පියයුරු පිළිකාව හේතුවෙන් වාර්ෂිකව මෙරට කාන්තාවන් 700-800 ත් අතර ප්‍රමාණයක් මියයන බව වාර්තා වේ. (Sri Lanka Latest News)
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ උපදේශක, ප්‍රජා වෛද්‍ය, සුරාජ් පෙරේරා මහතා පවසා ඇත්තේ, වාර්ෂිකව පියයුරු පිළිකා රෝගීන් 5189 දෙනෙකු වාර්තා වන බවයි.
එහි අර්ථය වන්නේ, දෛනිකව අළුතින් පියයුරු පිළිකා රෝගීන් 14 දෙනෙකු හදුනාගනු ලබන බවයි.
වයස අවුරුදු විස්සට වැඩි කාන්තාවන් මාසිකව පියයරු පිළිකා පරීක්ෂාව සිදුකර ගැනීම අතිශයින්ම වැදගත් බව ද වෛද්‍යවරයා පවසා තිබේ.
headlinenews










