අන්තර්ජාලය හරහා වයස අවුරුදු 15ක දැරියක් අලෙවි කිරීමට අදාළව වෙළෙඳ දැන්වීම පළ කළ වෙබ් අඩවිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන ඇත.
මෙම වෙබ් අඩවියේ හිමිකරුවන පානදුරේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඔහු 45 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පැවසේ.
වෙබ් අඩවියේ මුදල් පාලක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (04)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










