• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළට ගියා එළියට ආවා! චාමර මුළු පාර්ලිමේන්තුවම හෙල්ලුවා! Sri Lanka Latest News

June 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රිළා ඇමැති ලක්ෂ 100කට වඩා රිළවුන්ට වියදම් කරලා අද රිළවෙක්ට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජයේ සල්ලි. එයාව දාන්න ඕනේ අවුරුදු 40ක් රිළා ඇමැති. අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20ක් 25ක් දුන්නා නම් මේ රිළා ඇමැතිව දාන්න ඕනේ මේ සල්ලිවලින් තාම ගානක් පෙන්නුවෙත් නෑ. රිළවෙක්ට ආප්පයක් අරන් දුන්නෙත් නෑ. රිළවෙක්ට අඹ ගෙඩියක් අරන් දුන්නෙත් නෑ. තාම මේකේ ප්‍රතිඵලයකුත් නෑ. ඒ සල්ලි රජයේ සල්ලි. ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිළා ඇමැතිට අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕනේ. හේතුව, අපි කියන්නේ නෑ මොනවත්. අපිට වැඩක් නෑ. අපි ඔය සමහර බොරු කිව්වා, සමහර අය රිවස් කළා කියලා අපි රිවස් කරන්නේ නෑ. අපි ඇත්ත ඇත්ත විදියට කියන්නේ. Sri Lanka Latest News

දැන් බලන්න සීනි සමාගම ගැන. හිරු එකේ උදේ පත්තර නිවුස්වලට කිව්වා සීනිවලින් රුපියල් කෝටි 4කට වැඩිය පාඩුවක් ලැබිලා තියෙනවා. අපි කියන්නේ නෑනේ වංචාවක් හොරකමක් කළා කියලා. අපි කියන්නේ සීනිවලින් කෝටි 4ක පාඩුවක් වෙලා තියෙනවා කියලා. එතනෝල්වලින් කෝටි 5ක විතර පාඩුවක් වෙලා තියෙනවා. අපි කියන්නේ නෑනේ හොරකම් කියලා. නමුත් පාඩුව පාඩුමයි.

කෝ දැන් ක්ලීන් ශ්‍රී ලංකා තියෙනවද? ක්ලීන් ශ්‍රී ලංකා නෑ. අන්තිමට නුවර ගිහිල්ලා දළදා පෙන්නුවා. කක්කා කරලා විනාශ වුණා. මහනුවරක් නැතිවුණා. ඊට පස්සේ මොකද වුණේ? ඊට පස්සේ රණවිරු උත්සවය කළා. ඒ රණවිරු උත්සවයෙත් ගාගත්තා. ඊට පස්සේ මොකක්ද කළේ? ඊට පස්සේ මාලනී ෆොන්සේකාගේ මරණේ. ඒකත් කාගත්තා. අතගහන හැම වැඩේම ෆේල් වෙනවා. අද තියෙන්නේ මොනවද දන්නවද? බ්‍රයිබරි සරණං ගච්ඡාමි. බ්‍රයිබරි එක අල්ලගෙන තමයි අද ආණ්ඩුව දුවන්නේ. උදේට එකෙක් දානවා. හවසට ගිහිල්ලා දානවා. සතියක් තියනවා ඇප දෙනවා. අල්ලස් කොමිසම විතරයි ඕගොල්ලෝ ආණ්ඩුව කරන්නේ ඒගොල්ලෝ පෙන්නගෙන. ඒගොල්ලෝ උදේට ගිහිල්ලා කොහෙන් හරි එකෙක්ව ගේනවා, දානවා වැලිකඩට හරි සී.ආර්.පී. එකට හරි, මැගසින් එකට හරි දාලා ආයෙත් එළියට ගන්නවා. ආයේ සතියකින් දානවා. ඒගොල්ලෝ තමයි මේ කාරිය කරන්නේ. අපි බලමු. හැමදාම ඔය සෙල්ලම් නෑ. හිතාගෙන ඉන්න විදියට හැමදාම කරයි කියලා අපි හිතාගෙන ඉන්නවා.

තේ ශක්ති එකේ වයසක ලොක්කෙක් තේ ෆැක්ටි්‍ර 225ක් වැහුවා කියලා එයාම කියලා එයාම නිවැරැදි කරනවා. ඒ සභාපති කිව්වා මුලින්ම තේ ෆැක්ටි්‍ර 225ක් වැහුවා කියලා. ඊට පස්සේ මිනිහා ආයෙත් වොයිස් කට් එකක් දෙනවා තේ ෆැක්ටි්‍ර 225ක් වැහුවේ නෑ, අහවල් කාලේ වැහුවේ කියලා. දැන් ඉන්නවා මැණික් එකට එක්කෙනෙක් දාලා. මිනිහට අමතක වෙන ලෙඩේ ඩිමෙන්ෂියා. මැණික් එකේ දාලා ඉන්නවා සභාපති කෙනෙක්. ඒ මිනිහට ඩිමෙන්ෂියා. ඒ වගේ මිනිස්සු දාගෙන මේ ආණ්ඩුව කරන්න බෑ මිත්‍රවරුනි.
රටේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක එක්ක මම ඕනේ බෙට් එකක් දානවා මෙතැන ඉන්න කාටවත් ඇවිදින්න බෑ. අපි කාටවත් ජනාධිපතිතුමා එක්ක ඇවිදින්න බෑ. අපිට බෑ. මම පිළිගන්නවා ජනාධිපතිතුමා එක්ක කාටවත් ඇවිදින්න බෑ. එහෙම ජනාධිපති කෙනෙක්ගේ ගෝලයෙක් මේ ඊයේ පෙරේදා නගර සභාවේ කෙහෙල් කඳක් වගේ කඩාගෙන වැටුණා. නගරාධිපති පුදපු ගමන් කාපි යකා කියලා කඩුවෙල දිවුරුම් දීපු දවසේ කඩාවැටුණා. ඒක නිසා ඕගොල්ලන්ට ඕවා කියන කොට දැන් සමහරු කියලා රිවස් කරන්න ඇති. අපි රිවස් කරන්නේ නෑ. අපි බොරු කියන්නේ නෑ. අපි ඇත්ත කියන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ගත්ත වෙලාවේ ඉඳන් ෆේල් වෙලා දැන් මොකක්ද කියන්නේ? දැන් ඉතින් ඔය කොහේ හරි එකෙක් අල්ලලා දාලා හවසට රූපවාහිනියේ දාලා පෙන්නලා දැන් පොඩි චූන් එකක් ගන්නවා. ඕක හැමදාම කරන්න බෑ. වටගල ඇමැතිතුමා චාමර සම්පත්ව ඇතුළට දැම්මේ කතාකරපු ගමන් ආයෙත් බ්‍රයිබරි එකෙන් තව ෆයිල් එකක් හදනවා මට. මම රටේ මිනිස්සුන්ට කියන්නම් ලබන මාසේ ආයෙත් මාව දානවා දානවාමයි. මෙතැන කවුද කතාකරන්නේ, කතාකරන මිනිහා අනිවාර්යයෙන් දානවා. ඒක තමයි මේගොල්ලන්ගේ සිස්ටම් එක. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නෑ. දාගන්න.
සමහර යාළුවෝ මට කියනවා, ‘ඒයි උඹ කතාව නවත්තපං බං ආයෙත් උඹට හිරේ යන්න වෙයි’ කියලා. මං කියනවා ‘පාර්ලිමේන්තුවට ගිහින් මේවා දකිනකොට කොහොමද බං කතා නොකර ඉන්නේ?’ කියලා. මේගොල්ලෝ කෙළින මේ පට්ටපල් බොරු, මේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන සෙතේ? කිසිම සෙතක් වෙලා නෑ දෙයියනේ. අධිකරණ ඇමැතිතුමා ඔයිට වැඩිය වැඩ තියෙනවා කරන්න. මිනිස්සු වෙනුවෙන්. මේක මේ හිරේ දදා ලකුණු අරන් වැඩක් නෑ. ගන්න ඕනේ වෙලාවට ගන්න. ඊයේ කියනවා ජම්පර් අන්දනවලු. මන්ත්‍රීවරියක්. අන්දන්න. අන්දලා ඇතුළට දාන්න. දැන් ජම්පර් අඳින්න ඉන්නවා ගොඩක්. රිළා ඇමැතිට අන්දන්න පුළුවන්. අධිකරණ ඇමැතිට ජම්බර් අපිටත් අන්දන්න පුළුවන්. ඊළඟට කවුද? ඇයි කූට ලේඛන හදපු කතානායක? කෝ ජපානෙන් කොළේ ආවද? පළමු කූට ලේඛන හදපු කතානායකට ජම්පර් අන්දන්න පුළුවන්. අපි අවුරුදු 70ක් දාගත්ත නඩු මාස 6ට දැන් ටික ටික දාගෙන යනවා. මේවා දැන් අපි ලියාගෙන හදාගෙන පිළිවෙළට ඉන්නවා. මොකද මම කියනවා කවදා හරි දවසක වැඩියෙන්ම නඩු කන්නේ වසන්ත සමරසිංහ. වසන්ත සමරසිංහ තමයි බඩුවලට වැඩියෙන්ම සම්බන්ධ මනුස්සයා. අර ටයර් කොම්පැනියේ මිනිස්සු එළියට බැහැලා කිව්වේ ඩීල් වසන්ත කියලා. වැලිගම ටයර් කොම්පැනියේ මිනිස්සු එළියට බැහැලා කිව්වේ මොකක්ද? හැම නාලිකාවකම ගියා. ඩීල් වසන්ත අපිට එපා කියලා කිව්වේ. ඔයා තමයි වැඩියෙන්ම පරිප්පු කන්න බලාගෙන ඉන්න ඕනේ.

ඒ නිසා ජනාධිපතිතුමා ඉතාමත්ම වැදගත් විදියට මේ රට පාලනය කරනකොට ගෝලයේ ටික අනිත් පැත්තෙන් ගිහිල්ලා එතුමාගේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අසාර්ථක විදියට වැඩ කරනවා. ඒක අපි දන්නවා. ඒක රටේ මිනිස්සුත් දන්නවා. අදටත් ඕගොල්ලන්ට ඡන්දයක් හරි තියෙන්නේ ජනාධිපතිතුමා හින්දා තමයි. අනුර කුමාර ජනාධිපතිතුමා ගැන තියෙන විශ්වාසය මත තමයි ජනතාව ඔයගොල්ලෝ ගැන විශ්වාසය තියන්නේ. නැත්නම් ඇමැතිවරු දැන් මේ වෙනකොට මම හිතාගෙන හිටියා සුනිල් හඳුන්නෙත්ති ඇමැතිතුමා, විපක්ෂයේ ඉන්නකොට ලස්සනටම මේ විපක්ෂය හසුරුවපු ඇමැතිවරයෙක්. කෝප් එක, කෝපා එකේ දක්ෂ ලෙස වැඩ පෙන්නපු ඇමැතිවරයෙක්. අපි හිතුවා සුනිල් හඳුන්නෙත්ති ඇමැතිතුමාට මුදල් ඇමැතිකම දෙයි කියලා. හැබැයි අද වෙනකොට ලුනු නෑ. අද වෙනකොට අසාර්ථකම ඇමැතිවරයා බවට සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා පත්වලා තියෙනවා. එතුමාගේ වැඩ කරන මිනිස්සු, නැත්නම් පත්කරලා ඉන්න අයගෙන් වෙනවද කියන්න අපි දන්නේ නෑ.

මම ඉස්සෙල්ලා කතාකළා මොනරාගල දිස්ත්‍රික්කයේ ජයවර්ධන මන්ත්‍රීතුමාට. පැල්වත්ත වැහුවොත්, සෙවණගලට මොනවා හරි වුණොත්, මොනරාගල කොයි වෙලාවෙත් වාමාංශික මිනිස්සු හිටපු දිස්ත්‍රික්කයක්. ලක්ෂ ගානක් මිනිස්සු අද පාරට බහිනවා. මොකද, උක් ගොවියා, වැඩකරන අය. ඒක නිසා පැල්වත්ත සෙවණගලට දාලා තියෙන්නේ කවුද? වැඩකරන්න පුළුවන්ද? කාන්තාවෝ දෙන්නෙක් දාගෙන වොයිස් කට් එකක් දෙනවා මම දැක්කා. වැඩකරන්න පුළුවන් මිනිස්සු දාගන්න කියන්න. අර තේ ශක්ති එකේ සභාපති පළවෙනි දවසේ කියනවා ෆැක්ටි්‍ර 225ක් වහලලු. මාත් පුදුම වුණා. මේ ආණ්ඩුව ඇවිල්ලා මාස 6ට 225ක් වහන්න පුළුවන්ද? මේක මේ 2000 ඉඳන් වහපු ඒවා. ඒ මනුස්සයට කියවෙනවා මේ මාස 6ට කියලා. මේවා බොරු නෙවෙයි. ඕගොල්ලොත් මේවා බලාගන්න. මාස 6ට ෆැක්ටි්‍ර 225ක් වැහුවා කියලා. අපිත් පිළිගන්නවා 2000 ඉඳන් තමයි වැහුණේ. ඒ වගේ සමහර සභාපතිලා. මැණික් එකේ සභාපති අහනවලු ඔයා කවුද, ඔයා කොහෙද කියලා. පැයකින් ගියාම ආයෙත් අහනවලු ඔයා කවුද කියලා. එහෙම මතක නැති මිනිස්සු දාගෙන වැඩ කරන්න බෑ. අපි ඩොලර් මිලියන 2023දී ඩොලර් මිලියන 400ක් හෙව්වා. 2025 පුළුවන් නම් ඩොලර් මිලියන 200ක් හොයලා දෙන්න. ආණ්ඩුවට හොයලා දෙන්න කියලා. මම භාණ්ඩාගාරයට බිලියනයක් දීපු මිනිහෙක් කර්මාන්ත අමාත්‍යාංශයේ ඇමැති වෙලා ඉන්නකොට. ඒ නිසා අපිට අමාරු කාලේ අපි ඒවා කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ පුළුවන් නම් කරන්න. අපි කියන්නේ විපක්ෂයේ ඉන්න මිනිස්සු හිරේ දදා නඩු දදා ඉන්න එක නෙවෙයි. මේ උන්ගෙනුත් මොනවා හරි දෙයක් ගන්න තියෙනවා. මේ මිනිස්සු 100ක් කිව්වොත් අඩුම වශයෙන් 10ක් හරි ඇත්තක් තියෙනවා කියලා පිළිගන්න අපි කියන ඒවා. අපි කවදාවත් ඉරිසියාවට කියන්නේ නෑ. අපි ආණ්ඩුවේ අගමැතිකම් ගන්නේ නෑ. අපි ජනාධිපතිකම් ගන්න නෙවෙයි ඉන්නේ….’

SendShareShare
Previous Post

හොරු ඇල්ලිල්ලෙන් ආණ්ඩුව ඔළුව උස්සගත්තත් යටින් යන අතිභයානක ‘දිය වැළට’ හසුවී ආණ්ඩුව ගහගෙන යයිද? රාජ්‍ය රහස්! Sri Lanka Latest News

Next Post

ලස්සනද? ජීවිතයද? දරුවනි ඇයි මේ ගැන නොහිතන්නේ! Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.