• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිලුයි මෝදියි ඉන්දියාවේදී කතා කළේ මොනවද? සාකච්ඡා මේසයේ වාඩි වෙලා හිටපු විදේශ ඇමැති අලි සබ්‍රි කතා කරයි! Sri Lanka Latest News

July 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිලුයි මෝදියි ඉන්දියාවේදී කතා කළේ මොනවද? සාකච්ඡා මේසයේ වාඩි වෙලා හිටපු විදේශ ඇමැති අලි සබ්‍රි කතා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.Sri Lanka Latest News

අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු – ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳ දැනුවත් කිරීමට අද (22) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
කිසිසේත් රටට තර්ජනයක් වන දේ කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කටයුතු නොකරන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මනා අවබෝධයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා

ශ්‍රී ලංකාවේ සමීප සහ දිගුකාලීන මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාව සමඟ අවබෝධාත්මක සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම රටවල් දෙකට මෙන්ම කලාපයටම ඉතා යහපත් තත්ත්වයක් වන බව අප විශ්වාස කරනවා. ඉදිරි දශක දෙක, තුනේදී ලෝකයේ සිදුවන ආර්ථික වර්ධනයෙන් 2/3ක් පමණ සිදු වන්නේ ආසියානු පැසිෆික් කලාපය තුළ බව අද සියලුදෙනා පිළිගන්නා කරුණක්. ඒ වගේම එහි නායකත්වය ගනු ලබන්නේ ඉන්දියාව සහ චීනය යන්න විවාදයකින් තොරව ජාත්‍යන්තරයම පිළිගන්නා සත්‍යයක් බවට පත්ව තිබෙනවා.
ඒ නිසා ඉන්දියානු සාගර කලාපය තුළ තිබෙන මෙම විශාල සංවර්ධන අවකාශයෙන් අප ප්‍රයෝජන ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මයි. යුරෝපා හවුල දෙස බැලූ විට එමගින් සම්පුර්ණ යුරෝපා කලාපයම දියුණු වුණා. මැදපෙරදිග රටවල් ගත්විටත් තත්ත්වය එසේමයි. චීනය වගේම ඇමරිකානු කලාපයත් සංවර්ධනය අත්පත් කරගනු ලැබුවේ ඒ අයුරින්. අපත් බලාපොරොත්තු වන්නේ මෙම සංවර්ධන අවකාශයන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යාමටයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වුණා. එම කාලය තුළ එතුමා වැදගත් සාකච්ඡා කිහිපයකට එක් වුණා. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා සමඟද සාකච්ඡා පැවැත්වුවා. ඉන් පසුව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා දූත පිරිස සමඟ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා.
පසුගිය කාලය තුළ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව අපට විශාල වශයෙන් සහාය වුණා. මුල්‍ය සහන ලබාදීම තුළින් මෙන්ම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදි ඉන්දියාව නායකත්වය ගෙන ක්‍රියා කළා. අප මෙම ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කරගතයුතුව තිබෙනවා. ඒ සඳහා ද ඉන්දියාවේ සහය අපට අඛණ්ඩව හිමිවන අතර මෙම සියලු කටයුතු වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ස්තූති කිරීමට ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළා.

එසේම අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙන මෙම අවස්ථාවේ දී තවදුරටත් අපගේ ආර්ථික, සාමාජයීය හා දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නම් ආයෝජන අවශ්‍යයි. ඒ වගේම එම ආයෝජන තුළින් වෙළෙඳපොළ සොයාගත යුතුව තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළහොත් විශාල වාසියක් රටවල් දෙකටම ලබාගත හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා. එහිදී රජයන් අතර පමණක් නොව පෞද්ගලික අංශ අතරත් එකඟතා අති කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම විමසා බැලීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ලෙස ඉන්දියන් රුපියල භාවිතා කිරීමට ඇති හැකියාව මෙහිදී සලකා බැලුණු අතර ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුවක් සැලසීම එහි අරමුණයි. සිංගප්පුරුව සමඟ ද ඉන්දියාව මේ ආකාරයට කටයුතු කර තිබෙන අතර ඉන් දෙරටම විශාල ප්‍රතිලාභ අත්කරගෙන තිබෙනවා.
ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතා හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ කෙසේද පිළිබද අප පුළුල් ලෙස සාකච්ඡා කළා. මේ වන විටත් ඉන්දියාව සහ පලාලි ගුවන් තොටුපොළ අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේ දී මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ කටයුතු කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවදුරටත් අභ්‍යන්තර ගුවන් සේවා සබඳතා ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප විමසා බැලුවා.

සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව හා එහිදි සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළා. දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කර ගැනිමේදී සංචාරක යාත්‍රා (Cruise Tourism) ප්‍රවර්ධනය කිරීමේ හැකියාව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නා. එය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙන ක්ෂේත්‍රයක් වන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ විශාල ප්‍රබෝධයක් ඇති වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

අද දකුණු ඉන්දියානු කලාපය සීග්‍ර සංවර්ධනයකට ලක්ව තිබෙනවා. තමිල්නාඩු, ආන්ද්‍රා, තෙලගනා යන මෙම ප්‍රදේශවල සිදුව ඇති ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රි ලංකාවට ලබා ගැනීම සඳහා වරායන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ වැදගත්කම දෙරටේම නායකයන් හඳුනාගෙන තිබෙනවා. වරායන් අතර මෙම සබඳතා ඇති කරගන්නේ කෙසේද පිළිබඳ විද්වතුන් එක්ව සාකච්ඡා කළයුතුයි. ඒ පිළිබඳ සාකච්ඡා කර කරුණු අධ්‍යයනය කරමින් තීරණයකට පැමිණීම පිළිබඳ මෙහිදි නායකයන් අතර එකගතාවක් ඇති කරගත්තා. එම කරුණු පිළිබඳ සියලු පාර්ශ්ව සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශ්වයම සාකච්ඡා කළා.

ඒ වගේම 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් පසුව එම ක්ෂේත්‍රයේ අපනයන සඳහා අපට වෙළෙඳපොළක් තිබිය යුතුයි. ඒ තුළින් විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ සුර්ය බලය, සුළං බලය අපනයනය සදහා අවශ්‍ය පරිසරය සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අපට විශාල අවශ්‍යතාවක් තිබෙන අතර අප ඒ පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වගේම එහිදි සාමුහිකව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමකට ද එළැඹුණා. ඒ වගේම නව තාක්ෂණය භාවිතා කරමින් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා යන අංශයන්හි සහයෝගීතාවට තිබෙන අවස්ථා සොයා බැලීම පිළිබඳව ද අප සාකච්ඡා කළා.

මෙරට කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණික දැනුම ලබාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. සත්ව පාලනය, කිරි නිෂ්පාදනය ඇතුළු මෙම ක්ෂේත්‍ර සදහා තාක්ෂණික දැනුම ලබාගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අප මෙහිදී අත්සන් තැබුවා.
ඩිජිටල්කරණයේ දී ඉන්දියාව මේ වන විට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඉන්දියාවේ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව ද අප සොයා බැලුවා.

එමෙන්ම ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සහයෝගිතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලංකාවේ ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බැලීමට ද කටයුතු කළා.
ඉන්දීය සම්භවයක් ඇති උඩරට ජීවත්වන වතුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ දන් වසර 200ක් පමණ ගතව තිබෙනවා. ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව එකඟතාව පළ කළ අතර ඒ සඳහා ඉන්දිය රුපියල් මිලියන 750ක මුදලක් ආයෝජනය කිරීමට ඉන්දිය රජය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ හැකියාව සහ ඒ පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළා.

එසේම ධීවර ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වුණා. උතුරේ බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් මසුන් ඇල්ලීම නැවැත්වීමේ හැකියාව පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කළා. ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දියානු සීමාව පසුකරගෙන ඉන් ඔබ්බට යාමට අවස්ථා ලබාදෙන ලෙස ද අප ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වය එකතු වී දිගින් දිගටම සාකච්ඡා කිරීම මඟින් මෙම ගැටලු විසදා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.

සම්පුර්ණ ඉන්දියානු සාගර කලාපය ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද සහ එහිදී සාමුහිකව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව, අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේ කිරීමට ඇති කැපවීම සමඟ දෙපාර්ශ්වයම මෙහිදී එකඟත්වයෙන් යුතුව සාකච්ඡා කළා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-22

SendShareShare
Previous Post

පාන් පිටි වංචාවේ අලුත්ම ගැහිල්ල රටම දැනගන්න! වරායට එන්නේ අඩු මිලට! ප්‍රීමා-සෙරන්ඩිබ් සමාගම්වලට විශාල ලාභ! ගහපු ගැසට් එකත් ප්‍රශ්නයක්! I Sri Lanka Latest News

Next Post

විපක්ෂ නායක පිළිබඳ මුදල් කමිටු ඡන්ද විමසීමේදී මන්ත්‍රී පාඨලී ඡන්දයෙන් වැළකී ඉඳලා නෑ! විපක්ෂ මන්ත්‍රීවරුන් සමග පක්ෂව ඡන්දය දීලා! Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.