මුලතිව් වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිදකින් භූමිතෙල් හමුවීමට පටන් ගැනීම නිසා පුදුකුඩීඉරිප්පු පොලීසියේ නිලධාරීන් පිරිසක් 07 දා එම ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්හ කොට තිබේ. (Sri Lanka Latest News)
අධික වර්ෂාවට පසුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිඳේ ජලය ඉවත් කොට පිරිසිදු කිරීමෙන් පසුව ළිඳට අලුතින් එකතු වෙන ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන්නට පටන්ගෙන තිබේ.
මෙම ළිඳේ ජලයෙන් කඩදාසියක් පොඟවා ගින්නට ළංකළ විට ඉතා ක්ෂණිකව ගිනිගන්නා නිසා ඉඩම් හිමියා මේ පිළිබඳ ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය දැනුවත් කොට තිබේ.
පොලිසයේ නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කොට ඇතත් ළිඳේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන ක්‍රමය පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත.
පොලිසිය විශ්වාස කරන්නේ කිසියම් ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් ටැංකියේ සිදුව ඇති හානියක් නිසා මෙම ළිඳට භූමිතෙල් ළඟාවන බවයි.
මේ පිළිබඳ පුදුකුඩිඉරිප්පු පොලිසිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයාව දැනුවත් කොට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර, ළිදෙන් ජලය හෝ භූමිතෙල් ලබාගැනීම අනතුරුදායක නිසා ඒවා ලබාගැනීම තාවකාලිකව තහනම් කොට ඇත.
lankasara










