• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව විකුණන්න යන කොළඹ ඉඩම් ගන්න එන ලෝක කෝටිපතියො මෙන්න!

August 10, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව විකුණන්න යන කොළඹ ඉඩම් ගන්න එන ලෝක කෝටිපතියො මෙන්න!
Share on WhatsAppShare on Facebook

එංගලන්තයේ 05 වැනි ජෝර්ජ් මහ රජතුමා එකල පැරැණි ලංකාවේ පරිපාලනය සඳහා පත් කළ අග්‍රාණ්ඩුකාරවරයකු වූයේ, සර් රොබට් චාමර්ස් නමැති සාමිවරයාය. ඔහු 1913 ඔක්තෝබර් 18 සිට 1915 දෙසැම්බර් 04 දක්වා ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා ලෙස වසර 03ක් රට පාලනය කළේය. රොබට් චාමර්ස් සාමිවරයා එකල බ්‍රිතාන්‍යය පාලනය යටතේ තිබුණු පැරැණි ලංකාවේ 21 වැනි අග්‍රාණ්ඩුකාරවරයාද විය. මොහු ඉතා සුවිශේෂ මිනිසකු වන්නේ, රාජ්‍ය පාලකයකු නිසා පමණක් නොව, ඉතා බුද්ධිමත් විද්වතකුද හෙයිනි. එනම් ඔහු පාලි සහ බෞද්ධ ධර්මයෙහි විශාරදයකු වූ සුදු බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. එංගලන්තයේදී ඔහු එකල විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් මෙලෙස පාලි සහ බෞද්ධ ධර්මය ප්‍රගුණ කළේය. එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමි කරගත් රොබර්ට් චාමර්ස් සාමිවරයා විසින් ලේඛනගත කරන ලද පාලි සහ බෞද්ධ ග්‍රන්ථද රැසකි. මෙම අපූරු සුවිශේෂ විද්වතා එකල ජෝර්ජ් මහ රජතුමා විසින් ලංකාවේ රාජ්‍ය පරිපාලන ධුරයට පත් කළේද එහෙයිනි.

18 වැනි සියවසේ අග භාගයේ සිට චීනයේ යූනාන් ප්‍රාන්තයෙන් ඇරැඹි ලොව පුරා ව්‍යාප්තව ගිය මාරාන්තික ‘බ්‍රවෝනික් ප්ලේජ්’ මහාමාරිය වසංගතය එකල ඉන්දියාවේ සහ ලංකාවේද මිනිස් ජීවිත බිලිගනිමින් සිටියේය. මෙම මාරක රෝගී තත්ත්වය උග්‍ර වන්නට ගත්ම, ලොව පුරා ආහාර හිඟයක්ද විශාල ලෙස ඇතිවන්නට ගත්තේය. දශක කිහිපයක් පුරා මෙම මාරාන්තික වසංගතය ලොව පුරා පැතිර තිබුණු අතර, 1914 වසරේදී එකල ලංකාවේ බලයේ සිටි රොබර්ට් චාමර්ස් අග්‍රාණ්ඩුකාරවරයා වහා තීරණය කළේ ලංකාවාසී ජනතාවට ඇති තරම් ආහාර රැස් කිරීම සඳහා විශාල ධාන්‍යාගාරයක් ගොඩනැගිය යුතු බැව්ය. ඒ නිසා ඔහු මහා බි්‍රතාන්‍ය රාජ්‍ය පාලනයට මේ බව දන්වා කොළඹ අග නගරය තුළ මහා ධාන්‍යාගාරයක් තැනුවේය. කොළොම්පුරයේ හදවත වන කොටුවේ පිහිටි අක්කර 09ක සුවිශේෂ භූමියක් පුරා ගොඩනැගීම ආරම්භ කළ මෙම මහා ධාන්‍යාගාරය 1915 වසර අවසානයේදී නිම කරන ලදී. එය තැනීම සඳහා වසර එකහමාරක පමණ කාලයක් ගතවී ඇති අතර, එහි විශාල ආහාර මලු ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් තිබිණි.

මේ ආකාරයට එකල ලංකාවේ තැනූ විශාලතම ධාන්‍යාගාරය ‘චාමර්ස් ධාන්‍යාගාරය’ ලෙසින් නම් කෙරිණි. එසේම මෙම ධාන්‍යාගාරයෙහි නිරන්තරයෙන්ම ආහාර තොග ගබඩා කිරීමටද එකල බි්‍රතාන්‍ය පාලනය කටයුතු කර තිබිණි. මෙය එකල සත්‍ය ලෙසම සුදු ඉංග්‍රීසි පාලනය යටතේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් විය. එසේම මෙම ඉතිහාසගත කතාන්දරය අද ඔබට මෙහි මුලින්ම ලියා තිබුවේ ඇයි? එයට හේතු වූයේ පසුගියදා මෙම ‘චාමර්ස් ධාන්‍යාගාරය’ ගැන ප්‍රකාශ වී තිබුණු එක්තරා විශේෂිත වගතුගක් හේතුවෙනි. එම පෞරාණික ගොඩනැගිල්ල පිහිටා තිබෙන භූමිය ආශ්‍රිත කරගෙන මෙම වගතුග ප්‍රකාශයට පත්වී තිබිණි.

එනම් චාමර්ස් ධාන්‍යාගාරය පිහිටා තිබුණු කොළඹ කොටුවේ අක්කර 09ක භූමිය ශ්‍රී ලංකා රජය විසින් ආයෝජනයන් සඳහා ඕමාන් රාජ්‍යයට ලබාදීමට යන පුවතක් මෙසේ වාර්තා වී තිබිණි. මෙම ධාන්‍යාගාරය එකල සිට දශක කිහිපයක් පුරා භාවිතයට ගැනුණද 1982 වසරේදී එය වසාදමන ලදී. ඒ නිසා ධාන්‍ය ගබඩා සියල්ල විනාශයට පත්වූ අතර ඊට පසු කාලයකදී මෙම ඉඩම රථ වාහන නවතා තැබීමේ විශාල රථගාලක් ලෙස භාවිත කරන ලදී. එතැනින්ද පසුව 2010 වසර වන විටදී මෙම ඉඩමේ තිබුණු ගබඩා ගොඩනැගිලි සියල්ලමද කඩා ඉවත් කරන ලදී. එතැන සිට මේ වන තුරුම එහි ඇත්තේ සම්පූර්ණයෙන්ම හිස් වූ මුඩු භූමියකි. මෙය දැනට කොළඹ කොටුව ප්‍රදේශයේ ඇති එකම විශාලතම හිස් ඉඩම වන අතර, දැනට මෙහි අයිතිය ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටය. මෙය අතිශ්‍ය ඉහළ වටිනාකමක් ඇති දේපොළක් වන අතර දැනට කොටුවේ ඉඩම් පර්චසයක මිල රුපියල් මිලියන 40ක් (කෝටි 4ක්) වන බැව් පැවසෙයි. ඒ අනුව මෙම ඉඩමෙහි පර්චස් 1,440ක් ඇති අතර එහි සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි 5,760ක් වෙයි.

මේ ආකාරයට දැනට ඕමාන් රාජ්‍යයේ මුල්‍ය ආයෝජන ආයතනයක් විසින් චාමර්ස් ධාන්‍යාගාර ඉඩම ආයෝජනයන් සඳහා බදු ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඒ අතරම අනෙක් සුවිශේෂ පුවතක් ලෙස වාර්තා වන්නේ තවත් අධික වටිනාකමකින් යුත් ඉඩමක් වන කොළඹ ගුවන් හමුදා කඳවුර පිහිටා තිබෙන කොළඹ 02, පාර්සන්ස් පාරේ ඉඩමද මෙම ඕමාන සමාගම විසින් ලබාගැනීමට කැමැත්ත පළ කර ඇති බවයි. කෙසේ හෝ පසුගිය වසර 10ක පමණ කාලයක සිට නාගරික සංවර්ධන අධිකාරිය තමන්ට අයත් ඉඩම් විවිධ විදෙස් ආයෝජකයන් සඳහා වසර 30 සිට වසර 99 දක්වා බදු දීමට ආයෝජකයන් සොයමින් සිටියේය. ඒ අනුව ඕමාන රජයේ ආයෝජකයන් වෙත මෙම වටිනා ඉඩම් දෙක දීර්ඝ බදු පදනම මත ලබාදීමට දැනට කටයුතු පිළියෙල කරමින් ඇත. ඒ අනුව දැනට මාසයක කාලයකට බලපැවැත්වෙන පරිදි දෙරට අතර කෙටි අවබෝධතා ගිවිසුමක්ද අස්සන් කර ඇත. මේ අතර මෙම ඕමාන රාජ්‍ය ආයෝජකයන් පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී දීර්ඝ සාකච්ඡාවක්ද පවත්වා ඇත. එම සාකච්ඡාවන් බොහෝ සාර්ථකව නිමවී ඇතැයිද මේ වන විට කරුණු ප්‍රකාශ වී ඇත.

මෙලෙස පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත්තේ ඕමානයේ ප්‍රධානම පෙළේ මුල්‍ය සහ ආයෝජන සමාගමක් වන ‘ෂුමුක් ඉන්වස්ට්මන්ට් ඇන්ඩ් සර්විසර්ස්’ සමාගමේ උසස් නිලධාරීන් බව හෙළිවී ඇත. මෙම සමාගම අයත් වන්නේ ඕමාන රජයට වන අතර, එය රාජ්‍ය නාමයක් ලෙසින් හඳුන්වන්නේ ‘ඕමානයේ කාර්මික ඉඩම් ගැන වූ රාජ්‍ය ආයතනය’ යනුවෙනි. 2010 වසරේදී පිහිටුවන ලද මෙම ආයතනය සම්පූර්ණයෙන්ම අයිති වන්නේ ඕමාන රජයටය. මෙම සමාගමෙහි මුල්‍ය කාර්යභාරය වන්නේ තමන්ගේ රටෙහි සහ වෙනත් විදේශ රටවල සිදුකෙරෙන සුවිශාල ආයෝජනයන් සඳහා මුදල් යෙදවීමය. පසුගියදා ශ්‍රී ලංකා අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාව සඳහා මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ දෙරටේ තානාපතිවරුන්ද සහභාගි වූ අතර, තවත් විවිධ අංශ නියෝජනය කරමින් උසස් නිලධාරීහුද සහභාගි වූහ. කෙසේ හෝ දැනට මෙම ආයෝජනයන් ගැන මෙතෙක් අවසාන තීරණයකට එළැඹ නැත.

දැනට මෙම ආයෝජකයන් දියත් කිරීම යටතේ ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරිය සහ ඕමානයේ ෂුමුක් ජාත්‍යන්තර ආයෝජන සමාගම අතර මාසයක කාලයකට පමණක් බලපැවැත්වෙන පරිදි ගිවිසුමක් අස්සන් කර ඇත. මෙම කාලය තුළදී දෙරට විසින් ආයෝජන අවස්ථා ගැන තීව්‍ර අධ්‍යයනයක් සිදුකර අවසාන ආයෝජන ගිවිසුම්වලට එළැඹීමට නියමිතය. කෙසේ හෝ ඕමානයේ ආයෝජකයන් කොළඹ කොටුවේ චාමර්ස් ධාන්‍යාගාර භූමියෙහි මෙතෙක් ශ්‍රී ලංකාවේ ආරම්භ නොකෙරුණු ආකාරයේ අති දැවැන්ත ආයෝජනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින බව පැවසෙයි. මෙම සුවිශාල ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාව තුළ දහස් ගණනකට රැකියා අවස්ථාද සැලසිය හැකි බවද ප්‍රකාශ වෙයි. තවද මේ මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද විශාල ප්‍රවර්ධනයක් ඇතිවනු ඇතැයි ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ප්‍රකාශ කර සිටියි. එසේ ප්‍රකාශයන් සිදු වුවද, මෙම චාමර්ස් ධාන්‍යාගාර ඉඩම 2010 වසරේ සිටම විදෙස් ආයෝජනයන්ට ලබාදීමට උත්සාහ කළද නිසි ආයෝජකයකු ලැබුණේ නැත. වරක් ආයෝජනයක් ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය සිදුවූ අතර එම හේතුව මත අදාළ විදෙස් ආයෝජනය වහා අගෝසි වී ගියේය.

මේ අතර අනෙක් සුවිශේෂ පුවත ලෙස වාර්තා වන්නේ මෙම ඕමාන ආයෝජකයන් කොළඹ 02, පාර්සන්ස් පාරේ පිහිටි වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල පිහිටි භූමියද ආයෝජනය සඳහා ලබාගැනීමට කැමැත්ත පළ කර ඇත. මේ වන විට මෙම ඉඩම කොටස් දෙකකින් යුක්තව පාර්සන්ස් පාරේ දෙපැත්තට වන්නට පිහිටා ඇත. යටත් විජිත සමයේදී ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව 1951 වසරේදී රාජකීය ලංකා ගුවන් හමුදාව වශයෙන් මෙම වත්මන් ඉඩමේදී ගුවන් හමුදා මූලස්ථානය පිහිටුවන ලදී. එනම් දැනට වසර 70කට වඩා පැරැණි ඉතිහාසයක් මෙම බිම්කඩටද ඇත. දැනට ගුවන් හමුදාපතිවරයාගේ සිට අනෙක් හමුදා නිලධාරීන් රැසකගේ කාර්යාල භූමිය වන්නේ මෙතැනය. එසේම හෙළිකොප්ටර් යානා අංගණයක්ද මෙහි ඇත. ගුවන් හමුදා සෙබළුන්ගේ බැරැක්ක රැසක්ද මෙහි පිහිටා ඇත. මෙම ඉඩමෙහි එක් පැත්තක් ගාලුමුවදොර මුහුදු තීරයට සමීපවද, අනෙක් පැත්ත බේරේ වැවට යාබදවද පිහිටා ඇත. කෙසේ හෝ අති සුවිශාල වටිනාකමක් ඇති මෙම ඉඩමෙහි එක් කොටසක් පමණක් ඕමානයේ ආයෝජකයන්ට ලබාදීමට යන බව පැවසෙයි.

මේ අතර ප්‍රධාන පෙළේ තවත් අරාබි රටක් වන කටාර් රාජ්‍යයද ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකිරීමට කැමැත්ත පළ කර ඇත. කටාර් රාජ්‍යයේ ආයෝජකයන්ද කොළඹ කොටුව ආසන්නයේ පිහිටා ඇති ඉතා වටිනා රජය සතු ඉඩම් කිහිපයක ආයෝජනයන් සඳහා කටයුතු යොදමින් සිටියි. ඒ අනුව කොටුවට ආසන්න ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව ආශ්‍රිතව පිහිටි ඉඩම් කිහිපයක එම ආයෝජනයන් සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. මෙම ඉඩම්ද නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් වෙයි. එසේම මෙම ඉඩම් සියල්ලම පාහේ බේරේ වැවට යාබදවම පිහිටා තිබීම විශේෂත්වයක් වෙයි. කටාර් රාජ්‍යයේ ආයෝජකයන් විසින්ද මෙම ඉඩම් තුළ සුපිරි මට්ටමේ විවිධ අයෝජනයන් සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. ආගන්තුක සත්කාරය සහ විවේකය, නේවාසික සහ කාර්යාල සංකීර්ණ, තොරතුරු තාක්ෂණය පදනම් කරගත් සංවර්ධනය, සැපයුම් මධ්‍යස්ථාන, උiාන සංවර්ධනය, බහු මහල් රථගාල් වැනි විවිධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති මෙම විදෙස් රාජ්‍ය ආයෝජනයන්ට අයත් වෙයි.

කෙසේ හෝ වත්මන් රජය මේ වන විට කොළඹ නගරය තුළ පිහිටා ඇති ඉතා අධික වටිනාකමින් යුත් ඉඩම් දේපොළ රැසක්ම විදේශ ආයෝජකයන්ට බදු දීමට කටයුතු සැලසුම් කර ඇත. බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාර ඉඩම, නාරාහේන්පිට පිහිටි ට්‍රැක්ටර් සංස්ථාවේ ඉඩම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉඩම, නාරාහේන්පිට මිල්කෝ ඉඩම, ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, සී.ඩබ්. මැකී පීඑල්සී සමාගම් ඉඩම, සතොස ඉඩම් දේපොළ දෙකක්, මහජන බැංකු පුහුණු මධ්‍යස්ථානය, යුනියන් පෙදෙසේ විසුම්පාය, ටොරින්ටන් චතුරස්‍රයේ ‘80 ක්ලබ්’, කොළඹ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ ඉඩමක්, නොරිස් ඇළ පාර ඉඩමක්, කොළඹ 07 පිහිටි එක් ඉඩමක් සහ බත්තරමුල්ල පිහිටි ඉඩම් කිහිපයක්ද මෙලෙස ආයෝජකයන්ට ලබාදීමට සැලසුම් කර ඇත.

මේ වන විට මෙලෙස විදෙස් ආයෝජකයන්ට රාජ්‍ය දේපොළ ලබාදීමට රජය සලසුම් කරන්නේ රට තුළ විදෙස් මුදල් සංචිත අතිශයින්ම හීනවී යෑමේ ආර්ථික අර්බුදය හේතුවෙනි. සරලව පැවසුවහොත් රජය ඩොලර්, පවුම් සොයාගන්නට මෙසේ මහජන දේපොළ වෙන්දේසියේ දැමීමට ලහි ලහියේ කටයුතු කරමින් සිටියි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කරන කරන ඇන්ටිජන් දැන් ‌’පොසිටිව්’!

Next Post

ආයා කටුවක් ගහලා ඔලිම්පික් දුවපු – නාමල්ට අභියෝග කරපු කව්ද මේ සූරියවැව ගමේ කෙල්ල…!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.