ලංකාව මේ ඩොලර් නැති හිඟන තැනින් ගොඩ ගන්න අපට පුළුවන් බව මව්බිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක නිමලන් විශ්වනාදන් මහතා පැවසීය.
ජනාධිපතිවරයාට ලංකාව ගොඩගැනීමේ උවමනාවක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
මහින්දගේ ඡන්දයට ඩයස්පෝරාව වියදම් කළ බව කී ඒ මහතා දෙමළ ප්‍රශ්නය විසදා ගැනීමට දෙමළ දේශපාලඥයන් මේ ප්‍රශ්නය වවාගෙන කන බවද කියා සිටියේය.
විග්නේෂ්වරන් TNA එකෙන් කැඩුවේ අපි බවත්, සුමන්තිරන්ට රාසමාණික්‍යම්ට කැනඩාවේදී හූ කියපු එකත් අපේ වැඩක් බවත් ඒ මහතා කීය.
අපි ගේන සල්ලි හොරකං කරන්නවත් ඇමතිවරුන්ට පගාව දෙන්නවත් නොහැකි බව කී ඒ මහතා එකම කොන්දේසිය එය බවත් කීය.










