• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ආයා කටුවක් ගහලා ඔලිම්පික් දුවපු – නාමල්ට අභියෝග කරපු කව්ද මේ සූරියවැව ගමේ කෙල්ල…!

August 10, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ආයා කටුවක් ගහලා ඔලිම්පික් දුවපු – නාමල්ට අභියෝග කරපු කව්ද මේ සූරියවැව ගමේ කෙල්ල…!
Share on WhatsAppShare on Facebook

ඔලිම්පික් උළෙලකදි බොහෝ ක්‍රීඩකයින්ගේ සිහිනය රට නියෝජනය කිරීමයි. රටට ආඩම්බරයක් වගේම රටට වටිනාකමක් ගෙන දීමයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන්නේ අවුරුදු 4කට වරක්. රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වෙනවා.

මේ පසුගියදා ජපානයේ ටෝකියෝ නගරයේ පැවති ඔලිම්පික් උළෙලට ලංකාවෙන් 09 දෙනෙකු ඉදිරිපත්වී තිබුණා. එයින් පස්දෙනෙක්ම කාන්තාවන් වුණා. එහිදී කෑපී පෙනෙන සිද්ධියක් වුණේ හැට්ට කටුවකින් තමන්ගේ නමේ ලේබලය අමුණා තිබීමයි. ඒ, මිටර් 800 දිව්ව නිමාලි ලියනාරච්චිගේයි. මෙහි හැට්ට කටුව නෙවෙයි ප්‍රශ්නය වුණේ. ක්‍රීඩා කරන්න ඇඳන් හිටපු ඇඳුම ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. ඇය මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල පදක්කම් ප්‍රමාණයක් දිනා දුන් ක්‍රීඩිකාවක් බව අපි දන්නවා. අනෙකුත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රටෙන් නිකුත් කළ නිල ඇඳුමක් ඇඳගෙන යනකොට අපේ ක්‍රීඩකයින්ට තිබුණේ තමන් විසින් මිලදී ගත් විවිධ වර්ණවල ඇඳුම්. අපේ රටේ පුහුණුවීම කරන්න අවශ්‍ය පහසුකම් බොහොමයක් නැහැ. ඔලිම්පික් සඳහා ලංකාවේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 129ක් වියදම් ඇස්තමේන්තු කරලා තිබුණා. ඒත් අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරිහමං ඇඳුමක් ලැබිලා තිබුණේ නැහැ.

නිමාලි ලියනාරච්චි කියන්නේ හම්බන්තොට සූරියවැව ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ක්‍රීඩිකාවක්. ඇය අවසාන මොහොත දක්වාම බලාපොරොත්තු අත්හලේ නැති ක්‍රීඩිකාවක් වූවා. ඉතාම දිළිඳු පවුලක ඉපදිලා ඇගේ උත්සාහයෙන්ම ඉදිරියට ආ ක්‍රීඩිකාවක්. ඔවුන් ජීවත් වුණේ ගොවිතැන් කරලා. ඇය උදේ-හවා කකුල් ගෙවෙනකන් පාසල් ගියේ සැතපුම් 4ක් පයින්. ඈ කුඩා අවධියේම පියා දිවියෙන් සමුගත්තා. මවගේ එකම බලාපොරොත්තුව වුණේ ඇය ක්‍රීඩාවෙන් ඉදිරියට යනු දැකීම. මේ තැනට ආවේ ඇගේ පාසලේ ක්‍රීඩා ගුරුවරයෙකුවත් පාසලේ නොසිටීමෙන්. ඇය පාසල් ජීවිතයෙන් පසුව ක්‍රීඩාවට එක්වුණේ ප්‍රවීණ පුහුණුකරු සුජිත් අබේසේකර මහතාගේ මග පෙන්වීමෙන්. පසුව ඇය යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ඉදිරියට ආවා. මෙවර ඔලිම්පික් තරගවලට තේරුණේ ඇගේ දක්ෂතා නිසාමයි. ඇයට 2019 ඇතිවූ හදිසි අනතුරක් හේතුවෙන් පුහුණුවීම් මගහැරුණා. ඒ අනතුර හේතුවෙන්නට ඇති මෙවර ඔලිම්පික් පදක්කමක් අහිමි වන්නට.

රටක බලධාරීන්ගේද වගකීම රට වෙනුවෙන් ක්‍රීඩකයින්ට නිල ඇඳුමක් ලබාදීම. එහෙත් ඒ වගකීම අපේ රටේ ක්‍රීඩකයින්ට ඉටුවෙලා තිබුණේ නැහැ. අපේ ක්‍රීඩකයින්ගේ ඇඳුමේ රටක් සඳහන්ව තිබුණේ නැහැ. අපේ රට ලංකාව වුණත් සමහරුන්ගේ ඇඳුම්වල තිබුණේ වෙනත් රටවල නම්. වගකිව යුත්තන් කළයුත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම, පෞරුෂය වර්ධනය කර තරගවලට යොමු කිරීම නේද?

අපේ රටේ ජාත්‍යන්තර තරගවලට විවිධ රටවලට නිල ඇඳුම් මහනවා. ඒ අතර නයිවල කර්මාන්ත ශාලාවක රුවල්ඔරු තරගවලට ඇඳුම් මහනවා ඔලිම්පික්වලට. බේස් බෝල් හැදුවේ ලංකාවේ දූනගහ ප්‍රදේශයේයි. මීටර් 100 සහ මීටර් 200 වගේම සහාය මීටර් 400 තරගවල ලෝක සහ ඔලිම්පික් වාර්තාවලට හිමිකම් කියන ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් කෙටිදුර ධාවන ශූරයාට පවා ඇඳුම් මැහුවේ ලංකාවේ. අපේ රටේ කොතරම් නම් ඇඟලු‍ම් කර්මාන්තශාලා තිබෙනවාද. ඒ එකදු තැනකට හෝ කිව්වානම් නිල ඇඳුමක් සපයාදෙන්න තිබුණා. ඒත් ඒ වගකීම ඉටුවෙලා නැහැ.

කොළඹ නගරබද දරුවෙක් සාමාන්‍ය ක්‍රීඩා උළෙලකට වුණත් අඳින්නේ ඉස්තරම් ඇඳුම්, සපත්තුයි. ඒ කොළඹ දරුවන්ට මුදල් තියෙන නිසයි. කොළඹ දරුවෙක් ඔලිම්පික් තේරුණානම් කොච්චරනම් මුදල් වියදම් කරනවාද? ඒත් නිමාලි කියන්නේ කටුක, දුෂ්කර ගමකින් මේතරම් දුරක් ආව දුප්පත් ක්‍රීඩිකාවක්. ඒකයි සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ.

ඔලිම්පික්වලදී රටක හිමිකාරිත්වයක් නැති සරණාගත කණ්ඩායමක් තරගවදින්නේ රටක නමකින් නෙවෙයි. Refugee Olympic Team කියලා නිර්මාණය කළ ඇඳුමකිනුයි. ඒ අයටත් ඇඳුමක් තියෙනවා.

රුසියාවට ඔලිම්පික් තහනම් වුවත් ඒ අය වුණත් කමිටු කණ්ඩායමක් වශයෙන් තරගවැදුණා. ඒ අයටත් නිල ඇඳුමක් තිබුණා. දිළිඳු රටක් වන ඉතියෝපියාවටත් නිල ඇඳුමක් තිබුණා. අපේ රටේ මාධ්‍යවේදීන් හයදෙනකුට විතරයි අවස්ථාව හිමිවුණේ ඔලිම්පික් ක්‍රීඩා ආවරණය කරන්නට. ඔවුන් වෙනුවෙන්ද ඇඳුමක් ලබාදී තිබුණා. මිල්කා සිල්වාගේ ඇඳුමේ සිංහ ධජය තිබුණේ ඇය කණ්ඩායම් නායිකාව නිසා ඇය විසින් නිර්මාණය කරගෙන තිබුණු නිසයි. බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූ‍ක කරුණාරත්නගේ ඇඳුමේ හැටියට ඔහු නියෝජනය කළේ ජපානයේ Yonex නැමති ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කරන ස්ථානයක වාණිජමය නාමයක් සහිත ඇඳුමක්. අවාසනාවකට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඩු සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ. ප්‍රබල පිහිනුම් ක්‍රීඩිකාවක් වන ඇනිකා ගෆුර් ඇන්දෙත් ලංකාවේ ඇය විසින් සපයාගත් ඇඳුමකින්. කනගාටුවට කරුණක් නම් ප්‍රබල සන්නාමයක් වන speed නාමය වෙනුවෙන් මේ මොහොතේදීත් ලංකාවේ ඇඳුම් මැහෙනවා. ඒ ඇඳුම් ඇඳගෙන අදත් වෙන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් තරග බිමේ සිටිනවා. අපේ රටේ ක්‍රීඩකයින් වෙනුවෙන් ඇඳුම් නිර්මාණය වෙලා නැහැ.

අපේ රටේ ඇඳුම් සාප්පුවල සේවකයින්ට, හෝටල්වල සේවකයින්ට, පිරිසුදු කරන අයටත් ඇඳුම් තියෙනවා. ඒත් මේ අවුරුදු 4කට වරක් තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනාට දෙන්න ගැළපෙන නිල ඇඳුමක් තිබුණේ නැහැ.

අවසානයට කියන්න තියෙන්නේ අපේ රට වෙනුවෙන් බලාගෙන ඔලිම්පික් නරඹන අපේ ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකාව කියලා රටක් නියෝජනය කරලා නැහැ. මේ ඇඳුමක් ලබා නොදීමේ සිද්ධිය අපේ රටේ කීර්තිනාමයට කැළලක් වගේම කනගාටුවට කරුණකි. මේ සිද්ධිය අපේ රටේ බලධාරීන්ගේ අවධානයට යොමුවෙලා 2024 වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලටවත් ශ්‍රී ලංකා මවගේ කීර්තිනාමය රැගෙන යන්න සිංහ ධජය සහිත ඇඳුමක් නිර්මාණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

කෙහොම වෙතත් මේ ඔලිම්පික් ගමන සම්බන්ධයෙන් පසුගිය දිනෙක ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ආන්දොලනාත්මක ප්‍රකාශයක් කරලා තිබුණා. ඇමැතිවරයා කියලා තිබුණෙ සමහර ක්‍රීඩිකාවන් මේ ගිහිල්ලා තිබුණේ ට්‍රිප් එකක් කියලයි. සමහර ක්‍රීඩිකාවන් දුවන සපත්තු දෙකවත් ගෙනිහිල්ලා තිබුණේ නෑ කියලයි නාමල් කියලා තිබුණෙ.

මේ කතාවට නිමාලි ලංකාවට ගොඩබැහැපු ගමන්ම උත්තර දීලා තිබුණා.

ඔලිම්පික් ගියේ සපත්තු දෙක ගෙදර තියා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් කිසිවකු විසින් අමාත්‍යවරයා නොමග යවා ඇති බවත් ඇය කිව්වා.

‘මම තරගවලට පාවිච්චි කරන එකම සපත්තු දෙක අරන් තමයි ඔලිම්පික් ගියේ. එතන වුණේ මගේ සල්ලිවලින් සපත්තු දෙකක් මිලදී ගන්න උත්සාහ කරලා බැරි වුණාම ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමක් කළා මට උදව් කරන්න කියලා. මම ඒකට සල්ලි දෙන්නම් කිව්වා. ‌මොකද ඔලිම්පික් ගම්මානයේ නිරෝධායන නීති නිසා අපිට එළියට යන්න බෑ. ඒ හින්දා මම ඔලිම්පික් කමිටුවට කිව්වා මම සල්ලි දෙන්නම මට උදව් කරන්න කියලා. ඒ අය මොනවා කිව්වද දන්නේ නෑ. හැබැයි අමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් මම අසරණ වුණා. දැන් මට පාරේ බැහැලා යන්න බෑ. මිනිස්සු ඒ ගැන මගෙන් අහනවා. ෆේස්බුක් එකෙත් බොහෝ අය මම සල්ලි කාබාසිනියා කරනවා කියලා චෝදනා කරලා තිබුණා. රට වෙනුවෙන් පදක්කම් ගණනාවක් දිනා දුන්නු මම මේකෙන් ගොඩක්ම කලකිරීමට පත්වුණා. මම ඔලිම්පිකි නෙමෙයි කොහේ තරගයකට ගියත් ඉස්සෙල්ලාම සූදානම් කරගන්නේ සපත්තු දෙක. ඒක මගේ අතේ අරන් යන බෑග් එකෙයි අරගෙන යන්නේ. මොකද සපත්තු නැතිව මට ක්‍රීඩා කරන්න බෑනෙ.

කොහොම වුණත් නාමල් ඇමැතිතුමා අපිට ඔලිම්පික් යන්න සියලු පහසුකම් සලසලා දුන්නා. ටෝකියෝ යන්න කලින් කොළඹ තරුපහේ හෝටලයක නිරෝධායන පහසුකම් සලසලා දුන්නා. ඒ සියල්ලට අපි එතුමාට අපි කෘතඥ වෙනවා…’ යැයිද නිමාලි මාධ්‍ය වෙත සදහන් කර තිබිණ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ආණ්ඩුව විකුණන්න යන කොළඹ ඉඩම් ගන්න එන ලෝක කෝටිපතියො මෙන්න!

Next Post

රට වහන්න මුලු විපක්ෂයම ඉල්ලයි! ආණ්ඩුව සද්ද නෑ!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.