මට ලැබෙන ප්‍රයෝජනයකුත් නෑ.

ඒ නිසයි අපි මේ කියන්නේ, සමහර වෙලාවට මේ රාජකීය වෛද්‍යවරයට චෝදනාවක් තියෙනවා රටේ ඉන්න ප්‍රධාන රාජ්‍ය අංශයෙ අයට ඔහු බේත් කරන්න ගිහිල්ලා ඒ මනිසුන්වත් අමාරුවෙ දැම්මාය කියලා. ඒවා ඉතින් අපි දන්නෙ නෑ. එහෙම කෙනෙක්ව අමාරුවෙ දැම්මා නම් ඒවා ඒ අය ගෙනියයි. හැබැයි කොහොම වෙතත් මේ වෙනකොට කළගෙඩි සෙල්ලම් නටපු ඒ නම කියන්න අකැමැති පුද්ගලයට වැඩ වැරැදිලා වගේ එකක් තමයි අපට දැන් ටිකක් පේන්න තියෙන්නෙ. මොකද මේ විදියට යථාර්ථවාදීව අවබෝධ කරගන්නා දෙයක් හැර මේ වගේ ලෙඩවලට නිකම් නාඩගම් නටල හරියන්නෙ නෑ කියලා අපට විතරක් නෙවෙයි දැන් එයාටත් තේරෙනවා ඇති. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. බලාගෙන ඉමු. කොහොම වෙතත් තව තව දේවල් එළියට එයි. රැවැටෙන එක, රවට්ටන එක කාට වුණත් කොහොම වුණත් හැමදාම කරන්න බෑ කියලයි අපේ නම් විශ්වාසය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඩේටා ෆයිල් ලක්ෂ 11කට මොකද වුණේ? දත්ත මගඩිය සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

Next Post

මෝඩයෙක්! මෝඩකම ප්‍රදර්ශනය කරනවා! ජගත්ට ලොකුගේ යළි උත්තර දෙයි! (VIDEO)

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.