රට තුළ අද දවසේ සමාජ මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් රජයක් නොමැති තත්ත්වයක් මත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණය වංචාව ඉහල ගොස් ඇති බවත් අස්වැසුම පෝලිමේ පවා ජනතාවගේ ජීවිත අහිමි වන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය කඩා වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ණය බරින් ජනතාව මිරිකී ඇති මොහොතේ ආණ්ඩුවක් නැති තරමේ හොරකම වංචාව දූෂණය ඉස්මතු වී ඇති බවත් දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවන් තත්ත්වයක් තුළ ජනතාව ඉන්න දුකින් මුදවා ගැනීමට නොහැකි නම් නව වරමක් සදහා යා යුතු බවත් එකී ජන වරම තුළ නව ජාතික ප්‍රතිපත්තියක් තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.
සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බවත් එම නිසා ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දිය යුතුබවත් අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා ස්වෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බවත් රජයට රට ගොඩගන්න බැරි නම් ජන වරමකට යා යුතු බවත් ඒ ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද ගුරු උපදේශකවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ය.










