• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාන් පිටි වංචාවේ අලුත්ම ගැහිල්ල රටම දැනගන්න! වරායට එන්නේ අඩු මිලට! ප්‍රීමා-සෙරන්ඩිබ් සමාගම්වලට විශාල ලාභ! ගහපු ගැසට් එකත් ප්‍රශ්නයක්! I Sri Lanka Latest News

July 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!
Share on WhatsAppShare on Facebook

ලෝක වෙළෙඳපළේ තිරිඟු පිටි මිල විශාල වශයෙන් පහත බැස තිබුණද එම වාසිය පීඩාවට පත්ව සිටින ජනතාවට ලබාදිය නොහැක්කේ ආණ්ඩුව විසින් පිටි ගෙන්වන ප්‍රධාන සමාගම් දෙක වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් දෙක සමග එළඹ ඇති ගිවිසුම් හේතුවෙන් බව අනාවරණ වේ.Sri Lanka Latest News

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙම සමාගම් දෙකට ඒකාධිකාර බලයක් ලබාදී තිබීම හේතුවෙන් ඔවුන් පිටි මිල අඩු නොකොට දැවැන්ත ලාභයක් මේ වන විට ලබමින් සිටින බවකි.

එමෙන්ම ආනයන පාලකවරයා 2023.06.16 දින නිකුත් කොට තිබූ ආනයන බලපත්‍ර නොමැතිව තිරිඟු පිටි ආනයනය කිරීමට අවස්ථාව ලබාදී තිබූ ලිපිය ආණ්ඩුව විසින් 2023.06.14 දාතමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් තහනම් කිරීමට පියවර ගැනීම නිසා මෙම සමාගම් දෙක අසීමිත ලාභ ලබමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තිරිඟු පිටි කිලෝවක් වරායට පැමිණෙන විට රුපියල් 110ක මිලක් සඳහන් වුවද, මේ වන විට එම සමාගම තිරිඟු පිටි කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 210ක් වැනි ඉහළ මිලකට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමෙන්ම මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

‘රජයේ තිරිඟු පිටි ආනයන තහනම තුළ දේශීය පිටි අලෙවියේදී මෙම සමාගම් අධික ලාභ ලබන බව හෙළිවන්නේ ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල සංසන්දනය කර බැලීමේදීයි. නිදසුනක් ලෙස තුර්කියෙන් ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමේදී පිටි කිලෝග්‍රෑම් 01ක් වරායට ගොඩබෑ හැකි මිල රුපියල් 110ක් පමණයි. ඊට කලින් පනවා තිබූ බදු මුදල වන රුපියල් 35ක මුදලද එකතු කර වෙළෙඳපොළේ රුපියල් 160ක පමණ මුදලකට ලාභයක්ද සහිතව පිටි අලෙවි කළ හැකි බව බේකරි කර්මාන්තකරුවන් විසින් පෙන්වා දී තිබෙනවා. 2023 ජනවාරි මාසයේ තුර්කි තිරිඟු පිටි මෙ.ටො. 01ක මිල ඇ.ඩො. 535ක් වූ නමුත් පෙබරවාරියේ 510ක්ද, මාර්තුවේ 490ක්ද, අප්‍රේල් මාසයේ 440ක්ද, මැයි මාසයේ 377ක්ද, ජුනි මාසයේ හා ජූලි මාසයේ ඇ.ඩො. 355ක්ද වශයෙන් ක ්‍රමිකව පහත වැටී තිබෙනවා.

ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළේ ඇ.ඩො. 310ක් වූ තිරිඟු ඇට මෙ.ටො. 01ක මිල පෙබරවාරියේ 307ක්ද, මාර්තුවේ 302ක්ද, අප්‍රේල් මාසයේ 292ක්ද, මැයි මාසයේ 279ක්ද, ජුනි මාසයේ 245ක්ද, ජූලි මාසයේ ඇ.ඩො. 238ක්ද වශයෙන් ක්‍රමිකව පහත වැටී තිබෙනවා.

අනෙක් අතට ජනවාරි මාසයේ රු. 362.42ක් වූ ඩොලරයේ අගය ජුනි මාසය වන විට සටහන් වූයේ රු. 301.26ක් ලෙසයි. ඒ අනුව මෙම පිටි නිෂ්පාදන සමාගම් අතිශය අසාධාරණ ලාභයක් ලැබූ බව සහ ලබමින් සිටින බව ඉතා පැහැදිලියි.’

SendShareShare
Previous Post

පොහොට්ටුව කුරණෑගලට යයි! අද දඹදෙණියෙන් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිලුයි මෝදියි ඉන්දියාවේදී කතා කළේ මොනවද? සාකච්ඡා මේසයේ වාඩි වෙලා හිටපු විදේශ ඇමැති අලි සබ්‍රි කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.