• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිකඩ සිරකරුවන් ඝාතනය! රංජන්ට මරණ දණ්ඩනය! රංගජීව නිදොස් කොට නිදහස්!

January 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වැලිකඩ සිරකරුවන් ඝාතනය! රංජන්ට මරණ දණ්ඩනය! රංගජීව නිදොස් කොට නිදහස්!
Share on WhatsAppShare on Facebook

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් 8දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා එම චෝදනාවට වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (12) මරණීය දණ්ඩනය නියම කර තිබේ.

එම නඩුවේ පළමු විත්තිකරු වූ එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව මහතා අධිකරණය විසින් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

2012 වසරේ නොවැම්බර් මස 09 වන දින පොලිස් විශේෂ කාර්යය බළකාය වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇතිවූ නොසන්සුන්තාවයේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එවකට පොලිස් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක්ද තුවාල ලැබීය.

අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවක මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරුණි.

කෙසේවෙතත් අදාළ සිදුවීමේදී රැඳවියන් 08 දෙනෙකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරාදැමීම, කුමන්ත්‍රණය කිරීම, නීතිවිරෝධි ජන ඒකරාශිය ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් 2019 ජුලි මස 04වන දින සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සිදු කළේය.

ඒ අනුව අදාළ නඩුව වසර 2කට වැඩි කාලයක් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි.

නඩු විභාගය අවසානයේ එහි තීන්දුව ඉකුත් ජනවාරි 06 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද මුද්‍රණ දෝෂ සැකසීමට කාලය අවශ්‍ය හෙයින් තීන්දුව ප්‍රකාශ කිරීම අද දිනය දක්වා කල් තැබුණි.

අද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම ගැටුමේදී සිරකරුවන් 8 දෙනෙකු මරාදැමීමේ චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණි.  

මෙම නඩුවේ විත්තිකරුවෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතාට අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමකරනු ලැබීය.

SendShareShare
Previous Post

බොරැල්ලේ පල්ලියට අත්බෝම්බය ගේන්න අවුරුදු 13ක ළමයෙකුත් යොදාගෙන!

Next Post

ඇමැතිට එරෙහිව අම්පාරේදී දහස් ගාණක් පාරට බහී!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.